×

‘නොනැසී පැවතීම යනු ජයග්‍රහණයයි, එකමුතුකම යනු ජයග්‍රහණයයි.’ – ෂී ජින්පින්

COVID-19 එරෙහි සටනේදී චීනය පෙර නොවූ විරූ දුෂ්කරතා සහ අභියෝග ජයගෙන ඇති බවයි.


සෙනසුරාදා අලුත් අවුරුදු උදාව සනිටුහන් කරමින් රූපවාහිනී දේශනයකදී චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ප්‍රකාශ කර තිබුණේ COVID-19 එරෙහි සටනේදී චීනය පෙර නොවූ විරූ දුෂ්කරතා සහ අභියෝග ජයගෙන ඇති බවයි. දැනට, වසංගත වැළැක්වීම සහ පාලනය නව අදියරකට පිවිසෙමින් ඇති හෙයින්, එකමුතුව අපි වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කටයුතු කළ යුතු බවත්, නොනැසී පැවතීම යනු ජයග්‍රහණය බවත් එකමුතුකම යනු ජයග්‍රහණය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබිණි.


චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය ඉවත් කර සති තුනකට අනතුරුව ජනාධිපතිවරයා මෙලෙස ප්‍රසිද්ධ මාධ්‍ය හරහා සිය අදහස් හෙළි දැක්වූ අතර ඔහු මෙහිදී විශේෂයෙන්ම වසංගතය පැතිර ගිය දා සිට වෛද්‍ය නිලධාරීන්, බිම් මට්ටමේ කම්කරුවන් හා ජනතාව විවධ දුෂ්කරතාවලට මුහුණ දුන් බවත්, ඔවුන් ඒවා ධෛර්ය සම්පන්නව විඳදරාගත් බව ප්‍රකාශ කරමින් ඔවුන්ට ස්තූති කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ‌බොහෝ විශ්ලේෂකයන් ප්‍රකාශ කර තිබුණේ, චීනය සිය ශුන්‍ය-COVID ප්‍රතිපත්තිය වෙනස් කර ආසාදන රැල්ල සමඟ කටයුතු කරන ආකාරය අවුල් සහගත බවත්, මෙය ගංවතුර වෙනුවෙන් රට විවෘත කර මිලියන සිය ගණනකගේ ජීවිත අනතුරක හෙළීමක් වන බවයි.

සශිකලා මධුෂාණී_

සබෑඳි පුවත් : චීනය Covid-19 පිළිබඳ දත්ත හෙළිකළ යුතුයි- ලෝක සෞඛ්‍ය සංවිධානය

චීනයෙන් පැමිණෙන අමුත්තන් සඳහා එක්සත් ජනපදයේ කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි