×

කළු සුදු භේදය පවා උඩු යටිකුරු කළ ඒ rock-n-roll ගීත කෝකිලාවිය – Tina Turner

"Rock 'n' Roll" රැජින යන අන්වර්ථනාමයෙන් ප්‍රසිද්ධියට පත් ඇය නමින් Tina Turner!


“Rock ‘n’ Roll” රැජින යන අන්වර්ථනාමයෙන් ප්‍රසිද්ධියට පත් ඇය නමින් Tina Turner වේ. 1939 වසරෙහි නොවැම්බර් මස 26 වන දින උපත ලද ඈ ඇමරිකාවේ උපන් ස්විට්සර්ලන්ත ආභාසයෙන් යුත් අග්‍රගන්‍යයේ ගායිකාවකි. අවාසනාවකට ඇයගේ වියෝව ඉකුත් මැයි 24 වන දා සිදු වූයේ දෙනෝදාහකගේදුක්දොම්නස් මධ්‍යයේ ය. තරුවක් මෙලෙස මිලිනව ගියත් ඇයගේ මතකාවලෝකනය හැමදාමත් රසිකයන්ගේ ඉස්මුදුනින්ම දරනවා නොඅනුමාන ය.

Cleveland

ඉතින් Tina Turner අපි ඔබ ගැන ප්‍රේක්ෂකයාට මෙලෙස හැඳින්වීමක් කරමු…

Tina Turner, 1957 දී Ike Turner’s Kings of Rhythm සමඟින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළාය. Little Ann යන නාමයෙන් ඇය 1958 දී ඇයගේ පළමු වාර්තාව වන “Boxtop” හි පෙනී සිටියාය. 1960 වසරෙහි දී ඇය Tina Turner ලෙස ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් වුයේ “A Fool in Love” ගීතයෙනි.

Ike සහ Tina Turner යුගලය “ඉතිහාසයේ වඩාත්ම බලගතු සජීවී ක්‍රියාමාලාවන් ඉදිරිපත් කරන්නන් බවට පත් විය. ඔවුන් 1976 දී විසුරුවා හැරීමට පෙර”It’s Gonna Work Out Fine”, “River Deep – Mountain High”, “Proud Mary” සහ “Nutbush City Limits” වැනි ගීත නිර්මාණ ප්‍රේක්ෂකයාට ලබා දීමට සමත් විය.

Tina සංගීත ඉතිහාසයේ විශිෂ්ටතම නැවත පැමිණීමක් සමඟින් 1980 දශකය වර්ණවත් කළාය. ඇයගේ 1984 multi-platinum ඇල්බමයෙහි “What’s Love Got to Do with It” යන ජනප්‍රිය ගීතය අඩංගු විය, එය Grammy සම්මානය දිනාගත් අතර Billboard Hot 100 හි ඇයගේ පළමු සහඑකම අංක එකේ ගීතය බවට ද පත්විය. වයස අවුරුදු 44 ක් වන විට ඇය Hot 100 හි ඉහළින්ම සිටි වයස්ගතම ඒකල කාන්තා ගීත කෝකිලාවිය විය. “Better Be Good to Me”, “Private Dancer”, “We Don’t Need Another Hero (Thunderdome)”, “Typical Male”, “The Best”, “I Don’t Wanna Fight” සමඟින් ඇයගේ ජනප්‍රියත්වය දිගටම පැවතුනි. එපමණක් නොව ඇයගේ තනි රංගනයක් සඳහා වැඩිම මුදලක් ගෙවන ප්‍රේක්ෂකාගාරයක් (180,000 පමණ) සතුවෙමින් ගිනස් ලෝක වාර්තාවක් ද පිහිටුවීය.

ඇය ගැයුමෙන් පමණක් නොව රැඟුමෙන් ද දස්කම් පෑ අයෙකි. Tommy (1975) සහ Mad Max Beyond Thunderdome (1985) චිත්‍රපටවල ද ඇයතම රංඟනයෙන් දායකත්වය ලබා දුනි. I, Tina: My Life Story ඇයගේ ස්වයං චරිතාපදානය සහිත නිර්මාණයයි.

amazon

Grammy සම්මාන රාශියකට උරුමකම් කී ඇගේ දක්ෂතාවය ගැනනම් ප්‍රශ්න කිරීමටවත් දෙයක් නැත. ඇය රෝලිං ස්ටෝන් හි කවරයේ සිටි පළමු කළු කලාකරුවා සහ පළමු කාන්තාව විය. කළු? ඇයි මේ කළු සුදු භේදයක් ඇමෙරිකාව වගේ රටවල මේ කළු සුදු භේදය බහුලව දක්නට ලැබෙනවා.. ඊට අභියෝග කරමින් Tina තමන්ටම ආවේණික තත්ත්වයක් නිර්මාණය කරගන්නට සමත් වූ අයෙක්..රෝලිං ස්ටෝන් විසින් ඇයව සර්වකාලීන ශ්‍රේෂ්ඨතම කලාකරුවන් 100 දෙනා අතරට සහ ශ්‍රේෂ්ඨතම ගායිකාවන් 100 දෙනා අතරට ශ්‍රේණිගත කරන්නට විය.

ඇය ෆ්ලොයිඩ් රිචඩ් බුලොක් සහ ඔහුගේ බිරිඳ සෙල්මා ප්‍රිසිලාගේ (නී කියුරිගේ) බාල දියණියයි. මේ පවුල ජීවත් වූයේ ටෙනසිහි නට්බුෂ් හි ආසන්න ග්‍රාමීය පරිසරයක වන අතර, ඇය කුඩා කල සිටම තම පවුලේ අය සමඟ කපු නෙළීම සිදු කළාය. ඇයට සොයුරියන් දෙදෙනෙක් ද විය. දෙවන ලෝක සංග්‍රාමයේදී ආරක්ෂක මධ්‍යස්ථානයක සේවය කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන් ටෙනසිහි නොක්ස්විල් වෙත සංක්‍රමණය වූ විට සහෝදරියන් තිදෙනා වෙන් විය. එපමණක් නොව ඇය සිය ස්වයං චරිතාපදානයෙහි සඳහන් කර ඇත්තේ ඇගේ දෙමාපියන් ඇයට ආදරය නොකළ බවත් ඇයව ඔවුන්ට අවශ්‍ය නොවූ බවත්ය. මාපිය සෙනෙහස අහිමි වීමම කෙතරම් දුක්ඛිතද?


Tina Turner ගේ පෞද්ගලික ජීවිතය දෙස හැරී බැලීමේ දී ඇඟේ පළමු ආදරය නමින් Harry Taylor ය. ඒ ඇගේ පාසල් ප්‍රේමයේ රස විඳින සමයයි. පසුව Raymond hill ඇයගේ ආදරය විය… නමුත් Tina පවසන්නේ ඇය ටේලර් ට තරම් ඔහුට ආදරය කළේ නැති බවත්, ඔහුහේ ලස්සන පෙනුම නිසා ඇයගේදරුවා පවා ලස්සන වේ යැයි සිතුන නිසා ඔහුට ලන් වූ බවයි. නමුත් ඇය සින්ගල් පේරන්ට් කෙනෙක් වෙලයි නතර උනේ..

Ike Turner ගේ පෙම් පලහිලව්ව පසුව ආරම්භ විය. ඒත් ඒක හැපි එන්ඩින් එකක් තිබ්බ ලස්සන ආදර කතාවක් වුනේ නම් නැහැ.

Insider

ඔවුන්ගේ සම්බන්ධය දිගටම කරගෙන යාමට Tina ට අවශ්‍ය නැති බව පැවසුවත් ඔහු ලී සපත්තු ස්ට්‍රෙචරයකින් ඇගේ හිසට පහර දීමෙන් ඊට ප්‍රතිචාර දැක්වීය. මෙම සිදුවීම ඔස්සේ ඔහු ඇය තුළ “බිය ඇති කළ” පළමු අවස්ථාව බව Tina Turner සිහිපත් කළ අතර ඇය ඇත්තටම ඔහු ගැන සැලකිල්ලක් ආදරයක් දැක්වූ නිසා ඇය ඔහු සමඟ සිටීමට තීරණය කළාය. 1960 ඔක්තෝම්බර් මාසයේදී ඔවුන්ගේ පුත් රොනී උපත ලැබීය.

කෙසේ වෙතත් Tina හෙළි කළේ Ike ඔවුන්ගේ විවාහය පුරාවටම අපවාදාත්මක සහ අසභ්‍ය ලෙස හැසිරුණු බවත්, එය 1968 දී ඔහු Valium පෙති අධික ලෙස පානය කර සියදිවි නසා ගැනීමට තැත් කිරීමට හේතු වූ බවත්ය. ඇය තම විවාහ දිවිය පිළිබඳ හැඳින්වූයේ එය බියකරු සසරක ස්වභාවය පෙන්නුම් කළමිහිපිට අපායක් ලෙස විය හැක.

Tina Ike හැර යාමට තීරණය කළාය. ඇය සමථයකට පත් කළ නොහැකි අන්දමේ සිදුවීම් මත දික්කසාදය ගොනු කළ අතර ඇය ඇයගේ දික්කසාදයෙන් ඉල්ලා සිටියේ මසකට ඩොලර් 4,000ක දීමනාවක්, ඩොලර් 1,000ක ළමා ආධාරයක් සහ ඇගේ පුතුන් වන Craig සහ Ronnie ගේභාරකාරත්වය යි. මෙවැනි තාඩණ පීඩණ වලින් පිරුණු ජීවිතයට නව පණක් ගන්න ඇය මෙලෙස තම වෙර වීර්‍යය කැප කර තිබේ. ඇය බංකොළොත් වූවත්වසර දෙකකට ආසන්න කාලයක් ඇය ආහාර මුද්දර ලබා ගනිමින් තම බඩ ගෝස්තරය රැක ගත් අතර ණය ගෙවීම සඳහා කුඩා සමාජ ශාලා වල ගැයුවාය.

පසුව ජීවිතයට කවුරු ආවා ගියත් ඇය නොවිදිය යුතු දුක් ගැහට විදි ගැහැනියකි. ජීවිතයේ කොතරම් බාධා හැලහැප්පීම් ආවත් Tina Turner කියන යකඩගැහැනියට ඕනි දෙයක් ඔට්ටුයි කියන තැන ඇය සිටීමම භාග්‍යයකි. මෙතරම් ප්‍රශ්න එන ඕනෑම අයෙකු එක්කෝ මත්ද්‍රව්‍ය ලෝලියෙක්, නැතිනම් මානසිකරෝගියෙක්, එසේත් නැතිනම් කාම ලෝලියෙක් ආදී වීමට පුලුවන. නමුත් ඇය දිරිය මවක්, සොයුරියක් මෙන්ම ආදර්ශමත් කාන්තාවකි.

මේ යන ගමන් මගේ ඇයගේ අඹ යහළුවා සිහිපත් කළ යුතුමය. ඕනෑම අයෙකුට තම ජීවිතයේ දුක සතුට බෙදා ගන්නට තව විශ්වාසවන්ත හිතක් අවශ්‍ය ය. Cher ඇයගේ ගජ මිතුරියයි. දෙන්නා එකම මාවතක අවුරුදු 50ක් පමණ වූ මිතුරු ඇසුරක් සමඟින් මේ ගිය ගමන් මඟ හරිම සුන්දර විය. Tina ගේවියෝවෙන් පසුව ද ඒ පිළිබඳ Cher මතකාවර්ජනයක් කිරීමට අමතක නොකළාය.

Cher පැවසුවේ ඇය Tina ව දැන හැඳින ගන්නේ Ike Turner සමඟ විවාහ වූ දා පටන් බවත් ඇය අවසන් වරට Tina වෙත ඇගේ ස්විට්සර්ලන්ත නිවසට ගිය අවස්ථාවේදී, ඇය විශේෂ තෑග්ගක් ඇයට දුන් බවත් එම තෑග්ග සපත්තු යුගලයක් බවත් දුක්මුසු ස්වභාවයෙන් Cher පැවසීය.

Cher තව දුරටත් කියා සිටියේ Tina අසනීපයෙන් පසු වූවත් සතුටින් ජීවිතය ගත කළ අයෙක් බවයි. ඇයගේ රෝගයට ඇය බියක් නොදක්වා එයට සූදානම්ව සැමවිටම සිනහවෙන් සිටි අයෙක් බවත් Cher පැහැදිලි කරන්නට විය.

What’s Love Got to Do with It (1993) යනු ටීනා ටර්නර්ගේ ජීවිතය පදනම් කරගත් ඇමරිකානු චරිතාපදාන චිත්‍රපටයක්. Brian Gibson විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Kate Lanier විසින් රචනා කරන ලද, Tina ගේ 1986 ස්වයං චරිතාපදානය පාදක කරගනිමින් මෙම නිර්මාණය සැකසිනි. එහිTina ලෙස Angela Bassett සහ ඇයගේ අපවාදාත්මක සැමියා වන Ike Turner ලෙස Laurence Fishburne රංගනයෙන් දායක වේ. මෙහි දී Tina ගේ චරිතයට පණ පෙවූ Angela Bassett කියා සිටියේ ආදරය, දයාව සහ නිදහස පිරුණු සුන්දර අනාගතයක් කෙබඳු විය යුතුද යන්න බියෙන් ජීවත් වූ අන් අයට ටීනා ටර්නර් මනාව පෙන්වා දුන් බවයි.

Los angeles times

Angela පණ දුන් Tina ගේ කතාව පිළිබඳ ටීනා දැක්වූයේ ද හරිම හැඟුම්බර ප්‍රකාශයක්!

“‘ඇය ​​පරිපූර්ණයි කීවොත් මම නිවැරදියි, ඔබ කිසි විටෙකත් මාව අනුකරණය කළේ නැත. ඒ වෙනුවට, ඔබ ඔබේ ආත්මයෙන් ගැඹුරට ගොස්, ඔබේඅභ්‍යන්තර ටීනා සොයාගෙන, ඇයව ලෝකයට පෙන්වූවා,” Tina පැවසීය. එය ඇයට ගෞරව කළාක් මෙන් දැනුන බව ද ඇය පැවසීමට අමතක නොකළාය.

ඇයගේ වටිනාකම කෙතෙක් කීවත් නිමකළ නොහැක. එතරම් අග්‍රගන්‍යයේ මැණිකක් කීවොත් මා නිවැරදිය. කෙතරම් බාධක ආවත් Tina Turner යනබ්‍රෑන්ඩ් එක පලුදු කිරීමට කිසිවකටත් නොහැකි විය. ආයේ Tina Turner කෙනෙක් මේ මිහිපිට බිහි නොවනවා විය හැක. නමුත් ඇයගේ නාමය සදා අමරණීයවේ. තවත් Tina කෙනෙක්ට පණක් දෙන්න දැන් කාලයේ අපට සිටින්නේ Beyoncé පමණි. එම බලාපොරොත්තුවත් සමඟින් අපි Tina Turner ගේ මතකය මෙසේ පොදි කරගෙන සිටිමු!



සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි