×

Agnetha ගේ ‘Where Do We Go From Here?’ හි නිල දර්ශනපටය නැරඹීමට දැන් ඔබටත් අවස්තාව!

“hope you love the video as much as i do” ABBA හි තරුවක් වන Agnetha Fältskog ඇයගේ නවතම ගීතය වන Where Do We Go From Here? හි වීඩියෝ පටය Youtube හි මුදාහරිමින් මෙසේ පැවසීය. ඊට ප්‍රතිචාර වශයෙන් බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇයට එකඟ වෙමින් තම අදහක් පල කර තිබුණි. 73 හැවිරිදි Agnetha, පසුගිය සතියේ ප්‍රථම […]


“hope you love the video as much as i do”

ABBA හි තරුවක් වන Agnetha Fältskog ඇයගේ නවතම ගීතය වන Where Do We Go From Here? හි වීඩියෝ පටය Youtube හි මුදාහරිමින් මෙසේ පැවසීය.

ඊට ප්‍රතිචාර වශයෙන් බොහෝ රසික රසිකාවියන් පිරිසක් ඇයට එකඟ වෙමින් තම අදහක් පල කර තිබුණි.

73 හැවිරිදි Agnetha, පසුගිය සතියේ ප්‍රථම වරට දියත් කරන ලද ඇයගේ තනි ගීතය වන Where Do We Go From Here? හි ඇයගේ ජීවිතය සහ වෘත්තියේ අංග ඇතුළත් සජීවිකරණ වීඩියෝව මෙලෙස එළි දක්වා ඇත.

ට්‍රයම්ෆ් ස්පිට්ෆයර් මෝටර් රථය වීඩියෝවේ ඇයගේ ජීවිතය පිළිබඳ යම් සිද්ධීන් මෙන්ම 1960 ගණන්වල ඇය සතු වූ මෝටර් රථයේ නිශ්චිත අනුරුවක් වනඅතර, ඇය එවකට සිටි ජෝන්කොපින්ග් නිවස සහ ABBA හි ගීත පටිගත කළ ස්ටොක්හෝම් අතර නිතර නිතර එය පදවා ඇති බව ද සඳහන්.

සටහන – නිපුනි ලියනගේ

ඡායාරූප: අන්තර්ජාලය

සැබැඳි පුවත්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි