කැනඩා අගමැතිට මේස් මහන පුංචි ධෛර්යවන්තයා

ඔහු උපන් දා තාත්තාගෙත් අම්මාගෙත් ජීවිත ගිනි ගත්තේය. සිය ජීවිත මෙතෙකින් නිමා විණි යැයි ඔවුහු සිතූහ. තම එකම දරුවා විශේෂ අවශ්‍යතා ඇති ආබාධිත දරුවකු වූ විට මවු පියන්ගේ ජීවිත දුකින් පිරී යන්නේ ඉතා කටුක ලෙසිනි. ඇමරිකානු ජාතික මාර්ක් ක්‍රොනින් සහ ඔහුගේ බිරිඳ ද සමග සිතට ‍ශක්තිය ගත්තේ ඩවුන් සින්ඩ්‍රොම් හෙවත් ඩවුන් සහලක්ෂණය සහිතව උපන් සිය දරුවා හදා වඩා ගැනීම කෙතරම් අසීරු කරුණක් වනු ඇති දැයි ඔවුන් දන්නා නිසාය. නමුත් ඔහු කිසියම් දිනෙක මිලියනපතියකු වේ යැයි කෙලෙසකවත් සිතන්නට නැත. එය මෙය ලියන මටද කියවන ඔබට ද අදහා ගත නොහැකි තරමේ කරුණකි. මන්ද ලංකාවේ ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයෙන් උපන් දරුවන්ගේ ඉරණම බොහෝ විට අවාසනාවන්ත වී ඇති බව අප දැක ඇති හෙයිනි. ඒ, ඔවුන්ට ලෝකය ජයගත හැකි බව සිතන්නට අප කම්මැලි වී ඇති බැවිනි.

 

එවැනි දරුවන් උපන් විට ඔවුන් මන්ද මානසික දරුවන් යැයි හංවඩු ගසා ගෙවල් අස්සේ සිර කර තබන ඕනෑ තරම් අවස්ථා අප දැක ඇත. නමුත් අප නිසි අධ්‍යාපනයකින් ඔවුන් ගේ ජීවිත වලට මඟ පෙන්වීම කරන අවස්ථා අඩුය. 2016 වසර වන විට ජෝන් ක්‍රොනින්ට හරියටම අවුරුදු 21 ලැබුවා පමණය. විශේෂ අවශ්‍යතා ඇති දරුවකුව උපන් නිසාම සෑම විටම ඔහුගේ ළඟින්ම උන් පියා අමතා ඔහු පුදුම දෙයක් කීවේය. ඒ, තමන්ට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උවමනාය යන්නය. නමුත් තම පුතාගේ තත්ත්වය දන්නා නිසාම මාර්ක් දස අතේ කල්පනා කළේය. ජෝන්ගෙන් ඒ පිළිබඳව අසද්දී ඔහු යෝජනා කර සිටියේ ළමුන්ට පැමිණ විනෝද වන්නට තැනක් ආරම්භ කර මුදල් උපයමුයි කියාය.

එය එතරම් ගැළපෙන ව්‍යාපාරයක් නොවෙයි, සිතු මාර්ක් තවදුරටත් කල්පනා කලේය. සිය ආබාධිත පුතා හට එවැන්නක් කර ගෙන යා හැකිදැයි ඔහු දෙවරක් සිතන්නට ඇත. ‘‘එසේ නැතිනම් අපි කෑම විකුණන පොඩි කෑම කඩයක් පටන් ගනිමු“ ජෝන් නැවතත් යෝජනා කළද පියා මාර්ක් එයද ප්‍රතික්ෂේප කළේ හරියටම තම පුතාට ගැලපෙන ව්‍යාපාරය කුමක් දැයි කල්පනා කරමිනි. ‘’අපිට උයන්න බැහැනේ පුතේ ‘’ ඔහු සිය පුතාගේ සිත නොරිදෙන්නට එසේ කීවේය. හිටි හැටියේම පියාට අදහසක් ඇති විය. ‘’අපි මේස් කුට්ටම් විකුණමු …’’ ඔහු යෝජනා කළේය. කුඩා කල සිටම ජෝන් පාට පාට මේස් කුට්ටම්වලට පුදුමාකාර ආශාවක් දැක්වීය. ඔහුට විවිධාකාරයේ මේස් කුට්ටම් තිබිණ. ඒ නිසාම තම පුතා ඉතා ආශාවෙන් මේ මේස් කුට්ටම් වෙළදාම කරගෙන යනු ඇතැයි පියා උපකල්පනය කළේය.‘‘ හරියටම හරි! අපි මේස් කුට්ටම් විකුණමු“ ජෝන් එක හෙලා කැමති විය. ඔවුන් එතැන් පටන් ජෝන්ව මිලියනපතියකු කළ මේස් කුට්ටම් ව්‍යාපාරය ආරම්භ කළේය. ‘’මේස් යනු වර්ණවත් විනෝදජනක නිර්මාණයක් , එය මා හට මා වන්නට අවස්ථාව සළසනවා ..’’ ආබාධිත ජෝන් එසේ කීය. ඔවුන් සිය ව්‍යාපාරයට නමක් තැබීය. එනම් Crezy Socks හෙවත් ‘උමතු මේස්’ යන්නයි. ඔවුන් මුලින් සිය ව්‍යාපාරය පටන් ගත්තේ අන්තර්ජාය හරහාය.

මේස් වර්ග 1400ක් පමණ මේ උමතු මේස් වෙඩ් අඩවියේ විකුණන්නට තිබිණ. මේ උමතු මේස් හැඩ ගැන්වී තිබුණේ පූසන් , බල්ලන්, බාබාකියු, හා ඩොනල්ඩ් ට්‍රප්ගේ මුහුණ ආදී රූප වලිනි. අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන සෑම ඇණවුමක්ම ඇණවුම් කරුට යවන ලද්දේ ජෝන් සිය අත් අකුරින් ලියන ලද පෞද්ගලික ස්තූති සටහනක්ද සමගිනි. මේස් ඇණවුම් කරන්නා තම නගරය අවට අයෙක්නම් ජෝන් තමන් විසින්ම ගොස් ඇණවුම භාර දෙනු ලබයි. වසරකට පසු ජෝන් උමතු මේස් ව්‍යාපාරයෙන් ඉපැයූ ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.4ක් විය. ඔහුගේ ඇණවුම් කරුවන් අතර කැනේඩියානු අගමැතිවරයාද ඇමරිකාවේ හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද වන්නේය. ව්‍යාපාරයේ දියුණුවත් සමග අද වන විට ජෝන්ටද විවිධ ව්‍යාපාරික සම්මේලන විවිධ ව්‍යාපාරික අවස්ථාවන් නියෝජනය කරන්නට වනවා පමණක් නොව ඒවාහීදී කථා පවත්වන්නටද ඔහුට සිදු වන්නේය.

ජෝන් ඒ සියල්ලම සිදු කරන්නේ මහත් ආශාවකිනි. ජෝන්ගේ පියා මාර්ක් මෙම ව්‍යාපාරයේ තාක්ෂණික කටයුතු සම්බන්ධව ක්‍රියාකරමින් සිටින අතර ඔහු තම පුතා විසින් සිදු කරන ව්‍යාපාරය ඔහුට අවශ්‍ය පරිදි ගෙන යාමට ඉඩ ලබා දී ඇත. ජෝන් ගැන වර්ණනා කරන මාර්ක් පවසා සිටින්නේ ය. ‘‘ඔහු ඉතා මහන්සි වී වැඩ කරනවා.. අපි දිනපතා උදෑසනින් අපේ කාර්යාලය විවෘත කරනවා. නමුත් රාත්‍රි 9ත් පසු වන තෙක් අපි වැඩ කරනවා…‘‘ ඔහුට තම පුතා සම්බන්ධව ඇත්තේ අති මහත් ආඩම්බරයකි. මන්ද ඔහු සාමාන්‍ය දරුවකු නොවූ බැවිනි. අපි මේ වසර අවසන් වන විට නැව්ගත කර ඇති ඇණවුම් ප්‍රමාණය 30000කි. ඔවුහු සිය ලාභයෙන් 5%ක් විශේෂ දරුවන් සඳහා ඇති ඔලිම්පික් උළෙල සඳහා ප්‍රදානය කරතිෙ. එමෙන්ම ජෝන් මෙම තරඟාවලියට ඇමරිකාව නියෝජනය කරන්නේය ඒ බාස්කට් බෝල් පාපාන්දු හා හොකී තරඟ අංශයන්ගෙනි. එමෙන්ම ඔහු විශේෂ අවශ්‍යතා ඇත්තන් සඳහා වෙනම විශේෂිත මේස් සාදන්නේය. එමගින් ඩවුන් සින්ඩ්‍රොම් සහිත පුද්ගලයන් ගේ කටයුතු සඳහා මුදල් යොදවන්නේය. ‘‘අපට අපගේ පෞද්ගලික අරමුණු මෙන්ම සමාජ කාර්ය භාරයක්ද තිබෛනා ඒවා එකිනෙක වෙන් කරගෙන නැහැ. අපි නිෂ්පාදනයක් කර විකිණිම නොවෙයි අපේ බලාපොරෝත්තුව මෙවැනි විශේෂ ආබාධිත ඇති අයගේ ලෝකය අප ලස්සන කළ යුතුයි.“ එසේ පවසන්නේ ජෝන්ගේ පියා මාර්ක්ය.

ලංකාවේ ඩවුන් සින්ඩ්‍රොම් තත්ත්වයෙන් උපන් දරුවන්ගේ ඉරණම බොහෝ විට අවාසනාවන්ත වී ඇති බව අප දැක ඇත. ඒ, ඔවුන්ට ලෝකය ජයගත හැකි බව සිතන්නට අප කම්මැලි වී ඇති බැවිනි. එවැනි දරුවන් උපන් විට ඔවුන් මන්ද මානසික දරුවන් යැයි හංවඩු ගසා ගෙවල් අස්සේ සිර කර තබන ඕනෑ තරම් අවස්ථා අප දැක ඇත. නමුත් අප නිසි අධ්‍යාපනයකින් ඔවුන් ගේ ජීවිත වලට මඟ පෙන්වීම කරන අවස්ථා අඩුය.

 ‘අපි ඇත්තෙන්ම කරන්නෙ සතුට බොදා හැරීමයි ….“ ඒ ජෝන්ගේ වචනයි ඔවුන්ගේ බලාපොරෝත්තුව මෙම ව්‍යාපාරය සඳහා විශේෂ අවශ්‍යතා ඇති සේවකයන්ගේ ප්‍රමාණය වැඩි කිරීමයි.. ඔවුන්ට බොහෝ දේ කළ හැකියි… ඔවුන් විශිෂ්ට සේවකයින් තම කාර්ය මණ්ඩලය පිළිබඳව ජෝන් පවසා සිටියි.. ව්‍යාපාරය ආරම්භ කළ පළමු මස ඔවුන්ට ලැබුණේ ඇණවුම් 452 පමණක් වුවත් මාස තුනකට පසු එය ඇණවුම් 10000 බවට පත්ව ඇත. ජෝන් ඇතුළු කණ්ඩායමට එය අති විශාල අභියෝගයක් වුවත් ඉතා සතුටින් ඔවුන් සිය ව්‍යාපාරය සාර්ථක කරගෙන තිබේ. ට්‍රාන්ස්පේරන්සි මාර්කටින් රිසර්ච් ආයතනයට අනුව මේ වන විට ලෝකයේ මේස් සදහා ඇති ඉල්ලුම පුළුල් වෙමින් පවති. 2016 ඇමරිකන් ඩොලර් බිලියන 42ක් වූ ගෝලීය මේස් වෙළදපළ වටිනාකම 2025 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 75 වනු ඇති බවට අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව ජෝන්ගේ උමතු මේස් ව්‍යාපාරයද අති සාර්ථක වනු නොඅනුමානය. ඊිට අමතරව ජෝන්ගේ මෙම මේස් ව්‍යාපාරය සම්බන්ඳව හොඳම ප්‍රචාරණය සිදු වන්නේ සමාජ මාධ්‍ය ජාලා හරහාය ..

ඔවුන්ගේ වීඩියෝ සඳහා මේ වන විටද 90000කට වඩා ලයික්ස් ඇති අතර මිලියනයකට අධික පිරිසක් වීඩියෝ නරඹා ඇත . ව්‍යාපාරය අරඹා තවමත් ගතව ඇත්තේ අවුරුද්දක කාලයකි. මේ ඔවුන් සූදානම් වන්නේ ඔවුන්ගේ දෙවන වසරටය .. මේ විශේෂ අවශ්‍යතා ඇති තරුණයා සිය ව්‍යාපාරය සඳහා දහසකුත් බලා පොරෝත්තු පොදි බඳිමින් සිටියි. ඔව්, මේ මේස් ව්‍යාපාරය මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලයක් ඇරඹීමටද නියමිතය …ඔවුන් ගේ ජය නියතය. ජෝන් ලද දියුණුවේ රහස මෙයයි.. ඒ, මා උපතින් ලද ආබාධ මාව කිසිදාක අධෛර්යමත් නොකරනු ඇත!…. යන ඔහුගේ විශ්වාසයයි.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

15 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

21 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

23 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

23 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago