×

තලෙයිබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයෙන් භාගයක් අල්ලාගනිද්දී ඇමරිකාව නැවතත් පහර දෙයි

ඇමරිකානු හා නේටෝ හමුදාවේ වැඩි කොටස ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වීමත් සමග තලෙයිබාන් සටන්කාමීන් මේ වන විට ඇෆ්ගනිස්ථානයේ දිස්ත්‍රික්ක 419 අතරින් හරි අඩකටත් වඩා නැවත අල්ලා ගෙන තිබේ.


මේ අතර, ඇමරිකානු බෝම්බ ප්‍රහාරක යානා තලෙයිබාන් මර්මස්ථාන වෙත පහර දීම ආරම්භ කර ඇත.

ඇමරිකාවේ ප්‍රධාන අණදෙන නිලධාරී ප්‍රකාශිකාව ද මේ බව සනාථ කර ඇත.

ජනාධිපති ජෝ බයිඩන් විසින් කන්දහාර් සහ සෙසු පළාත්වල බලග්‍රහණය වැඩි කර ගනිමින් සිටින තලෙයිබාන් සටන්කාමීන්ට එරෙහිව B-52 බෝම්බ ප්‍රහාරක යානා සහ AC-130 වර්ගයේ Spectre යානා යෙදවීම නියෝග කර ඇති බව ද වාර්තා වේ.

ඇමරිකාව, සිය භටයන්ගේ පූර්ණ ඉවත් කර ගැනීමක් අගෝස්තු 31 වන විට සිදුකරන බව ප්‍රකාශ කළත්, මේ අන්දමින් නැවත මැදිහත් වීමක් සිදු කර තිබෙන්නේ මිත්‍ර හමුදාවේ ආරක්ෂාව සඳහා බව විදෙස් වාර්තා පවසයි.

පසුගිය දිනවල තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රහාර දැඩි කරමින් ප්‍රධාන නගර අල්ලා ගැනීමත් සමග ඇමරිකාවේ ඉතිරිව සිටින භටයන් ඉවත් කර ගැනීම ද කඩිනම් කර ඇත.

මේ අතර, හැකි ඉක්මනින්, වාණිජ ගුවන් යානාවලින් ඇමරිකාව බලා යන ලෙස, කාබුල් නුවර පිහිටා ඇති ඇමරිකානු තානාපති කාර්යාලය ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙයි.

පෙර ලිපි

‘‘මම තවත් පරම්පරාවක් යුද්දෙට යවන්නෙ නෑ‘‘ : ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම පිළිබඳ ජෝ බයිඩන්ගේ ඓතිහාසික කතාව

20 වසරක් සපිරූ, තලෙයිබාන්වරුන්ගේ සංස්කෘතික සංහාරය – බාමියන් බුදු පිළිම



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි