×

Update: දකුණු අප්‍රිකානු ප්‍රචණ්ඩත්වයෙන් මිය ගිය සංඛ්‍යාව 72 දක්වා ඉහළට

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය (ඇපාතෙයිඩ්) අවසන් වීමෙන් පසු ගත වූ වසර 27 තුළ වාර්තා වන දරුණුම ප්‍රචණ්ඩත්වය මේ වන විට රටේ ඔඩු දුවමින් පවතියි.


ඒ, හිටපු ජනපති ජේකබ් සූමා සිරගත කිරීමත් සමග ය.

ඊයේ දිනය වන විට මරණ ගණන අද වන විට මරණ 72 ක් දක්වා ඉහළ නැග තිබේ.

දකුණු අප්‍රිකාව පුරාම කඩසාප්පු කොල්ල කමින් ඒවා ගිනි තබන රැල්ලක් මේ වන විට පැතිර යමින් ඇත.

කෝවිඩ්-19 වසංගත තත්වය තුළ දුප්පත්කම ඉහළ ගොස් තිබීම විසින් මෙම ප්‍රචණ්ඩත්වයන් උසි ගන්වා ඇති බව වාර්තා වේ.

2021 පළමු කාර්තුව තුළ දකුණු අප්‍රිකාවේ විරැකියා ප්‍රතිශතය ද වාර්තාගත 32.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව වාර්තාවක් තබමිනි.

කොල්ලකෑම් සහ සිවිල් අසහනය අවසන් කිරීම සඳහා ආණ්ඩුව සියලු මැදිහත් වීම් සිදුකරමින් සිටින බව ජනපති සිරිල් රැම්පෝසා පවසයි. ගතවූ දින කිහිපය තුළ පුද්ගලයන් 1,234 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් ව තිබේ.

(AP Photo/Andre Swart)

මේ වන විට මෙම ප්‍රචණ්ඩත්වයන්, සූමාගේ උපන් ගම වන ක්වාසුලු-නටාල් පළාතේ සිට ජොහැනස්බර්ග් දක්වාම පැතිර ගොස් ඇත.

සූමාට එරෙහිව නැගුණු දූෂණ චෝදනා ගණනාව, නිදහසින් පසු දකුණු අප්‍රිකාව නීතියේ ආධිපත්‍යය ගොඩනැංවීමට අසමත් වූ බවට කදිම නිදසුනකි. සූමා පසුගිය සතියේ පොලිසියට භාරවූයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට නිකුත් කර තිබූ වරෙන්තුව නොතකා බොහෝ කාලයක් නිදැල්ලේ සිටීමෙන් පසුව ය. ඔහුට නියම වී තිබූ මාස 15 ක සිර දඬුවම ක්‍රියාත්මක වීම ඇරඹීමත් සමග ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් මෙන් පැතිර යන්නට පටන් ගත්තේය.

පෙර ලිපි

සූමා සිරගත කිරීමත් සමග දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි

සූමා සිර ගත කිරීමත් සමග දකුණු අප්‍රිකාවේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙයි

 

හිටපු දකුණු අප්‍රිකානු ජනපති සූමා, හිරබත්කෑමේ සූදානමින් පොලිසියට බාර වෙයි.

හිටපු දකුණු අප්‍රිකානු ජනපති සූමා හිරබත් කෑමේ සූදානමෙන් පොලිසියට බාර වෙයි

හිටපු දකුණු අප්‍රිකානු ජනපති ජේකොබ් සූමා ට මාස 15 ක සිර දඬුවමක්

දකුණු අප්‍රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමාට මාස 15 ක සිර දඩුවමක්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි