×

‘සන්’ පුවත්පතට එරෙහිව ගොනු කළ නඩුවෙන් ජොනී ඩෙප් පරාජයට පත් වෙයි!

ඩෙප් විසින් එන්ජීඑන් වෙත නඩු පවරන්නේ 2018 දී ද සන් පුවත්පතේ පළ වූ කතාවක් නිසා ඔහු “බිරිඳට පහර දෙන්නෙකු” ලෙස හංවඩු ගැසීම නිසාවෙනි. පසුගිය පෙබරවාරි මස අන්තර්ජාලයට නිකුත් වූ හඬ පටයත් සමග ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙසේ නඩු පැවරීය.


 

ජො​නී ඩෙප් විසින් එන්ජීඑන් වෙත නඩු පවරන්නේ 2018 දී ද සන් පුවත්පතේ පළ වූ කතාවක් නිසා ඔහු “බිරිඳට පහර දෙන්නෙකු – wife beater” ලෙස හංවඩු ගැසීම නිසාවෙනි. පසුගිය පෙබරවාරි මස අන්තර්ජාලයට නිකුත් වූ හඬ පටයත් සමග ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙසේ නඩු පැවරීය.

සති තුනක නඩු විභාගයෙන් මාස තුනකට පසුව, විනිසුරු නිකොල් තීන්දු කර ඇත්තේ, ඩෙප් හිටපු බිරිඳ ඇම්බර් හර්ඩ්ට ඔවුන්ගේ සම්බන්ධතාවය අතරතුර අවම වශයෙන් එක් අවස්ථාවකවත් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බවට ද සන් පුවත්ප​ත වාර්තා කිරීම සාධාරණීකරණය කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවයි.

ද සන් පුවත්පත ඔවුන්ගේ විධායක කර්තෘ ඩෑන් වූටන් විසින් 2018 අප්‍රේල් මාසයේදී පුවත්පත් තීරු ලිපි පෙළක් එළි දැක්වේ අතර එහි මාතෘකාව ලෙස සඳහන් වූයේ “”Gone Potty: How can JK Rowling be ‘genuinely happy’ casting wife beater Johnny Depp in the new Fantastic Beasts film?” යන්නයි.

හොලිවුඩ් තරුව තමා කිසිදු ආකාරයකින් හර්ඩ්ට එරෙහිව ප්‍රචණ්ඩකාරීව හැසිරී නැති බව පවසමින් පුවත්පත විසින් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

එක්සත් රාජධානි අධිකරණය විසින් ද සන් පුවත්පත් ප්‍රකාශයට පත් කළ මෙම ලිපි පෙළ හේතුවෙන් ඩෙප්ට ඔහුගේ කීර්ති නාමයට සිදුවූ “බරපතල හානිය” පිළිබදව ඔප්පු කිරීමට සිදුවූ අතර, සන් ප්‍රකාශක ප්‍රවෘත්ති කණ්ඩායමට ඔවුන් විසින් වාර්තා කරන ලද ලිපි වල සත්‍යතාවයේ බව ඔප්පු කිරීමට සිදුවිය.

ප්‍රායෝගිකව, සාමාන්‍ය හානි සඳහා ඩොලර් 415,000 ක සීමාවක් ඇත, කෙසේ වෙතත් “උග්‍රවන” සාධක සඳහා අමතර වන්දි එකතු කළ හැකිය.

ඩෙප්ගේ කණ්ඩායම විසින් උපුටා දක්වන ලද එවැනි එක් සාධකයක් වූයේ සන් සිය වෙබ් අඩවියේ දීර්ඝ කාලීන ලෙස මෙම පුවත් ලිපිය ප්‍රචාරය කිරීමයි.

ඩෙප්ගේ ප්‍රකාශයට එරෙහිව එන්ජීඑන් 2013 මුල් භාගයේ සිට 2016 මැයි දක්වා කාලය තුළ ගෘහස්ථ හිංසනය පිළිබඳ වෙනම චෝදනා 14 ක් පිලිබද ලිපි ඉදිරිපත් කර ඇත.

චෝදනා එල්ල වී ඇති කරුණු අතර, බොස්ටන් සිට එල්ඒ දක්වා පෞද්ගලික ගුවන් ගමනක් පිළිබදව සදහන්ව ඇති අතර, එහිදී ඩෙප් වැසිකිළියට යාමට පෙර හර්ඩ්ට කම්මුලට ගසා පයින් ගැසූ බව කියැවේ. “disco bloodbath” ලෙස නම් කරන ලද සටනක් මේ පිලිබදව වන අතර, හර්ඩ් කියා ඇත්තේ මේ නිසා ඇයට දින 3ක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාණ ඇපකරුවකු ලෙස හිදීමට සිදුවූ බවයි.

ඩෙප්ගේ පර්ශවය කියා සිටියේ හර්ඩ් විසින් ඩෙප්ට පහර දී ඇති බවයි. මෙයට අදාල හඩපටද ඉදිරිපත් කර තිබුණි.

සති තුනක මහාධිකරණ නඩු විභාගය ලොව පුරා අවධානයට ලක් වූ අතර ඩෙප් සහ හර්ඩ් යන දෙදෙනාම ප්‍රංශයේ සහ ඇමරිකාවේ පිහිටි ඔවුන්ගේ නිවෙස්වලින් බැහැරව තාවකාලිකව මධ්‍යම ලන්ඩනයේ උසාවියට ​​පැමිණ සිටියහ.

නඩු විභාගය අතරතුරදී, ඩෙප් විසින් අධික ලෙස බීම හා මත්ද්‍රව්‍ය භාවිතා කිරීම පිළිබඳව අධිකරණයට දන්වන ලද අතර, ඔහු විසින හිටපු බිරිඳ “මායාකාරියක්” ලෙස හදුන්වා ඇයව කියවා ඇයව පුළුස්සා දැමීමට යෝජනා කරන වීඩියේ හා, ඔහු මුළුතැන්ගෙයි කබඩ් වලට පහර දෙමින් ඒවා විනාශ කරන වීඩියෝද අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

ලබා දුන් සාක්ෂි හේතුවෙන් හානි වූයේ ඩෙප්ගේ චරිතයට පමණක් නොවේ.එහිදී 34 හැවිරිදි හර්ඩ්ට එලොන් මස්ක් සහ නළු ජේම්ස් ෆ්‍රැන්කෝ වැනි ඉහළ පෙළේ පුද්ගලයන් සමඟවිවාහයට පිටින් තවත් සබඳතා ඇති හෙළි විය. නමුත් හර්ඩ් එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

සබැදි පුවත්,

ජොනී ඩෙප්ගේ අපහාස නඩු විභාගයේදී කෙඳිරිලි හඬ නඟන ශ්‍රව්‍ය පටයක් අධිකරණයට ඉදිරිපත් කෙරේ

සැබෑ අපයෝජකයා ජොනී ඩෙප් නොව ඩෙප් අපයෝජකයකු බව ලොවට කෑගැසූ ඇම්බර් හර්ඩ් ය!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි