එසැණ පුවත්

කිර්ගිස්ථාන ජනපති ඉවත් නොවෙන හැඩ – අගනුවරට දින 12 ක් හදිසි නීතිය සමග ඇඳිරි නීතිය

කිර්ගිස්ථාන ජනාධිපති සූරෙනේබායි ජීන්බෙකොව් මේ සමගම සාමය සුරැකීම සඳහා අගනුවර වීදිවලට හමුදාව ද කැඳවා තිබේ.

හදිසි තත්වයට ඇඳිරි නීතිය ද ඇතුළත් ය.

ඔක්තෝබර් 9 වැනිදා පටන් ඔක්තෝබර් 21 වැනිදා දක්වාම මෙම තත්වය බලපැවැත්වීමට නියමිත ය.

පසුගිය ඉරිදා පැවති කිර්ගිස්ථාන මහමැතිවරණය සමග විපක්ෂ ආධාරකරුවන් විසින් රජයේ ගොඩනැගිලි අත්පත් කර ගනිමින් දැඩි කලහකාරී තත්වයක් ඇති කිරීම මෙයට හේතු ලෙස දක්වා ඇත.

උද්ඝෝෂණවලට සහභාගි වූ එක් අයෙක් මිය ගොස් සිය ගණනක් තුවාල ලබා තිබේ.

මහමැතිවරණ ප්‍රතිඵල අවලංගු කරන්න බල කරලා !

මහමැතිවරණයෙන් පසුව නව කැබිනට්ටුව දිවුරුම් දීමත් සමග ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව කලින් දැනුම් දී තිබිණි.

නමුත් ජීන්බෙකොව් ජනාධිපතිවරයා දැනට සිටින කැබිනට් මණ්ඩලයට ඉල්ලා අස් වන ලෙස බල කර සිටි අතර, මහමැතිවරණයේ ප්‍රතිඵල නිෂ්ප්‍රභා කරන ලෙස මැතිවරණ කොමිසමට ද බලපෑම් කර තිබේ.

කිර්ගිස්ථාන අගමැතිවරයා ද ඊයේ දිනයේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිවරයාට භාර දුන්නේය.

රට පුරා කලහකාරී තත්වය උත්සන්න වූයේ ඉන් පසුව ය.

නමුත් නව තත්වය තුළ ජනාධිපතිවරයා රට තුළ සාමය ඇති කිරීමට යැයි කියා තවදුරටත් ධුරයේ රැඳී සිටීමට සූදානමක් ඇති අතර, විරෝධතාකරුවන් පවසන්නේ මෙය සම්පූර්ණයෙන්ම පරස්පර තත්වයක් බවයි.

ඉරිදා පැවති මහමැතිවරණයේදී ආණ්ඩු පක්ෂය විසින් ඡන්දය මිලට ගත් බවට ද චෝදනා තිබේ.

ඒකාධිපති ජනපති ජීන්බෙකොව්

රුසියාවත් සීරුවෙන්

අතීතයේ සෝවියට් සංගමයේ කොටසක්ව පැවති කිර්ගිස්ථානය සම්බන්ධයෙන් රුසියාව ද සිටින්නේ දැඩි අවධානයකිනි. දේශසීමා ආරක්ෂා කිරීම සඳහා රුසියාව හමුදා භටයන් යෙදවූයේ රට පුරාම ඇතිවී තිබෙන කලහකාරී තත්වය තුළ දේශසීමා අරගල ද හටගත් හෙයිනි.

ජනපති ජීන්බෙකොව් වෙනුවට පත් කරන්නේ කුමන තැනැත්තා ද හෝ කුමන පක්ෂය ද යන්න පවා තවම පැහැදිලි නැත.

මේ අතර වාරාවසාන වූ කිර්ගිස්ථාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන් පවසන්නේ බලය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වූ බවයි.

මන්ත්‍රීවරුන් පණ බයෙන් !

අන්තර්වාර අගමැති ධුරය සඳහා අපේක්ෂයන් තුන් දෙනෙක් යෝජනා වී සිටියත් ඔවුන් කිසිවෙක් ද ඒ සඳහා කැඳවා නැත. ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය සමග පවසා තිබුණේ ‘ජීවිත බය‘ හේතුවෙන් තමන් මේ පිළිබඳ ජනපතිවරයා සමග සාකච්ඡා නොකරන බවයි.

මීට පෙර 2005 සහ 2010 වසරවලදී ද ඒකාධිපති ජනපතිවරුන් මහජන විරෝධතා හේතුවෙන් ධුරයෙන් ඉවත් වූ රටක් ලෙස කර්ගිස්ථානය ඉතිහාසගත ව ඇත. නමුත් ජීන්බෙකොව් ඒ ඉරණම භාරගත් තුන් වැනියා වීමට යන්නේදැයි තවම පැහැදිලි නැත.

 

Share

Recent Posts

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

24 mins ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

47 mins ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 hour ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

17 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

23 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago