×

සීක් බෙදුම්වාදී අම්රිට්පාල් සිං අත්අඩංගුවට

ඔහුගේ ව්‍යාපාරය 1980 ගණන්වල බෙදුම්වාදී කැරැල්ලක් සහ දහස් ගණනක් මිනිසුන් මරා දැමූ පන්ජාබයේ මර්දනයේ මතකයන් නැවත ගෙන ආවේය.


වෙනම සීක් නිජභූමියක් සඳහා වන ඛලිස්තාන් ව්‍යාපාරය ඉදිරියට ගෙන යමින් සිටි සීක් දේශකයෙනු වන අම්රිට්පාල් සිං අත්අඩංගුවට ගෙන ඇති බව පන්ජාබ් පොලිසිය ට්විටර් හරහා තහවුරු කර තිබේ.

30 හැවිරිදි අම්රිට්පාල් සිං මාසයකට වඩා වැඩි කාලයක් නීතියේ රැහැණින් පලා ගිය අතර අවසානයේ පංජාබිහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දීය පොලීසිය සමත්ව ඇති අතර මෙම ස්වයං දේශකයාට එරෙහිව මිනීමැරීමට තැත් කිරීම සහ පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

මොහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිල්ලිය, පන්ජාබ්, හර්යානා, උත්තර් ප්‍රදේශ් සහ උත්තර්කාන්ද් ප්‍රාන්ත ඇතුළු උතුරු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක් පුරා පැතිර ගිය අතර එහිදී ඛලිස්තාන් ව්‍යාලාරයේ නියැලුණු ආධාරකරුවන් බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පිරිස ඇසෑම් ප්‍රාන්තයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයකට යවනු ඇති බවයි.

ඛලිස්තාන් ව්‍යාපාරයට සම්බන්ධ අයෙකු පසුගිය මාර්තු මාසයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ අම්රිට්පාල් සිං ඇතුළු ආධාරකරුවන් සිය ගනනක් පොලිස් ස්ථානයකට කඩා වැදී සිය ආධාරකරුවා බේරා ගැනීමත් සමඟ සිං ප්‍රසිද්ධ වූ අතර එතැක් සිය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් විය. ඔහුගේ ව්‍යාපාරය 1980 ගණන්වල බෙදුම්වාදී කැරැල්ලක් සහ දහස් ගණනක් මිනිසුන් මරා දැමූ පන්ජාබයේ මර්දනයේ මතකයන් නැවත ගෙන ආවේය.

අම්රිට්පාල් සිං අත්අඩංගුවට ගැනීමත් සමඟ කැනඩාව ලන්ඩනය හා සැන් ෆැන්ෆ්රැන්සිස්කෝහිදී, ඛලිස්තාන් හිතවාදී ආධාරකරුවන් ඉන්දීය කොන්සල් කාර්යාලයන්ට හානි කරමින් මොහු නිදහස් කරන ලෙස විරෝධතාවයන් පවතිවන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

සශිකලා මධුෂාණී_

වැඩිදුර කියවීම් සඳහා: පංජාබයේ සික් රාජ්‍යක් නිර්මාණය කිරීමේ උත්සහයක්; අන්තර්ජාල තහනමක් පැනවේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි