×

දකුණු කොරියාවේ නාය යෑම් හේතුවෙන් හත් දෙනෙකු මරුට

මේ වන විට 7,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යොමුකර ඇත.


දකුණු කොරියාවවේ උතුරු චුංචියොන් පළාතට බලපාන ලද ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් සහ වේල්ලක් පිටාර ගැලීම හේතුවෙන් හත් දෙනෙකු මියගොස් තිදෙනෙකු අතුරුදහන්ව ඇති බව අභ්‍යන්තර හා ආරක්‍ෂක අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

පළාත් බලධාරීන්ට අනුව, මේ වන විට 7,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යොමුකර ඇති අතර කොරියා රේල් රෝඩ් කෝපරේෂන් පැවසුවේ සියලුම මන්දගාමී දුම්රිය සහ සමහර බුලට් දුම්රිය නවත්වන බවත්, නායයෑම්, මාර්ග ගංවතුර සහ ගල් වැටීම් ආරක්ෂාවට තර්ජනයක් වන බැවින්, මන්දගාමී ක්‍රියාකාරිත්වය හේතුවෙන් අනෙකුත් බුලට් දුම්රිය ප්‍රමාද විය හැකි බවත්ය.

පවතින ව්‍යසනය සම්බන්ධයෙන් අගමැති හන් ඩක්-සූ, හමුදාවට නියෝග කර තිබුණේ රජයේ නිලධාරීන් සමඟ කටයුතු කරමින්, ගලවා ගැනීමේ ක්‍රියාකාරකම්වලට ක්‍රියාකාරීව සම්බන්ධ වන ලෙසයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි