×

නන්මඩෝල් ජපානයට පෙර නොවූ විරූ ආපදාවන් ඇති කරයි.

සුළි කුණාටුව හේතුවෙන් මිලියන නවයක පමණ ජනතාවකට කියුෂු, ෂිකෝකු සහ චුගෝකු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත.


ජපානයට බලපෑ දරුණුතම සුළි කුණාටුවෙන් රට මේ වන විට බැට කමින් සිටියි. මේ වන විට නන්මඩෝල් සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් 90කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. එය ඊයේ දිනයේදී බලාපොරොත්තු වූ ලෙසම කියුෂු දූපතට පහර දීම ඇරඹු අතර ඉදිරි දින කිහිපය තුළ ප්‍රධාන දූපත වන හොන්ෂු හරහා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට නිවාස 350,000 කට ආසන්න සංඛ්‍යාවකට විදුලිය විසන්ධි වී ඇති අතර ප්‍රවාහනය සහ ව්‍යාපාර අඩාල වී ඇත. රට ගංවතුර හා නාය යෑම් වලට මුහුණ දෙමින් ඇත. නන්මඩෝල් පැයට කිලෝමීටර් 234 (පැයට සැතපුම් 145) දක්වා තද සුළං ගෙන ඇති අතර සමහර ප්‍රදේශවලට පැය 24 තුළ මිලිමීටර් 400 (අඟල් 16) වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.


ජපානයේ ගුවන්විදුලි සංස්ථාව නිවේදනය කර තිබුණේ කුණාටුව බදාදා වන විට මුහුදට ගමන් කිරීමට පෙර නැගෙනහිර දෙසට හැරී ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු හරහා ගමන් කරනු ඇති බවයි. කුණාටුව හේතුවෙන් මේ වන විට තෝකියෝ අගනුවරට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවද වාර්තා වේ.


ජපානයේ ආපදා අනතුරු ඇඟවීමේ ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් Kagoshima, Miyazaki, Oita, Kumamoto සහ Yamaguchi ප්‍රදේශවල පුද්ගලයින් 500,000 කට වැඩි පිරිසක් සඳහා නිකුත් කර ඇත.එමෙන් ම මිලියන නවයක පමණ ජනතාවකට කියුෂු, ෂිකෝකු සහ චුගෝකු ප්‍රදේශවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇත. අගමැති ෆුමියෝ කිෂිඩා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේ දේශනය පැවැත්වීමට නියමිත නිව්යෝර්ක් වෙත සංචාරය කිරීම අඟහරුවාදා දක්වා ප්‍රමාද කර ඇති අතර ඔහු කුණාටුවේ බලපෑම පිළිබඳ නිරීක්ෂණය කරන බව පැවසේ.

විද්‍යාඥයන් විසින් මෙම වසර ඉතා සක්‍රිය සුළි කුණාටු තත්වයක් පුරෝකතනය කර ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය (IPCC) පවසා ඇත්තේ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස නිවර්තන සුළි කුණාටු ගෝලීය වශයෙන් වැඩිවනු ඇති බවයි.

සශිකලා මධුෂාණී



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි