×

තාලිම් සුළි කුණාටුවට චීනය හා වියට්නාමය සූදානමින්

චීනයේ ගුවැන්ඩොං හා හයිනාන් පළාතින් 230,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර වියට්නාමයේ 30,000 පමණ පිරිසක් අවධානම් කළාප වලින් ඉවත් කර ඇත.


පැයට කිලෝමීටර් 136.8 ක සුළං වේගයක් ඇති වසරේ සිව්වන සුළි කුණාටුව වන තාලිම් සුළි කුණාටුව අද රාත්‍රියේදී ගුවැන්ඩොං පළාතේ සිට හයිනාන් පළාත දක්වා චීනයේ දකුණු වෙරළ තීරයට හා වියට්නාමයේ Quang Ninh සහ Hai Phong පළාත්වලට ඇතුළු වීමට නියමිත බව චීන කාලගුණ විද්‍යා පරිපාලනය නිවේදනය කර තිබේ.

මේත් සමඟ අධික වර්ෂාව, ගංවතුර, තද සුළං පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇති අතර චීනයේ ගුවැන්ඩොං හා හයිනාන් පළාතින් 230,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර වියට්නාමයේ 30,000 පමණ පිරිසක් අවධානම් කළාප වලින් ඉවත් කර ඇත.

චීන බලධාරීන් විසින් මේ වන විට වෙරළබඩ මාර්ග වසා දමා ඇති අතර ගලවා ගැනීමේ යාත්‍රා 11 ක්, හෙලිකොප්ටර් පහක්, ගැලවීමේ නැව් 46 ක් සහ හදිසි ගලවා ගැනීමේ කණ්ඩායම් අටක් කුණාටුවට ප්‍රතිචාර දැක්වීම සඳහා සූදානම් කර ඇත.

වියට්නාම අගමැති Pham Minh Chinh ඉරිදා අගභාගයේදී ඇති විය හැකි ගංවතුර ගැන අනතුරු අඟවමින් ගලවා ගැනීමේ සහ සහන කටයුතු සඳහා සූදානම් වන ලෙස වියට්නාමයේ ආපදා ප්‍රතිචාර කමිටුව වෙත නියෝග කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි