ලොව යන අත

කොවිඩ් සටනේ PPE අඩුව ගැන කතා කිරීම නිසා පිස්සන් කොටුවට යැවූ වෛද්‍යවරයා

වෛද්‍ය සුධාකර් ජීවත් වන සහ සේවය කරන විසාකාපට්නම් හි අධිවේගී මාර්ගයේදී පොලිසිය ඔහුගේ මග හරස්කරන ආකාරය ඇතුළත් වීඩියෝ පසුගිය දිනවල අන්තර්ජාලයේ වයිරල් විය.

එහිදී ඔහු කමිසය රහිතව පොලිස් රිය තුළ කෑ ගසමින් සිටියි. තවත් වීඩියෝවක දැක්වුණේ පොලිස් කොස්තාපල්වරයෙක් ඔහුට බැටන් පොල්ලකින් පහර දෙන අතර, දෑත් පිටිතල හයා ඔහු මහමග වැටී සිටින අන්දම ය.

පොලිසිය පසුව පැවසුවේ වෛද්‍ය සුධාකර් ව පිස්සන් කොටුවට යැවූ බව ය. වෛද්‍යවරයාට පහරදුන් පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම් කළ බවත් පොලිසිය කියයි.

මේ අතර තවත් වීඩියෝවක දැක්වුණේ දෙනෝදාහක් බලා සිටියදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව රික්ෂෝවකට තබා ගැටගසන ආකාරය ය. එතැනින් ගෙන යාමට පෙර වෛද්‍ය සුධාකර්, එතැන රැස්වී සිටි මාධ්‍ය වේදීන් අමතා කතා කර මොනවදෝ කීවේය. ඔහු කීවේ තමන් යමින් සිටියදී පොලිසිය විසින් තමන්ව නතර කළ බව ය.

‘‘උන් මගේ ෆෝන් එකයි පසුම්බියයි උදුරගත්තා. උන් මට ගැහුවා..‘‘

UGC

Dr Rao’s detention has now snowballed into a huge controvers -UGC

වෛද්‍ය සුධාකර් ව මේ අන්දමින් පොලිසිය විසින් රැගෙන යාම සහ, රඳවා තබාගැනීම මහත් මතභේදාත්මක කාරණයක් බවට පත්ව තිබේ. සමාජ ජාල සහ සෙසු අන්තර්ජාල වේදිකා පරිශීලනය කරන්නෝ, ඉන්දීය රජය මේ ගැටළුවට මැදිහත් වූ ආකාරය බෙහෙවින් විවේචනය කරති. විපක්ෂය ද, පොලිසිය විසින් ‘අතිරේක බලය‘ යෙදවූ ආකාරය ගැන ආණ්ඩුවට දොස් පවරයි.

පොලිස් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට වෛද්‍ය සුධාකර්ගේ සේවාව, අත්හිටුවා තිබිණි.එසේ වීම පිටුපස තිබෙන්නේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන වෛද්‍යවරුන්ට PPE හෙවත් ‘පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්ස්‘ – පුද්ගලික ආරක්ෂක මෙවලම් ලබා නොදීම පිළිබඳ ඔහු දැඩි සේ විරෝධය පළ කළ අයෙක් වීමයි.

එකම මාස්ක් එක දවස් 15 ක්

අප්‍රේල් 3 වැනිදා රජයේ රෝහලක වෛද්‍යවරයෙකු වූ සුධාකර් රාඕ, ආරක්ෂිත ඇඳුම් සහ මුහුණු වැසුම් වෛද්‍යවරුන්ට රජය විසින් සපයා නැතැයි මාධ්‍ය හමුවේ කීවේය. ඒ බව නිලධාරීන් සමග පැවසූ රැස්වීමකදී තමන්ට එතැනින් ඉවත්ව යන ලෙසට නිලධාරීන් විසින් අණ කළ බව ද ඔහු මාධ්‍ය හමුවේ කීවේය.

‘‘එකම මාක්ස් එකක් දවස් 15 ක් පාවිච්චි කරන්න කියල අපිට කියල තිබුණා. දවස් 15කට පස්සෙ විතරයි, අපිට අලුත් එකක් ඉල්ලන්න පුළුවන්. අපි අපේ ජීවිත අනතුරේ දමාගෙන රෝගීන්ට වෙදකම් කරන්නේ කොහොමද?‘‘ ඔහු රූපවාහිනී නාලිකාවක් සමග එසේ කියූ අතර, මේ වීඩියෝව කෙටි කලකින්ම වයිරල් විය.

එවිට ආණ්ඩුව, මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කළ අතරම, වෛද්‍ය සුධාකර්ගේ සේවය තාවකාලිකව අත්හිටුවීය. නිලධාරීන් කීවේ, විධිමත් අයුරින් පැමිණිලි කිරීම වෙනුවට වෛද්‍ය සුධාකර් මේ තත්වය ප්‍රසිද්ධ කළ බවයි. ඒ අනුව සෙසු වෛද්‍ය සේවකයන්ගේ චිත්ත ධෛර්යයට හානි කළා යැයි ඔහුට චෝදනා එල්ල විණි.

දින කිහිපයකට පසුව වීඩියෝවක් නිකුත් කරමින්, ඔහු සමාව ඉල්ලා සිටියේය. එසේම තමන්ව නැවත සේවයේ පිහිටුවන ලෙස ද ඉල්ලා සිටියේය. නමුත් ආණ්ඩුව මෙයට ප්‍රතිචාර දැක්වූයේ නැත.

ඇත්ත කතා කිරීමට දඬුවම

වෛද්‍ය සුධාකර් පවසන්නේ තමන් ඉන්දීය සෞඛ්‍ය සේවයේ සත්‍ය තත්වය මාධ්‍ය හමුවේ පැවසූ දිනයේ පටන් තමන්ට සහ තම පවුලේ අයට මහත් සේ හිරිහැර සිදුවූ බවයි. පසුගිය සෙනසුරාදා ඔහු මෙසේ කීවේය. ‘‘අපිට දවස් කිහිපයක් තිස්සේම තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙනවා..‘‘ ඒවායින් සමහරක කියැවුණේ වෛද්‍ය සුධාකර් පිස්සෙකු බව ය.

‘‘ඔහුට කිසිම මානසික ව්‍යාධියක් නැහැ..‘‘ වෛද්‍ය සුධාකර්ගේ මව BBC Telugu පුවත් සේවය අමතා කීවාය. ‘‘මගෙ පුතා කීර්තිමත් වෛද්‍යවරයෙක්. නමුත් ඔහු කතා කළ දවසේ පටන්ම විවිධ ප්‍රශ්න මතු වුණා. සති කිහිපයක් තිස්සේම ඔහු දැඩි ආතතියකින් හිටියේ…‘‘

පොලිසියේ කතාව

බීමත් මිනිසෙක් උමතුවෙන් හැසිරෙන්නේ යැයි තමන්ට තොරතුරක් ලැබුණු බවත්, ඒ අනුව එතැනට ගොස් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ බවත් ඉන්දීය පොලිසිය කියයි. ඒ තැනැත්තා පාරේ තිබූ බාධකයක් ඉවත් කර, මත්පැන් බෝතලයක් පාරට විසි කරමින් සිටි බවත් කියයි. තමන් එතැනට යන්නට පෙරම, පාරේ ගිය දෙදෙනෙකු විසින් ඔහුව මෙල්ල කර, ලණුවකින් ගැට ගසා බිම දිගා කර තිබූ බටත් කියයි. විසාකාපට්නම් පොලිසිය පවසන්නේ මේ සිටින්නේ වෛද්‍ය සුධාකර් යැයි තමන් දැන සිටියේ නැති බවයි. ඔහුට විරුද්ධව ගොනු කර ඇති චෝදනාව වන්නේ පොලිසියේ රාජකාරියට බාධා කිරීම සහ හානි සිදුකිරීමයි.

නමුත් පොලිසියට මුල් පැමිණිල්ල කළ කෙනෙක් තවම නැත. සාක්ෂිකරුවන්ද නැත. වීඩියෝවල දැක්වෙන්නේ එක් සිවිල් වැසියෙක් පැමිණ සුධාකර්ව මෙල්ල කරගැනීමට පොලිසියට සහාය දෙන අයුරු පමණි.

‘‘ඔහු ඉතාම කලහකාරී විදිහට හැසිරුණා. පොලිස් කොස්තාපල් කෙනෙකුගේ ජංගම දුරකථනය උදුරාගෙන එය විසිකර දැමුවා.. පෙනෙන හැටියට ඔහුට මානසික වියවුලක් තිබෙනවා..‘‘ යැයි ඒ එකම පුද්ගලයා කියයි.

වෛද්‍ය සුධාකර් ව පොලිසියට ගෙන යාමෙන් පසුව වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කළ බවත්, ඒ අනුව මානසික ප්‍රතිකාර ගැනීම සඳහා යොමු කළ බවත් පොලිසිය නිල වශයෙන් පවසයි.

සති දෙකක් වෛද්‍ය සුධාකර් මානසික රෝහලේ ගත කළ යුතුය. ඉන් අනතුරුව ඔහුගේ මානසික තත්වය තක්සේරු කර, ඔහුව මුදා හරින්නේද නැත්ද යන්න තීරණය වනු ඇත.

මේ සිදුවෙමින් තිබෙන්නේ මොනවාද? ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ගණන මේ වන විට එක්ලක්ෂ විසිපන් දහසකට අධික ය. 3800 කට අධික පිරිසක් මේ වන විට මිය ගොස් තිබේ. මෝදි රජය, රෝග ව්‍යාප්තිය වළක්වාලීමට සහ රෝගය වැළඳී සුව වන්නන්ගේ ප්‍රමාණය ඉහළ දැමීම සඳහා මහත් අරගලයක් කරමින් සිටියි.

UGC

පසු සටහන

චීන වෛද්‍ය ලී වෙන්ලියැන්ග් ගේ ඉරණම ඔබට මතකද? කොවිඩ් වසංගතය මර්දනයේ චීන පිළිවෙත ගැන ‘අකටයුතුකම් නාද කරන්නෙකු‘ (whistleblower) ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ ඔහු පොලිස් මර්දනයට හසු වීමයි. අවසානයේ එයින් සති කිහිපයක් ඇතුළත කොවිඩ්-19 වැළඳීම නිසා අබිරහස් ලෙස මරණයට පත් වෙයි.

මේ ලෝකය, මෙවැනි වසංගතයකට කිසිසේත්ම සූදානමින් සිටියේ නැත. PPE ප්‍රමාණවත් පරිදි නොමැති බව, ලෝකය පුරාම සිටින වෛද්‍යවරුන් විසින් නගන චෝදනාවකි. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ බව අවධාරණය කර තිබේ. එසේ තිබියදී එකම මාස්ක් එක දින 15 ක් පාවිච්චි කරන්නැයි කියූ විට එයට එරෙහි වූ වෛද්‍යවරයෙකු මානසික රෝහලකට යැවීමට තරම්, ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස සැලකෙන ඉන්දියාව සාහසික වන්නේ කෙසේද? ඉන්දීය පොලිසිය ‘අවම බලය යොදමින්‘ මිනිසුන්ට සුනඛයන්ට සේ සලකන බවට දැන් වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි ඇති තරම් තිබේ.

වෛද්‍ය සුධාකර් රාඕ, මානසික රෝහලෙන් මිදී පැමිණීමට යම් දිනෙක සමත් වුවහොත්, එදාට ඔහුට පවසන්නට ලොකු කතාවක් තිබෙනවා ඇත.

ගැලීලියෝගෙන් අසන්න : නිරවුල් බුද්ධිය ඇති සුළුතරයක්, අවුල් බුද්ධිය සහිත බහුතරයකට කවදත් පෙනුණේ පිස්සන් ලෙස ය.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

10 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

17 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

18 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

19 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

20 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

20 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago