කාලීන

ඔහු මෘගයෙක්! – කළු ජාතිකයාව ගෙළ පාගා මැරූ පොලිස්භටයාගෙන් රූ රැජින බිරිඳ දික්කසාද වෙයි

ඇමරිකාවේ මිනසොටා ජනපදයේ සුදු ජාතික පොලිස් නිලධාරියා, ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වූ ඒ අසරණ කළු ජාතික මනුෂ්‍යයා සිහිසුන් ව බිම ඇද වැටුණු පසුවත් විනාඩි 3 ක් තිස්සේ ඔහු නරුමයෙකු සේද, කලිසම් සාක්කුවේ අතක් ඔබාගෙන වීරයෙකු ද සේ ද ෆ්ලොයිඩ්ගේ ගෙළ දණහිසෙන් තද කරගෙන සිටියේය. දැන් ඔහුව හඳුන්වන්නේ ‘knee jerk’ යනුවෙනි.

ඩොලර් විස්සේ හොර නෝට්ටුවක් ළඟ තබාගෙන හසු වූ විට ඇමරිකානු පොලිසිය, කළු ජාතික සිවිල් වැසියෙකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ‘අවම බලය‘ යොදා තිබුණේ එසේ ය.

ඩොලර් ලක්ෂ 5 කට ඩෙරෙක් චාවින් නමැති මේ පොලිස් නිලධාරියා ඇප ලබාගත්තේය. ඒ, පිට පිට තුන්වැනි රාත්‍රියටත්, මේ අපරාධය සිදුවූ මිනාපොලිස් පමණක් නොව මුළු මහත් ඇමරිකාවම සුදු ජාතිවාදයට එරෙහිව කලහකාරී ලෙස උද්ඝෝෂණ පවත්වමින් සිටින අතරවාරයේ ය.

පෙනෙන්නට තිබෙන හැටියට මේ තරම් පැහැදිලි සාක්ෂි තිබියදීත් පොලිස් නිලධාරියාට වාසිදායක තත්වයක් නීතිය අනුව උදාවීමට ඉඩ තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ මරණය සිදුව තිබෙන්නේ ගෙළ සිර කිරීම නිසාම නොව, හෘද රෝගී තත්වයක් සහ මත් ගතිය ද සමග එක්වූ තත්වයක් නිසා බව ය. මේ අනුව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලට, වෝහාරික ව්‍යාධිවේදියෙකුගේ සහාය මේ සඳහා ලබාගන්නට ද සිදුව තිබේ. ඒ අනුව, මරණය සම්බන්ධයෙන් දෙවැනි, ස්වාධීන පරීක්ෂණයක් ද ඉදිරි දිනවලදී සිදු කෙරෙනු ඇත.

කෙසේ නමුත් මේ අතර, නීතියෙන් දෙන්නට බැරි දඬුවමක් දැනටමත් ඩෙරෙක් චාවින් නොහොත් ‘දණිස් මරුවා‘ට ලැබී තිබේ. ඒ කතාව මෙසේ ය.

ඩෙරෙක් චාවින් පොලිස් නිලධාරියා විවාහ වුණේ මිනසොටා ජනපදයේ විවාහක රූ රැජිනක වන කෙලී සමග ය. අන්තර්ජාලය හරහා සිදුවීම දැනගත් ඇය, මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සඳුදා දිනයේම  එදිනම ඔහුට විරුද්ධව දික්කසාදය ගොනු කිරීමට පසුබට නොවූවාය.

‘‘මා සිටින්නේ මිය ගිය ෆ්ලොයිඩ්ගේ පැත්තේ.. මගේ හදවත ඔවුන් ගැන කණගාටුවෙන් පිරී තිබෙනවා. ඔවුන්ගේ ඥාතීන් සමග මා ශෝකය බෙදා ගන්නවා..‘‘ යැයි ඇය කියා තිබේ. පුරා දස වසරක් දීග කෑ පොලිස් සැමියා ගැන ඇගේ අවසන් නිගමනය මෙබඳු එකකි.

‘‘ඔහු මෘගයෙක්…. මෘගයන් ආදරය ලබන්න සුදුසු නැහැ..‘‘

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 hour ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

4 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

4 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

19 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

22 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

22 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

23 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

23 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

24 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

24 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago