කාලීන

ටයිම් සඟරාවේ 2018 වසරේ මිනිසා – ජමාල් ඛෂෝගි ඇතුලු මාධ්‍යවේදියෝ

ඔවුන් ‘ද ගාඩියන්ස්‘ හෙවත් ‘රැකවලුන්‘ යනුවෙන් ටයිම් සඟරාව විසින් හඳුන්වයි.

එසේම ටයිම් සඟරාව විසින්, 2018 වසරේදී මරා දමන ලද හෝ සිරගත කරන ලද මෙම මාධ්‍යවේදීන් වෙනුවෙන් එකිනෙකට වෙනස් කවර 4 ක් ද මෙවර නිකුත් කර තිබේ. මෙය දුර්ලභ සිදුවීමකි.

තුර්කියේ සෞදි තානාපති කාර්යාලයේදී අමානුෂික අන්දමින් ඝාතනය කළ ජමාල් ඛෂෝගි, කැපිටල් ගැසට් පුවත්පතේ කාර්ය මණ්ඩලය යන රොහින්ග්යා සංහාරය වාර්තා කර සිරබත් කමින් සිටින මියැන්මාර මාධ්‍යවේදීන්ගේ භාර්යාවන් මේ අතර වෙති.

ටයිම් සඟරාව පවසන්නේ ‘දැවැන්ත සත්‍යය හෙළිදරව් කිරීම පිණිස දැවැන්ත අවදානමක් ගනිමින් කතා කිරීම සහ හඬගා කතා කිරීම වෙනුවෙන් මේ ගෞරවය ඔවුන්ට පිරිනමන බවයි.

පහත දැක්වෙන්නේ 2018 වසරේ – වසරේ මිනිසුන් බවට පත් වූ එම කණ්ඩායම පිළිබඳ කෙටි සටහනකි.

ජමාල් ඛෂෝගි – Jamal Khashoggi

සෞදි අරාබි නායකත්වය දැඩි සේ විවේචනය කළ ලෝ ප්‍රකට මාධ්‍යවේදියෙකු වූ ජමාල් ඛෂෝගි 2018 ඔක්තෝබරයේදී සෞදි කොන්සල් කාර්යාලයට ඇතුල් වීමෙන් පසු අතුරුදහන් විය. ඔහුව ගොඩනැගිල්ල තුළදී මරා දැමූ බව සෞදිය පසුව පිළිගත්තේය. එම මරණය සෞදි කුමරු මොහොම්මද් බින් සල්මන්ගේ නියෝග පරිදි සිදු කෙරුණු බව විශ්වාස කරයි. වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු සහ, ඇමරිකාවේ ස්වයං පිටුවහල් ජීවිතයක් ගත කළ ජමාල් ඛෂෝගි ගේ මරණය සම්බන්ධයෙන් තවම යුක්තිය ඉටු වී නැත.

කැපිටල් ගැසට් කාර්ය මණ්ඩලය – Capital Gazette staff

කැපිටල් ගැසට් කාර්ය මණ්ඩලය

2018 ජූලි 28 වැනිදා ඇමරිකාවේ මේරිලන්ඩ් හි ඇනාපොලිස් හි පිහිටා තිබු කැපිටල් ගැසට් පුවත්පත් කාර්යාලය වෙත ඇවිදගෙන ගිය නාඳුනන තුවක්කුකුරුවෙක් එහි කර්තෘ මණ්ඩලයේ 5 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළේය.

එම පුද්ගලයා, 2012 වසරේ එම පුවත්පත මගින් හෙළි කළ වාර්තාවක් මත පුවත්පතට අපහාස නඩු දැමූ, නමුත් එම නඩුවෙන් පැරදුණු අයෙකු බව පසුව හෙළි විය.

සිය කාර්යාලයේ හටගත් එම භීෂණය සහ කම්පනකාරී සිදුවීම නොතකා, කැපිටල් ගැසට් කාර්ය මණ්ඩලය, පසුදිනයේද පුවත්පත මුද්‍රණය කිරීමට සමත් වූහ. එහි සිය සගයන්ගේ මරණයන් සඳහා සිදුකළ ශෝකය පළ කිරීම් ද අන්තර්ගත විය. ඔවුන් කර්තෘ සටහන පිටුව හිස්ව තැබුවේ, තමන්ට මේ පිළිබඳ කිසිවක් කියාගත නොහැකි බවට සටහනක් තබමිනි.

මරියා රෙස්සා සහ රැප්ලර් – Maria Ressa and Rappler

මරියා රෙස්සා

CNN පුවත්සේවයේ අතීතයේ සේවය කළ මාධ්‍යවේදිනී මරියා රෙස්සා විසින් 2012 වසරේදී Rappler වෙබ් අඩවිය ආරම්භ කළාය. එය ගවේෂණාත්මක මාධ්‍යකරණය සම්බන්ධයෙන් අති මහත් ජනප්‍රියත්වයක් සහ කීර්තියක් ලොව පුරා දිනාගත්තේය.

එම වෙබ් අඩවිය හරහා පිලිපීනයේ ඒකාධිපති නායක රොඩ්‍රිගෝ ඩුටර්ටි (Rodrigo Duterte) විවෘතව විවේචනය කෙරුණේ ඔහු විසින් කරන ප්‍රසිද්ධ ප්‍රකාශවල විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්න කරමිනි. විශේෂයෙන්ම ඔහු විසින් දියත් කර තිබෙන මතට එරෙහි යුද්ධය ඇගේ දැඩි විවේචනයට හසු විය. ඩුටර්ටි විසින් ෆේස්බුක් හරහා බොට්ස් හා ව්‍යාජ ගිණුම් මගින් සිදුකරන මෙහෙයුම් ගැන ද 2016 වසරේදී ඩුටර්ටි බලයට පත්වීමෙන් පසු ඇය විශේෂ වාර්තාවක් පළ කළාය. රැප්ලර් වෙබ් අඩවිය ගැන මහත් කලබලයට හා කෝපයට පත් වූ ඩුටර්ටි, ඇයට ජනාධිපති කාර්යාලවලට ඇතුල් වීම තහනම් කළේය.

2018 වසර මුලදී මරිසා රෙස්සාගේ මාධ්‍ය අවසරපත තහනම් කළේ පිලිපීනයේ මාධ්‍ය නිදහස පිළිබඳ ලොව පුරා විවාදයක් ඇති කරමිනි.

2018 නොවැම්බරයේ මරියා රෙස්සා සහ ඇගේ රැප්ලර් ප්‍රවෘත්ති වෙබ් අඩවිය බදු පැහැර හැරීම ගැන චෝදනා ලැබුවේය. එය ‘තර්ජය සහ බිය ගැන්වීම, හිරිහැර සිදුකිරීමේ පැහැදිලි ක්‍රමයක්‘ බව මරියා රෙස්සා පවසයි.

වා ලෝන් සහ ක්යාව් සෝ ඌ – Wa Lone and Kyaw Soe Oo

සත් අවුරුදු සිර දඬුවමකට නියම වූ මියැන්මාර මාධ්‍යවේදීන් දෙදෙනා

රොයිටර්ස් පුවත් සේවය සඳහා මියැන්මාරයේ මාධ්‍යකරණයේ නිරත වූ මියැන්මාර පුරවැසියන් දෙදෙනෙකු වන වා ලොන් සහ ක්යාව් සෝ ඌ හට, 2018 සැප්තැම්බරයේදී රාජ්‍ය රහස් පනත උල්ලංඝනය කළ බව කියමින් වසර 7 ක සිර දඬුවම් නියම කෙරිණි.

මෙම ටයිම් සඟරාවේ පසු කවරය සැරසී තිබෙන්නේ අත්අඩංගුවට පත් මියැන්මාර මාධ්‍ය වේදීන්ගේ භාර්යාවන් දෙදෙනාගෙනි.

2017 දෙසැම්බරයේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලබාදුන් රහස් ලේඛන ළඟ තබාගෙන සිටියදී ය. මෙය පොලිසිය විසින් ඇටවූ උගුලක් බව ඔවුහු කියා සිටියහ.

මෙම නඩුව මියැන්මාරයේ මාධ්‍ය නිදහස පිළිබඳ පැහැදිලි සාක්ෂියක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනේ.

මියැන්මාරය විසින් මේ නඩුව මෙහෙයවූ ආකාරය හේතුවෙන්, කලක් ‘බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව‘ යනුවෙන් හැඳින්වූ අවුන් සාන් සුකී තවදුරටත් දැවැන්ත ලෙස අන්තර්ජාතික අපකීර්තියකට පත්වූවාය. ඇය පවසා තිබුණේ රටේ ප්‍රකාශනයේ නිදහස සහ මාධ්‍ය වේදීන් දෙදෙනාගේ චෝදනා අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි!

ටයිම් වසරේ මිනිසා පිළිබඳ ඉතිහාසය

2017 වසරේ දී ටයිම් සඟරාව විසින් වසරේ මිනිසා ගෞරවය පිරිනමා තිබුණේ ‘නිහැඬියාව බිඳින්නෝ‘ – “the Silence Breakers” යන මාතෘකාවෙන් යුතුව ලිංගික අඩන්තේට්ටම් හා හිරිහැරවලට එරෙහිව සිය හඬ අවදි කළ ගැහැණුන් හා පිරිමින් වෙත ය.

ජාත්‍යන්තර ටයිම් සඟරාව ‘වසරේ මිනිසා – “Man of the Year” නම් කිරීම සිදුකරන්නේ 1927 වසරේ සිට ය. ‘ලෝකයේ යහපත හෝ අයහපත වෙනුවෙන් සිදුවීම් ජනනය කළ “ යන වර්ගීකරණය මෙහිදී යොදා ගැනේ.

ටයිම් වසරේ මිනිසා වශයෙන් එහි ඉතිහාසය පුරා වැඩි වශයෙන් නම් කර තිබෙන්නේ තනි පුද්ගලයන් ය. නමුත් එය අනිවාර්ය සාධකයක් නොවේ. 1950 වසරේදී තනි මිනිසෙකු නම් කිරීමේ සම්ප්‍රදාය අනිවාර්ය නොවන බව ටයිම් සඟරාව පැවසුවේය.

පහත දැක්වෙන්නේ තනි පුද්ගලයෙකු/තනි මිනිසෙකු ටයිම් සඟරාව විසින් ‘වසරේ මිනිසා‘ ලෙස තෝරා නොගත් අවස්ථාවන්ට උදාහරණ කිහිපයකි.

1950 – ‘ඇමරිකානු සටන්කරුවා – “The American fighting-man”
1956 – හංගේරියානු වැසියෝ
2014 – ‘එබෝලා වසංගතයට එරෙහිව සටන් වදින්නන්‘ – , “Ebola fighters”
2011 -‘උද්ඝෝෂකයා‘ -“The Protester” – අරාබි ලෝකය පුරා හටගත් අරාබි වසන්තයට පණ පෙවූ පුරවැසියෝ

මේ අතර, 2006 වසරේ දී ටයිම් ‘වසරේ මිනිසා‘ බවට පත්වූ කෙනා අති විශේෂ ය. එවර වසරේ මිනිසා ලෙස නම් කර තිබුණේ ‘ඔබ‘ – “You” ය. පරිශීලකයන් විසින්ම නිර්මාණය කරනු ලබන අන්තර්ජාල අන්තර්ගතය මෙසේ එම වසරේදී ගෞරවයට පාත්‍ර කෙරිණි.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

57 mins ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

3 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

4 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

4 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

18 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

21 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

22 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

23 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

23 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

23 hours ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

24 hours ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago