×

නිව් යෝර්ක් සහ සිංගප්පූරුව ලෝකයේ ජීවන වියදම් ඉහළම නගර ලැයිස්තුවේ ඉහලින්ම

ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම මේ වසරේ 8.1% කින් ඉහළ ගොස් ඇත.


Economist Intelligence Unit (EIU)හා වාර්ෂික ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලෝකයේ ජීවන වියදම් ඉහළම නගර ලෙස නිව්යෝර්ක් සහ සිංගප්පූරුවයි වාර්තා වී තිබේ.

ලෝකයේ විශාලතම නගරවල සාමාන්‍ය ජීවන වියදම මේ වසරේ 8.1% කින් ඉහළ ගොස් ඇති බව EIU සමීක්ෂණ වාර්තා කරන අතර EIU විසින් ලොව පුරා නගර 172කින් නිෂ්පාදන සහ සේවා 200කට අධික සංඛ්‍යාවක් හරහා තනි පුද්ගල මිල ගණන් 400කට වඩා සංසන්දනය කළ බව සඳහන් වේ.

එක්සත් ජනපදයේ ඉහළ උද්ධමනය නිව් යෝර්ක් ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්වීමට එක් හේතුවක් වූ අතර ලොස් ඇන්ජලීස් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ ද ඉහළම නගර 10 අතර විය.

පර්යේෂණයට නායකත්වය දුන් උපාසනා දත් පැවසුවේ යුක්රේනයේ යුද්ධය, රුසියාවට බටහිර සම්බාධක සහ චීනයේ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්ති සැපයුම් දාමවල ගැටලු ඇති තර ඇති අතර එය, ඉහළ යන පොලී අනුපාත සහ විනිමය අනුපාත මාරුවීම් සමඟ ඒකාබද්ධව, ලොව පුරා ජීවන වියදම් අර්බුදයකට තුඩු දී ඇති බවයි.
මේ අනුව ලොව ජීවන වියදම් ඉහළම නගර ශ්‍රේණිගත කිරීම් පිළිවෙලින් මෙලෙසය.


1 = නිව් යෝර්ක්

1 = සිංගප්පූරුව

3 = ටෙල් අවිව්

4 = හොංකොං

4 = ලොස් ඇන්ජලීස්

6 = සූරිච්

7 = ජිනීවා

8 = සැන් ෆ්රැන්සිස්කෝ

9 = පැරිස්

10 = සිඩ්නි

10 = කෝපන්හේගන්

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි