කාලීන

එවරස්ට් කඳු නගින්නන් අතර කොරෝනා ඔඩුදුවයි

නේපාලයේ එවරස්ට් කන්ද ආශ්‍රිත මූලික කඳවුරුවල සිටින කඳු නගින්නන් අතර මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යමින් පවතින බව, එහි බලධාරීහු පවසති.
එහි සිට කත්මන්ඩු නුවර රෝහල් කරා ගෙන ගිය කඳු නගින්නන් 17දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. එම පිරිස කඳවුරුවලට පැමිණීමෙන් පසු වයිරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන ඇතැයි ද රෝහල් කාර්ය මණ්ඩල කියා සිටී.
මීට අමතරව  මූලික කඳවුරේ සිටින බොහෝ පිරිසකට කැස්ස සෑදී ඇති බවත්, තවත් අයට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවත්, ආසාදිත කඳු නගින්නන් ගණන දිනපතා ඉහළ යමින් පවතින බවත්, හිමාලයාන් මුදවාගැනීමේ සංගමයේ වෛද්‍ය ප්‍රකාශ් කාරෙල් මහතා සදහන් කරයි.
“ඔබ මෙහි ආවොත්, ඔබට ඇසේවි හැමපැත්තෙන්ම මිනිස්සු කහින සද්දෙ. නමුත් මේ අපිට එදිනෙදා හැදෙන විදියේ සාමාන්‍ය කැස්සක් නෙමේ. ඔවුන් ඉන්නේ වේදනාවෙන්. කැස්සට අමතරව ඇගපත රුදාවෙන්, උණෙන් ඔවුන් පීඩා විදිනවා”
නෝවීජියානු කඳු නගින්නෙකු පැවසූවේ, ඉකුත් මාසයේ කත්මන්ඩු නුවර රෝහල් දෙකකදී වාර තුනකදී තමන්ට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බවයි.
“මේ කඳවුරුවල කොරෝනා වයිරසය ඇත්දැයි හදුනාගන්නා මෙවලම් සහ සෞඛ්‍ය පහසුකම් අවමයි. අපි රජයෙන් ඒ පහසුකම් ඉල්ලා සිටියත් රජය කියනවා, ඒ වෙනුවෙන් අවසර දෙන්න බැහැ කියලා” යි එහි පිරිස කියාසිටිති.
මේ වාරයේදී, නේපාල රජය විසින් කඳු නගින්නන් 394දෙනෙකුට බලපත්‍ර නිකුත් කර ඇති බව, එරට සංචාරක දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියක් කරුණු දක්වා තිබේ.
තත්වය මෙසේ වුවද, රජයේ රෝහල්වල නිලධාරීන් ආසාදිතයන් ගණන කීම මග හරිමින් සිටින බව පැවසේ. සංචාරක අමාත්‍යංශයේ ඉහළ බලධරයන් පවා, එවරස්ට් කඳු නගින්නන්ට කොරෝනා ආසාදනය වී ඇති බව ප්‍රතික්ෂේප කරන අතර, නේපාල රජය ද නොසැලකිලිමත් බවක් දක්වා ඇත.
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉකුත් වසරේදී එවරස්ට් කඳු තරණය තහනම් කර තිබුණි. කෙසේ වෙතත්, මේ වසරේ අප්‍රේල් මාස අග වන විට එවරස්ට් කඳු නගින්නෙකු වූ නෝවිජියානු ජාතික එර්ලෙන්ඩ් නෙස් නමැත්තාට කොරෝනා ආසාදනය වී තිබූ අතර, ඔහු ඒ බව වාර්තා කළ  පළමු ආසාදිත  එවරස්ට්  කඳු නගින්නා විය.
මේ වනවිට නේපාලයේ දිනපතා තහවුරු වන ආසාදිතයන් ගණන ඉහළයම්න් පවතින බැවින්, ඉන්දියාව මුහුණදෙමින් සිටින තත්වයට පත්විය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අගවති.
Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

20 mins ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 hour ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

18 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago