×

ලීක් වුණු කෑලි සමඟ කරළියට ආ Deadpool 3 හි යටගියාව!

Deadpool 3 යනු Marvel Studios සහ Maximum Effort විසින් නිෂ්පාදනය කරන ලද සහ Walt Disney Studios Motion Pictures විසින්බෙදාහරින ලද Marvel Comics චරිතය Deadpool මත පදනම් ව ඉදිරියේදී ඔබ හමුවට එන්න ලෑස්ති වෙන ඇමරිකානු සුපර් හීරෝ චිත්‍රපටයකි. එය Marvel Cinematic Universe (MCU) හි 34 වන චිත්‍රපටය සහ Deadpool (2016) සහ Deadpool 2 (2018) හි අනුප්‍රාප්තික […]


Deadpool 3 යනු Marvel Studios සහ Maximum Effort විසින් නිෂ්පාදනය කරන ලද සහ Walt Disney Studios Motion Pictures විසින්බෙදාහරින ලද Marvel Comics චරිතය Deadpool මත පදනම් ව ඉදිරියේදී ඔබ හමුවට එන්න ලෑස්ති වෙන ඇමරිකානු සුපර් හීරෝ චිත්‍රපටයකි.

එය Marvel Cinematic Universe (MCU) හි 34 වන චිත්‍රපටය සහ Deadpool (2016) සහ Deadpool 2 (2018) හි අනුප්‍රාප්තික නිමැවුමකි. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ෂෝන් ලෙවී විසින් වන අතර තිර රචනය Rhett Reese සහ Paul Wernick මෙන්ම Zeb Wells, Ryan Reynolds සහ Levy යන අයගේ ලේඛන කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ.

Rayan Reynolds විසින් Wade Wilson. හෙවත් Deadpool ලෙස සිය රංඟනයෙන් දායක වන අතර මීට අමතරව Hugh Jackman, Morena Baccarin, Brianna Hildebrand සහ Jennifer Garner මේ සඳහා තම රංඟන හැකියාවෙන් දායක වේ.

Deadpool 3 හි උද්යෝගය වැඩි වෙමින් පවතින මොහොතක එහි රූගත කිරීම් අතරතුර දර්ශන කිහිපයක් සමාජමාධ්‍ය ඔස්සේ සංසරණය විය. රසිකයන්මේ වන විට සැබවින්ම කතා කරන්නේ Ryan Reynolds සහ Hugh Jackman ගැනය. වුල්වරින් සහ ඩෙඩ්පූල් ලීක් දර්ශනවල ඔවුන් දෙදෙනා දක්නට ලැබීම මේ කතා බහට හේතු විය.

Maxblizz
Beebom

මෙයින් අදහස් කරන්නේ 2017 ලෝගන් හි තාක්‍ෂණිකව මිය ගිය වුල්වරින් ලෙස හියු නැවත ගෙන එන ආකාරයට චිත්‍රපටයට මිනිසුන් නැවත ගෙන ඒමට හැකි බවයි. ඔහු මෙන්ම, චිත්‍රපටය බොහෝ X-Men සාමාජිකයින් නැවත ගෙන ඒමට යන අවස්ථාවක් මෙන්ම අවසානයේ Fantastic Four වෙත මග පාදනගමනකට විය හැක. Marvel චිත්‍රකතාවල X-Men ලා Avengers ලා ඔක්කොම අතර එකිනෙකාට ලොකු බැඳීමක් තිබුනත් සමාඟම් දෙකක හුටපටය නිසාවුව ද දැන් වනවිට එම සමාඟම් දෙක එක් වී ඇති බැවින් ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමේ පුරුක ලෙස Deadpool යොදා ගැනීම මෙම නිර්මාණයට පාදකය විය.

marvel

X-Men චිත්‍රපටි Marvel චිත්‍රකතාවල එන චරිත වුනාට 20th Century Fox සමාගම යටතේ නිමවූවක් හෙයින් Marvel Cinematic Universe වෙතඔවුන්ව සම්බන්ධ කර නොතිබිණි. එයට හේතුව Marvel Cinematic Universe අයිති Disney සමාගම ට වීමත් Disney සමාගම 20th Century Fox 2019 වසරේ පවරා ගත් පසුව X-Men ල ව Marvel Cinematic Universe එක ඇතුළට රිංඟවා ගැනීමේ ප්‍රයත්නයට ප්‍රවේශ මාර්ගයක් ලෙස ඩෙඩ්පූල් යොදා ගෙන ඇති බව කිව හැක.

Twitter හි වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නවතම වීඩියෝවට අනුව, Deadpool 3 හි Hugh Jackman සහ Ryan Reynolds එකිනෙකා සමඟ සටන් කරන අතර බොහෝ අයගේ අවධානයට මතුවුන කරුණ වන්නේ පසෙකින් ෆොක්ස් ලාංඡනය වැටී ඇති අයුරු එහි දක්නට ලැබීමයි. ඉන් උපකල්පනයකළ හැක්කේ ඩෙඩ්පූල් විසින් එක්ස්මෙන් ලා මාවල් සිනමැටික් යුනිවර්ස් එකට ගන්න ඕන නිසා ෆොක්ස් සමාගම විනාස කරා විය හැකියි යන අදහසක්.

“ෆෝත් වෝල්” ගැන ඔබ අසා ඇති. මෙම ෆෝත් වෝල් ආරම්භ වූයේ රඟහලින් වන අතර, එහි සඳහන් වන්නේ වේදිකාවේ ඉදිරිපස ඇති මනඃකල්පිත බිත්තිය ප්‍රේක්ෂකයින් සහ රංගන ශිල්පීන් වෙන් කිරීමයි.



වඩාත්ම ප්‍රසිද්ධ ෆෝත් වෝල් බිඳහෙලන්නන්ගෙන් එක් අයෙක් වන්නේ ඩෙඩ්පූල් ය. ඔහු බොහෝ විට හාස්‍යජනක පැත්තක් රසිකයන්ට ලබා දෙමින් පාඨකයාට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ අදහස් දැක්වීමට කැප වී සිටී. කැමරාවට මුහුණ දෙමින් ප්‍රේක්ෂකගාරය සමඟ සංවාදාත්මක රසාස්වාදයක් ලබා දීමටඑහිදී ඔහු සමත් වෙයි.

මේ අලුත්ම කිචි කිචියත් සමඟින් Deadpool 3 එනකන් ඔබ නොයිවසිල්ලෙන් බලා සිටිනවා නොඅනුමානය. 2024 දී හමුවෙමු!!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි