×

සල්මන් රුෂ්ඩි කෙමෙන් සුව අතට

ප්‍රහාරයෙන් පසුව, රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නවකතාකරුගේ එක් අතක ස්නායු බිඳී, අක්මාවට හානි වී ඇති අතර, ඇසක් අහිමි වීමට ඉඩ ඇති බවයි. ඔහු කෘතීම ස්වසන උපකරණ ආශ්‍රයෙන් සිටි අතර මේ වන විට ඒවා ඉවත් කර ඇති බවත්, රුෂ්ඩි කෙමෙන් සුව අතට පත් වන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.


ලෝකප්‍රකට ලේඛක ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි මහතා පසුගිය දා නිව්යෝර්ක් ප්‍රාන්තයේ පැවති උත්සවයකට සහභාගි වෙමින් සිටියදී පසුගිය සිකුරාදා (12) ප්‍රහාරයට ලක්වූ අතර ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවිය. ප්‍රහාරයෙන් පසුව, රෝහල් ආරංචි මාර්ග පැවසුවේ නවකතාකරුගේ එක් අතක ස්නායු බිඳී, අක්මාවට හානි වී ඇති අතර, ඇසක් අහිමි වීමට ඉඩ ඇති බවයි. ඔහු කෘතීම ස්වසන උපකරණ ආශ්‍රයෙන් සිටි අතර මේ වන විට ඒවා ඉවත් කර ඇති බවත්, රුෂ්ඩි කෙමෙන් සුව අතට පත් වන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 24 හැවිරිදි Hadi Matar මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවට වරද පිළිගෙන ඇති අතර, මේ වන විට ඔහු ඇප නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ඔහු රුෂ්ඩි මහතාගේ මුහුණට, බෙල්ලට සහ උදරයට අවම වශයෙන් 10 වතාවක් පිහියෙන් ඇනීමේ චෝදනාවට ලක්ව ඇත. මෙම පුද්ගලයාගේ සමාජ මාධ්‍ය ගිණුම් සමාලෝචනය කිරීමෙන් ඔහු ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRG) හේතූන් කෙරෙහි අනුකම්පා කරන බවට කරුණු වාර්තා වී ඇත.

1988 දී The Satanic Verses ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වසර 10 කට ආසන්න කාලයක් නවකතාකරුවාට සැඟවී සිටීමට සිදු විය. බොහෝ මුස්ලිම්වරු එයට දැඩි කෝපයෙන් ප්‍රතිචාර දැක්වූ අතර, මුහම්මද් නබිතුමාගේ නිරූපණය ඔවුන්ගේ ඇදහිල්ලට බලවත් අපහාසයක් බව තර්ක කළහ. පොත නිකුත් වී වසරකට පසු ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනි රුෂ්ඩි මහතාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි අතර  රුෂ්ඩිගේ හිස වෙනුවෙන් ඩොලර් මිලියන 3ක ත්‍යාගයක් ප්‍රකාශයට පත් කර තිබිණි.

 

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි : සුප්‍රකට සාහිත්‍යධර ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි පිහි ඇණුමකට ලක් වේ.

සුප්‍රකට සාහිත්‍යධර ශ්‍රීමත් සල්මන් රුෂ්ඩි පිහි ඇණුමකට ලක් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි