ලොව යන අත

ඉන්දියානු දුම්රිය ඩීසල් බලයෙන් විදුලි බලයට – ලෝක වාර්තාවක්

මෙය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දියත් කර ඇති, රට පොසිල ඉන්ධනවලින් මුක්ත කිරීමේ පරිසර හිතකාමී වැඩපිළිවෙළට සමගාමීව සිදුවන්නකි. රටේ ප්‍රවාහන පද්ධතිය හරිත පද්ධතියක් බවට හැරවීම නරේන්ද්‍ර මෝදි විසින් 2015 වසරේදී ලබාදුන් එක් පොරොන්දුවකි. ඉදිරියේදී ඉන්දියාව 100%ක් විදුලි බලයෙන් වැඩ කරන ප්‍රවාහන පද්ධතියක් බවට පත් කිරීම ඔහුගේ ඉලක්කයයි.

මේ අනුව වරණාසි (පුරාණ බරණැස) නුවරදී ප්‍රථම ඩීසල් එන්ජිම විදුලි බලයට හැරවීම, දින 69 ක් තුළ සිදුකිරීමට Diesel Locomotive Works (DLW) සමත් වී තිබේ. මේ සඳහා ඉන්දීය රුපියල් කෝටි 2.5 ක් වැය කර ඇත. 2,600 HP බල ධාරිතාවකින් යුක්ත මෙම ඩීසල් එන්ජිම 2018 පෙබරවාරි මාසයේදී ධාවනයට එක් කිරීමට නියමිත ය. ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වාර්තාවක සඳහන් වන්නේ ලෝකයේ මෙම පරිණාමනය සිදුකරන ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

ඉන්දීය ගමනාගමන ඇමති පියුෂ් ගෝයල් (Piyush Goyal) මේ පුවත සනාථ කරමින් ට්වීට් පණිවුඩයක් ද නිකුත් කර තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදි 2015 වසරේ බලයට පැමිණීමෙන් පසු ඉන්දීය දුම්රිය පද්ධතියේ විශාල වෙනස්කම් සිදුව ඇත. ඒ අනුව අධිවේගී දුම්රිය, බුලට් දුම්රිය හඳුන්වා දීම, දුම්රිය මැදිරි තුළ ජීව වැසිකිළි ස්ථාපිත කිරීම ප්‍රධාන තැනක් ගනියි.

ඉන්දියාවේ දුම්රිය ස්ථාන 7500 ක් තිබේ. මේ වන විට සේවකයන් මිලියන 1.6 ක් දුම්රිය පද්ධතිය තුළ සේවය කරති.

ඉන්දියාවේ ප්‍රධානතම ගමනාගමන මාර්ගයක් වන දුම්රිය මාර්ගවල විශාලත්වය කොතරම් ද යත්, ඉන්දියාව පුරා ඇති දුම්රිය මාර්ගවල දිග, සමකය වටේ ඇති දිග ප්‍රමාණය මෙන් එකහමාර ගුණයක් ආවරණය කරයි. ඉන්දියාව ලෝකයේ විශාලතම දුම්රිය මාර්ග ජාලවලින් එකකි. එහි රේල් පීලිවල දිග ප්‍රමාණය පමණක් කිලෝමීටර 115,000 ක් වේ.

දිනකට ඉන්දියාවේ දුම්රිය ධාවනය වන දුර ප්‍රමාණය එකතු කරන්නේ නම්, එම දුර සමාන වන්නේ පෘථිවියේ සිට හඳට ඇති දුර මෙන් තුනහමාර ගුණයකට ය.

දිනකට ඉන්දියානු දුම්රියවල ගමන් ගන්නා මගීන් සංඛ්‍යාව මිලියන 25කට අධික ය. වෙනත් වචනවලින් පවසන්නේ නම්, ඔස්ට්‍රේලියාවේ ජනගහනයටද වඩා වැඩි ජනතාවක් ඉන්දියාවේ දිනපතා දුම්රියෙන් යති.

ඉන්දියාවේ ද පවතින්නේ ලංකාව මෙන්ම යටත් විජිත සමයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් ස්ථාපිත කරන ලද දුම්රිය මාර්ග හා දුම්රිය පද්ධතියයි. ඒවායේ වැසිකිළි පහසුකම් ස්ථාපිත කෙරුණේ වසර 50කට පසුව ය. නමුත් කාලයත් සමග ලංකාවට වඩා ඉන්දීය දුම්රිය සේවය දියුණු තත්වයකට පත්වූ අතර, 1984 වසරේ පටන් දුම්රිය ප්‍රවේශපත් නිකුත් කිරීම පරිගණක හරහා සිදුකරයි. එසේම 2014 වසරේදී දුම්රිය මගීන් සඳහා වෙනම මොබයිල් ඇප් එකක් ද හඳුන්වා දෙනු ලැබීය.

එදා

දුම්රිය මගීන් සඳහා වෙන් වූ මොබයිල් ඇප් එක

කෙසේ නමුත් ලංකාවේ දුම්රිය මාර්ග සහ දුම්රියවල අදටත් යටත් විජිත ලක්ෂණ ඒ අන්දමින්ම තිබේ. ඒවා සැලකිය යුතු අන්දමින් දියුණු වී නොමැත. ලංකාව, කළ යුතු වැඩ නොකර, පටු දේශපාලන අරමුණු පසුපස යද්දී අපේ අසල්වැසියා කළ යුතු දේ නොපමාව කරමින් සිටින බවට ඉන්දීය දුම්රිය පද්ධතියේ අලුත්ම ජයග්‍රහණය කදිම නිදසුනකි.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

9 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

16 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

17 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

18 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

19 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

19 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago