×

ආසියාවේ සමහර ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වය ජීවත්වීමේ තර්ජන ඇති කරයි

දිගු කාලීන ප්‍රක්ෂේපණයන් පෙන්වා දෙන්නේ 2050 වන විට තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකර්මාන්තය, ආර්ථිකය සහ මහජන සෞඛ්‍ය පද්ධති මත පෙර නොවූ විරූ විශාල බරක් පටවන බවයි.


ඉන්දියාවට බලපාන ලද අධික උෂ්ණත්වය හේතුවෙන් ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ ජාතියේ මිලියන ගණනක් දෙනා විශාල අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 47 (ෆැරන්හයිට් 116) දක්වා ඉහළ ගිය අතර, බිහාර් ප්‍රාන්තයේ උෂ්ණත්වය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 44 දෙනෙකු තාපය ආශ්‍රිත රෝගාබාධවලින් මිය ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

නවදිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් 104) ඉක්මවා අඛණ්ඩව දින හතක් උෂ්ණ තරංගයක් බලපාන ලද අතර, සමහර ප්‍රාන්තවල, තාපය නිසා පාසල් වසා දමා, වගාවන්ට හානි වූ අතර, බලශක්ති සැපයුමට පීඩනයක් එල්ල කළ අතර, නිලධාරීන් නිවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්,අනතුරු අඟවා තිබිණි.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට (IMD) අනුව ඉදිරි දින කිහිපය තුළ උෂ්ණත්වය තරමක් සිසිල් වනු ඇතැයි අපේක්ෂා කරන අතර දේශගුණික විශේෂඥයින් පවසන්නේ දේශගුණික අර්බුදය අනාගතයේදී නිතර නිතර හා දිගු තාප තරංග ඇති කරන බවයි.

එමෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව දේශගුණික අර්බුදයෙන් දරුණු ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන රටවල් අතර ඉන්දියාව ද සිටින අතර එය රට පුරා බිලියන 1.4 ක ජනතාවකට බලපෑම් කළ හැකි බවයි.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය විසින් අප්‍රේල් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද දිගු කාලීන ප්‍රක්ෂේපණයන් පෙන්වා දෙන්නේ 2050 වන විට තාප තරංග හේතුවෙන් ඉන්දියාවේ කෘෂිකර්මාන්තය, ආර්ථිකය සහ මහජන සෞඛ්‍ය පද්ධති මත පෙර නොවූ විරූ විශාල බරක් පටවන බවයි.

මීට අමතරව ඊසානදිග චීනයේ ද උෂ්ණත්වය ඉදිරි දිනවලදී ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතර බීජිං, ටියැන්ජින්, හයිබෙයි, ෂැන්ඩොං ආදී ඇතැම් නගරවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 (ෆැරන්හයිට් 104) ට වඩා ඉහළ යනු ඇතැයි එරට කාලගුණ නිරීක්ෂණාගාරය නිවේදනය කර තිබේ.

පාකිස්ථානයේ අගනුවර වන ස්ලාමාබාද්හිද උෂ්ණත්වය පසුගිය සතියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 (ෆැරන්හයිට් 102) දක්වා ඉහළ ගිය අතර, පාකිස්ථානයද දේශගුණික අර්බුදයෙන් පීඩා විඳින රටවල් අතර ඉහළින්ම සිටියි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි