පෙනෙන්නට තිබෙන්නේ ලිතුවේනියාව විසින් ට්රප්ම්ව පූර්වාදර්ශයක් බවට පත් කරගෙන ඇති බවයි.
ලිතුවේනියා අගමැතිනි ඉන්ග්රිඩා සිමොන්ටේ පැවසුවේ මෙමගින් සිය රට හරහා යුරෝපා සංගමයට ඇතුල් වීමට උත්සාහ කරන අයට වැඩ වරදිනු ඇති බවයි.
ලිතුවේනියාව මේ දේශසීමා තාප්පය ගැසීමට අදහස් කරන්නේ ලිතුවේනියාව සහ බෙලරුස් රාජ්‍යය අතර ය. ලිතුවේනියාව සහ අසල්වැසි බෙලරුස් රාජ්‍යය අතර දැනට තිබෙන්නේ සවිමත් යකඩ කම්බිවලින් තනන ලද දේශසීමා බාධකයකි. එය සැතපුම් 420 ක් දක්වා විහිදේ. ලිතුවේනියානු නායකයන් පෙන්වා දෙන්නේ බෙලරුස් හි සිට පළා ආ විරුද්ධ මත දරන දේශපාලකයන් රැසක් ලිතුවේනියාවේ ජීවත් වන බවයි.
ජූනි මාසයෙන් පසුව මේ දක්වා බෙලරුස් හි සිට නීතිවිරෝධී සංක්‍රමණියන් 1044 ක් පමණ සිට රටට පැමිණ ඇති බව ලිතුවේනියාව පෙන්වා දෙයි. 2020 වසරේදී මුළු වර්ෂය සඳහාම එම සංඛ්‍යාව 81 ක් පමණක් විය. මේ අනුව නීති විරෝධී සංක්‍රමණිකයන් මර්දනය සඳහා ලිතුවේනියාවට පසුගිය සතියේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට සිදු විය.
ලිතුවේනියාව, සාමාජිකයන් 27 දෙනෙකුගෙන් සමන්විත යුරෝපා සංගමයේ එක් සාමාජිකයෙකු වන අතර, යුරෝපා සංගමයේ ‘බාහිර සීමාව‘ ලෙස ලිතුවේනියාව සලකයි. ලිතුවේනියාවේ ජනපතිවරයා වන්නේ ඒකාධිපතියෙකු ලෙස සැලකෙන ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය.
පසුගියදා විසම්මුතික මාධ්‍ය වේදියෙකු සහිත රයන්එයා ගුවන්යානාවක් බලෙන් හරවා වෙනතකට ගෙන යාම සම්බන්ධයෙන් ද දැඩි දෝෂදර්ශනයට ලක් වූ රටකි.
ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සරණාගතයන් සහ සංක්‍රමණිකයන් ගැන නැවත නැවතත් මෙසේ කියා ඇත.
‘‘කවුරුහරි හිතනව නම් අපි පෝලන්තය ලැට්වියාව සහ යුක්රේනය අතර තියෙන දේශසීමා වහල දාලා ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව සහ ටියුනීසියාව වගේ රටවල්වලින් පළා එන අයට කඳවුරක් බවට පත් වේවි කියලා, ඒ අයට වැරදිලා!‘‘
මේ ප්‍රකාශය, ට්‍රම්ප් ගේ මුස්ලිම් විරෝධී සහ සංක්‍රමණික විරෝධී ප්‍රකාශ සමග අතිශයින්ම සමාන ය.
පෙර ලිපි
ආණ්ඩුව වහනවා – හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තාප්පය හදනවා – ට්‍රම්ප් කියයි
බයිඩන් පැරිස් දේශගුණික සම්මුතිය සමග නැවත එක්වෙයි – තාප්පය නතර වෙයි – මුස්ලිම් තහනමත් ඉවතට!