×

ජාවාහි දූපතේ සෙමේරු ගිනිකන්ද සක්‍රිය වේ. අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ.

ඉන්දුනීසියාව පැසිෆික් "ගිනි වළල්ල" මත පිහිටා ඇති හෙයින් එහි භූ තැටි ගැටෙන අතර නිතර ගිනිකඳු ක්‍රියාකාරකම් මෙන්ම භූමිකම්පා ඇති කරයි.


ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙමේරු ගිනිකන්ද සක්‍රිය වී ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ විද්‍යාත්මක උපද්‍රව අවම කිරීමේ මධ්‍යස්ථානයේ (PVMBG) විසින් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති අතර අවට ප්‍රදේශවල පුද්ගලයන් 2000කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබේ. ගිනි කන්ද පුපුරා යාමත් සමඟ මෝසම් වැසි සමඟ ගිනිකඳු අළු මිශ්‍ර වී අවට ගම්මානවලට ඇද හැලෙමින් තිබූ අතර නිවෙස් හා දේපළ වලට මෙන්ම අවම වශයෙන් ගම්මාන හයකට පමණ මෙමඟින් හානි සිදුවිය හැකි බවද අපේක්ෂා කෙරේ.


සෙමේරු ගිනිකන්ද පිපිරීමෙන් පසු ජපානය සිය දකුණු දිග දූපත් සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් කාලගුණ විද්‍යාඥයන් පැවසුවේ උදම් වෙනස් වීමක් දක්නට නොලැබුණු බවයි.


මහා ගිනිකන්ද නමින් හැඳින්වෙන මෙම ගිනි කන්ද ජාවාහි උසම ගිනි කන්ද වන අතර එය අඩි 12,060 උසින් යුක්ත වේ. එය අවසන් වරට මීට වසරකට පෙර පුපුරා ගිය අතර එමඟින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය යන ලදි. ඉන්දුනීසියාව පැසිෆික් “ගිනි වළල්ල” මත පිහිටා ඇති හෙයින් එහි භූ තැටි ගැටෙන අතර නිතර ගිනිකඳු ක්‍රියාකාරකම් මෙන්ම භූමිකම්පා ඇති කරයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි