කාලීන

ඇමසන් වැසි වනාන්තරය, තණ බිමක් වීමේ අවදානමක

ඇමසන් වැසි වනයෙන් විශාල භූමි භාගයකට මේ අවසානාවන්ත ඉරණම අත්වීමට නියමිත ය.

ඒ අනුව අවසානයේ සැවනා වර්ගයේ තණ බිමක් බවට පත්වන්නට යන්නේ සුවිශාල උඩු වියනකින් හෙබි, ලෝකයේ ලොකුම හරිත වැස්මයි.

වැසි වනයක් සැවනාවක් වන හැටි

වැස්සේ සහ තෙතමනයේ විවිධ මට්ටම්වලට වැසි වනාන්තර ඉතා සංවේදී ය. එනිසාම, ලැව්ගිනි සහ දීර්ඝකාලිනව ඇතිවන නියං තත්ත්වය නිසා ඒවායේ ශාක අඩු වී අවසාන ප්‍රතිඵලය වන්නේ එය සැවනාවක් බවට පත් වීමයි. ඇමසන් වනයට එම ඉරණම අත්වේ යැයි මීට පෙර ද කියවී තිබුණත්, මේ ක්‍රියාවලිය මෙතරම් ඉක්මනින් ආරම්භ වේ යැයි කිසිවෙකු සිතුවේ නැත.

දැනටමත් 40%ක් තණ බිමක් බවට පත් වීම ඇරඹිලා !

නවතම පර්‍යේෂණ පෙන්වා දෙන ආකාරයට මේ වෙනස්වීම අපේක්ෂිත කාලවකවානුවට වඩා කලින් සිදුවනු ඇත. ඇමසන් වැසි වනාන්තරයේ 40%ක පමණ දැන් ඇත්තේ වැසි වනාන්තරයකට වඩා සැවනා තත්වයක් බව Nature Communications ජර්නලයේ ප්‍රකාශිත අධ්‍යයනයක කියැවේ.

වැසි වනාන්තරයකින් සැවැන්නාවක් වෙත වෙනස් වීමේ දී සම්පූර්ණ විපාකය ම අත්විඳින්නට තවත් වසර ගණනාවක් යනු ඇතත්, එය ඇරැඹි පසු ආපසු හරවන්නට ඉතා අපහසු ය. සැවනා තණ බිමකට වඩා වඩා විශාල සත්ත්ව කොට්ටාශ ප්‍රමාණයකට වැසි වනාන්තර නිවහන සදයි. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණයේ දී ද වැසි වනයකට ළං කිරීමටවත් සැවනා තණ බිමකට හැකියාව නැත.

වෙනස්වන කාලගුණය හේතුවෙන ඇමසන් වැසිවනාන්තරයට දැන් ලැබෙන්නේ ඉතා අඩු මට්ටමක වැසි ප්‍රමාණයකි. දැනටමත් වැසි වනාන්තරයෙන් 40%ක ප්‍රමාණයක් මේ ඉරණමට මුහුණ දී ඇති බව මෙම අධ්‍යයනය සිදුකළ Stockholm Resilience Centre පරිගණක ආදර්ශ සහ දත්ත විශලේෂණය මගින් කියා සිටියි.

බොල්සොනාරෝ බිහිරි අලියෙක්

ඇමසන් වැසි වනයේ වැඩිම කොටසක් අයත්ව තිබෙන්නේ බ්‍රසීලයට ය. නමුත් බ්‍රසීලයේ ජනපති පදවියට පත් වූ ජෙයර් බොල්සොනාරෝ ඇමසන් හි සතුරෙකු සේ මුල පටන්ම ක්‍රියා කරන බව දැකගන්නට ලැබුණේය. ඔහුට මේ පිළිබඳ අනතුරු අඟවා තිබුණේ වරක් දෙවරක් නොවේ.නමුත් බොල්සොනාරෝගේ ප්‍රතිපත්තිමය සතුරුකමට අමතරව ගතවූ වසරේදී ඇමසන් වනය අති දැවැන්ත ලැව්ගිනිවලට ද නතු විය. 2020 වසරේදී දැක ගන්නට ලැබුණේ එම ලැව්ගිනිවල 60%ක වර්ධනයකි. මේ අනුව ඇමසන් වැසි වනය මේ වසරේදී පසුගිය දස වසර තුළ ඇති වූ දරුණුතම ලැව්ගිනිවලට මුහුණ දී පිළිස්සී ගියේය.

වැසි වනය තමන් විසින්ම වියළී යාමේ තීරණයක…

මෙම අධ්‍යයනයේ ප්‍රධාන කතුවර ඇරී ස්ටාල් මෙහිදී විශේෂ කාරණයක් ද සඳහන් කරයි. එනම්, වැසි වනාන්තර යහපත් දේශගුණයකදී තමන්ගේම වැසි නිපදවා ගත්ත ද අයහපත් දේශගුණයක දී වේළී යාමට ඉඩ හරින බවයි. ඒ අනුව ඇමසන් වනය දැන් සිටින්නේ වියළී යාමේ තීරණයක ය.

“යම් ප්‍රදේශයක් හරහා වැසි වනාන්තරයක් වර්ධනය වන්නේ නම්, වැසි ද එ සමග ම වර්ධනය වනවා,” ඔහු පැහැදිලි කරයි. එහෙත් විශාල වනාන්තර ප්‍රමාණයක් විනාශ වුවහොත්, වැසි වැටීම ද ඒ සමග ම අවම තත්ත්වයට පැමිණෙනවා. මේ, අඩුවන වායුගෝලීය තෙතමනය ප්‍රතිචක්‍රීකරණය (atmospheric moisture recycling) පරිගණක ආදර්ශ මගින් නැවත නිර්මාණය කර මේ අධ්‍යයනයේ ප්‍රතිඵල අපි ලබාගත්තා..‘‘ යැයි ඔහු පවසයි.

ලොව පුරාම වැසි වනාන්තර මේ ඉරණමේ

සියලු මහද්වීපවල තිබෙන වැසි වනාන්තරවල ඉරණම මෙය බව තමන්ට වැටහෙන්නේ යැයි ද පර්යේෂකයෝ පවසති. ‘‘සියලු මහාද්වීපවල තිබෙන වැසි වනාන්තර ගෝලීය වෙනස්කම්වලට අතිශයින් සංවේදී බවත්, ඒවායේ අනුවර්තනය වීමේ හැකියාව සීඝ්‍රයෙන් පහළ යමින් තිබෙන බවත් අපට වැටහේ. ක්ෂීණ වී ගිය පසු මුල් තත්වයට පත් වීමට ඒවාට දශක ගණනාවක් ගත වනු ඇති.‘‘

සියලු ගෝලීය ජීව විශේෂ ධාරණය කරගෙන සිටින නිසා වැසිවනාන්තර වල මෙම ඉරණම, මිහිතලයේ සදාකාලික අහිමිවීමක් බවට පත් වනු ඇත.

‘ද ගාඩියන්‘ හි පළ වූ Amazon near tipping point of switching from rainforest to savannah – study ඇසුරෙනි.

Share

Recent Posts

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

38 mins ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 hour ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

17 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

24 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago