×

මංගල සැමරුම

සූසන් සේවය කරන අවන්හලට ෆ‍්‍රෑන්ක් පැමිණෙන්නේ පින්බෝල් සෙල්ලම් කිරීම සඳහා ය. ‘රත්තා’ ඒ ඇය ඔහුට යෙදූ අන්වර්ථ නාමයයි. ඉඳහිට ඔහු සමඟ වදනක් හුවමරු කර ගන්නා සූසන් නැවතත් වැඩට බසියි.


මම එයාව කවදාහරි කසාද බඳිනවා. ෆ්‍රෑන්ක් විශ්වාසයෙන් යුතුව කියයි. ‘‘අනිවාර්යෙයන් ම ඔබ එහෙම කරයි. ‘‘

එවිට බාර්ටෙන්ඩර්යා සිනාසෙමින් කියයි. ඇය මෙහෙ වැඩ කරන්නෙ හුඟ කාලෙක ඉඳන්. මම නම් දැකලා නැහැ එක දවසක්වත් ඇය එළියට එනවා. කොහොම වුණත් සුබ පැතුම්! සූසන් තරුණ වැන්දඹුවක හා තනි මවක ලෙස ජීවත් වෙමින් සිටියාය. ඈ තමා ගැන සිතන අවසන් දෙය විය යුත්තේ තවත් පිරිමියෙක් සමඟ සම්බන්ධයක් ඇතිකර ගැනීමයි.

නමුත් ෆ‍්‍රෑන්ක්ගේ අහිංසක ප්‍රාර්ථනාව හරි ගියේය. ඒ පළමු දිනයේම ඔහු ඇගේ පමණක් නොව ඇගේ දියණියගේ ද හදවත සොරාගන්නට සමත් වීමයි.

විවාහයට පෙරාතුව අසීරු සමයන් ගත කිරීමට ඔවුන්ට සිදු වුණා. ෆ‍්‍රෑන්ක් සොල්දාදුවකු වූයෙන් සූසන් නැවත වරක් තනි මවකගේම චරිතයේ කොටු කර දමා විදෙස් රටවල නෞකා සංචාර සඳහා ගියේය. දැන් සූසන්ට තවත් දියණියක් සිටියි.

ෆ‍්‍රෑන්ක් අවන්හලේ ඔවුන් හමු වූ ප්‍රථම දිනය සැමරුමක් සේ මතකයේ තබා ගත්තේ ය. හමුවන කා හට වුවත් ඒ කතාව රසකරමින් කීවේය. ඔහු සිය බිරිඳට හැබෑවටම ආලය කළ පුරුෂයෙකි. පහළොස්වැනි මංගල සැමරුම විශේෂ දිනයක් විය. ෆ‍්‍රෑන්ක් මා හට ඇරියුම් කළේ එහි පැමිණි ඇය වෙනුවෙන් සුන්දර මල් සැකැසුමක් සූදානම් කරන ලෙස කියන්නටය. ඔවුහු සිය ජීවන බැඳුම නැම්කර ගත්හ. ෆ‍්‍රෑන්ක් අලුත බැඳපු මනාලයකු සේ පල්ලියේ දේව මෙහෙයෙන් පසු ඇගේ අත ගෙන නර්තනයේ යෙදුණේ ය. අහා! කෙබඳු නම් උත්සවයක් ද එය.

එකී අසිරිමත් දිනය ගෙවී ගිය වහාම ෆ‍්‍රෑන්ක් අසනීප විය. නමුත් ඔහු කොයිකාටවත් මද සිනා පෑවේය. සූසන් හට දිගටම ආලය කළේ ය. ෆ‍්‍රෑන්ක් කිසිවක් ගැන පැමිණිලි මැසිවිලි කරන අයෙකු නොවේ. දැඩි දේව භක්තියකින් යුතු හේ දෙවියන් සමඟ එක්වන දිනය – නුදුරක බව දැන සිටියේය. මාස කිහිපයක් ගිලන්ව දුක්විඳි ඔහු සිතූ ලෙසම දෙවියන් සමඟ එක්විය.

ඒ දයාබර මිත්‍රයාට අවසන් ගෞරව දැක්වීමට ආ පිරිසෙන් ශාලාව පිරී ඉතිරී ගියේය. දේවගැතිවරයා ෆ‍්‍රෑන්ක්ගේ යහ ගුණ පිළිබඳ කදිම විස්තරයක් කළේ ය. මිය යාමට සතියකට පෙර තමා හමුවට එන ලෙස ෆ‍්‍රෑන්ක් දේවගැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබිණි. “ඔහු එදා මට විශේෂ දෙයක් දුන්නා”. දේවගැතිවරයා සූසන් සමීපයට ගියේය. පින් බෝල් ක්‍රීඩාවේදී යොදා ගන්නා කුඩා ලෝහ කැබැල්ලක් ඔහුගේ අත තිබිණි.

“ඔබ දන්නවද ඔබලා දෙදෙනාගේ පළමු හමුවීම ගැන මේ සංකේතය හැමදාම ඔහු ළඟ තිබුණා. මේක අද ඔබට දෙන්න කියා ඔහු මට කිව්වා. මේක ගන්න. ඔහු හැමදාම ඔබ එනතෙක් පින්බෝල් යන්ත්‍රය ළඟ බලාගෙන ඉන්නවා! දේවගැතිතුමා කීවේය.

chicken soup for the Grieving soul ඇසුරෙනි

පෙර ලිපි මෙතැනින් කියවන්න..

හිරු එළියක් සේ

බොනීගේ වාරය

මම හැමවිටම ඔබ දෙස බලා සිටිමි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි