×

යුද්ධය මැද ධාන්‍ය අපනයනයට විතරක් යාලු වෙලා තරහා වෙලා ආයෙත් අපි යාලුයි?

එක්සත් ජාතීන් යුක්රේනයේ ධාන්‍ය අපනයන ගිවිසුම හැඳින්වූයේ බලාපොරොත්තුවේ ආලෝකය ලෙසයි... නමුත්..


අප්‍රිකානු රටවලට ධාන්‍ය අපනයනය කිරීම සඳහා තමා යුක්රේන ජනපති වොලොදිමිර් සෙලෙන්ස්කි සමඟ සාකච්ඡා කළ බව තුර්කි ජනපති තයිප් අර්දොගන් ඊයේ (02) දින මාධ්‍ය වෙත පවසා තිබේ.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ, යුක්රේන ධාන්‍ය පළමුව ජිබුටි, සෝමාලියාව සහ සුඩානයට යැවිය යුතු බව රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කර තිබෙන පසුබිමකය.

රුසියාව යුක්රේන ධාන්‍ය අපනයන ගිවිසුමට අනුව යළි කටයුතු කරන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, තුර්කි ජනපතිවරයා තුර්කි ගුවන්සේවයක් වන ATV වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙන්නේ, ජර්මනියේ චාන්සල්වරයා වන ඔලාෆ් ෂොල්ස් මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය වෙනස්කරගෙන ඇති බවත්, දැන් රුසියානු ජනපති ව්ලැදිමිර් පුටින් සමඟ නිසි අවබෝධයක් ඇතිකර ගත යුතු බව හෙතෙම පැවසූ බවත් ය.

රුසියානු – යුක්රේන යුධමය තත්ත්වය තුළ යුක්රේනයේ වරාය ඔස්සේ එරට ධාන්‍ය අපනයනය කිරීම අවහිර කිරීම හරහා ගෝලීය වශයෙන් මතුවූ ආහාර අර්බුදය හමුවේ රුසියාවට ප්‍රභල විවේචන එල්ල වූ අතර, පසුව මේ සම්බන්ධයෙන් එකඟතාවයකට එළඹීමට රුසියාව කටයුතු කර තිබිණි.

ඒ අනුව, කළු මුහුද හරහා වෙළඳ කටයුතුවලට පිටත්කර හරින යුක්රේනයේ නෞකාවලට ප්‍රහාර දියත් කිරීමට කටයුතු නොකරන බවට රුසියාව පොරොන්දු වූ අතර, ගෝලීය ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් යුක්රේන ධාන්‍ය අපනයන ගිවිසුමක් තුර්කි ජනපති තයිප් අර්දොගන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් ගේ මැදිහත්වීමෙන් යුතුව යුක්රේනය හා රුසියාව අතර එළඹෙන ලදී. මෙම ගිවිසුම අත්සන් කරනු ලැබුවේ ඉකුත් ජූලි 22 වන දින තුර්කියේ ඉස්තාන්බුල්හි ය.

ගෝලීය ආහාර අර්බුදය මැද මෙය බලාපොරොත්තුවේ ආලෝකයේ ගිවිසුමක් බවට එක්සත් ජාතීන් ද හඳුන්වා දී තිබුණ ද, පසුව යුක්රේනයේ වරාය අසලට එල්ලකළ ප්‍රහාර කිහිපයක් හමුවේ රුසියාව එම ගිවිසුම උල්ලංඝනය කළ බවට ද තොරතුරු වාර්තා විය.

කෙසේනමුත්, ඉන් අනතුරුව යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීම කළු මුහුද හරහා සිදුවූ අතර, මෙහි පළමු තොගය යැවුනේ සාගින්නෙන් පෙළෙන අප්‍රිකානු රටවලට ය.

යුක්රේන ධාන්‍ය අපනයන ගිවිසුම උල්ලංඝනය කිරීම මත රුසියාව නැවත යුරෝපයේ විශ්වාසය අහිමිකර ගත් අතර, ජර්මානු චාන්සල්වරයා මේ සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කර තිබීම සාධාරණ ය.

සබැඳි පුවත්:



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි