ලොව යන අත

ට්‍රම්ප් පරිපාලනය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය ‘ලිංගයට’ සීමාකිරීමේ උත්සාහයක

මෙය රජයක් විසින් මෙතෙක් ගන්නා ලද අතිශය පටු, උද්ධච්ඡ වූත් තීන්දුවක් බවට සැලකෙන අතර, මෙමඟින් ඇමරිකානු රජය විසින් සංක්‍රාන්ති සමාජභාවී (Transgender) ප්‍රජාවන්ගේ ආරක්ෂාව සඳහා ස්ථාපිත රාජ්‍ය සිවිල් අයිතවාසිකම් උල්ලංඝනය වීමේ බරපතල අවදානමක් ඇති බවට වාර්තා වේ.

ඇමරිකානු නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ සටහනකට අනුව, සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව ‘ස්ත්‍රී-පුරුෂ භාවය’ (Sex) සඳහා නෛතික අර්ථකතනයක් ස්ථාපිත කිරීමට උත්සුක වන අතර, ඒ රාජ්‍ය සිවිල් අයිතිවාසිකම් ‘IX වගන්තිය’ (Title IX) යටතේය. මෙම වගන්තිය යටතේ රජය මූල්‍යමය සහය ලබාදෙන සියලු අධ්‍යාපනික වැඩසටහන් තුළ ‘ස්ත්‍රී-පුරුෂ සමාජභාවය’ (Gender) මත පදනම් වූ හිංසනයන් තහනම් කරනු ලබයි.

The Weekly Standard

හිටපු ජනාධිපත් බැරැක් ඔබාමාගේ පාලන කාලය තුළ, ඔබාමා පරිපාලන ඒකකය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සඳහා පැවති නෛතික සංකල්ප අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ඇතුළු සියළු රාඡ්‍ය වැඩසටහන් තුළ ලිහිල් කළ අතර, එමඟින් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු පුද්ගලයකුගේ තනි කැමැත්ත මත පදනම් වූ තත්ත්වයක් මිස, එය උපතේදී විනිශ්චය කළ ලිංගය මත පදනම් නොවන බව හැඳින්වීය. මෙම ප්‍රතිපත්තිය වැසිකිළි පද්ධති, නවාතැන් පහසුකම්, තනි-ස්ත්‍රී-පුරුෂ-භාවී වැඩසටහන් (single-sex programs) වැනි ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සරලව තැකූ සියළු ආයතන අතර පවතින ගැටළු මඟහරවා ගැනීමට මහඟු රුකුලක් විය. ඇමරිකාවේ ගතානුගතික මනෝභාවී පුද්ගලයන් අතර, විශේෂයෙන්ම එවැන්ජලිකල් ක්‍රිස්තියානි ප්‍රජාව අතර, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සම්මතයන් මත පදනම් වූ වෙනස්කොට සැලකීම් බහුලව පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අර්ථකතනය කරන්නේ, “පිරිමින්-පිරිමින් අතර, ගැහැණුන්-ගැහැණුන් අතර, පිරිමින්-ගැහැණුන් අතර සහ පිරිමි දරුවන්-ගැහැණු දරුවන් අතර පවතින සබඳතා හා අවස්ථාවන් සංකේතවත් කිරීම සඳහා ස්ත්‍රීන් හා පුරුෂයන් සම්බන්ධයෙන් සමාජීය වශයෙන් සම්මත කරගන්නා ලද ලක්ෂණයන්” බවය. මෙම ලක්ෂණ, අවස්ථාවන් හා සබඳතා ‘සමාජීය’ වශයෙන් සම්මත කරගන්නා ලද සංකල්ප වන අතර, එම සංකල්ප පුද්ගලයකු සමාජගත වීමේ ක්‍රියාවලිය ඔස්සේ ඉගෙන ගනු ලබයි. මෙම සංකල්ප කාල-නිශ්චිත හා වෙනස්වන සුළු සංකල්පයන් වේ. ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිරිමියකු හෝ ගැහැණියක ගේ වටිනාකම, ඔවුන්ගේ සමාජ වගකීම, හා ඔවුනට සමාජය තුල අවසරලත් නොලත් දෑ පුරෝකතනය කිරීම සඳහා සකසා ගන්නා ලද සමාජීය සංකල්පයක් වේ. මෙය විවිධ සංස්කෘතීන් තුළ විවිධාකාරයෙන් අර්ථකතනය කරනු ලබන අතර, බොහෝ සමාජයන් තුළ වගකීම්, කාර්‍යභාරයන්, සම්පත් පරිහරණය කිරීම සඳහා ඇති අවසරය, තීන්දු තීරණ ගැනීමේ හා පාලනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් ස්ත්‍රී-පුරුෂ සමාජභාවය තුල දැඩි විෂමතාවයක් හා අසමානාත්මතායක් පවතී. මෙම නිසා ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු ඉතා පුළුල් සමාජ-සංස්කෘතික කතිකාවක එක් පැතිකඩකි. මෙම සමාජ-සංස්කෘතික විශ්ලේෂණය සඳහා වැදගත් අනෙකුත් නිර්ණායකයන් වන්නේ පන්තිය, ජාතිය, දරිද්‍රතා මට්ටම, ජනවාර්ගික කණ්ඩායම් සහ වයස යි.

ද ටයිම්ස් පුවත්පතේ සටහනකට අනුව, සෞඛ්‍යය සහ මානව සේවා දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නිවේදනයේ තර්ක කොට ඇත්තේ ප්‍රධාන රාජ්‍ය ආයතන ස්ත්‍රී-පුරුෂ සමාජභාවය සඳහා ලබාදෙන අර්ථකතනය පිළිබඳ පැහැදිලි ස්ථාවරයක සිටිය යුතු බවත්, ඒ සඳහා තමා හැඩගැසිය යුතු බවත්, ඒ අනුව මෙය හුදෙක් ‘ජීවවිද්‍යාත්මක, විද්‍යාව මත පමණක් පදනම් වූ, අරමුණ පැහැදිලි හා පරිපාලනයට නතු කළ හැකි කාරණයක්’ බවත් ය. දෙපාර්තමේන්තුව යෝජනා කළ පරිදි ස්ත්‍රී-පුරුෂ භාවය (Sex) ස්ත්‍රී හෝ පුරුෂ පමණක් විය යුතු අතර, එය නොවෙනස් විය යුතු අතර, මෙය විනිශ්චය විය යුත්තේ උපතේදී ලද ලිංගික අවයවය මත පමණක් බවද, යම් හෙයින් සැකයක් පවතින්නේ නම් ජාන පරීක්ෂාවක් මඟින් තහවුරු කරගත යුතුද වේ. සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් පමණක් නොව එමඟින් අන්තර් ලිංගික (intersex) ප්‍රජාවන්ද කොන්කොට සැලකීමට ලක්වන බව විද්වතුන් පෙන්වා දෙයි.

මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙලෙස ස්ත්‍රී-පුරුෂ සමාජභාවය යනු වෙනස්කළ නොහැකි උප්පත්තිය මත විනිශ්චය වන්නක් යැයි නිකුත් කළ නිවේදනයට විරෝධය පළකරමින් ඇමරිකානු ධවල මන්දිරය අභියස විරෝධතාවේ නිරත වන අතර, ඇමරිකානු සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවන් පවසන්නේ ඉදිරියට තමන්ට අත්වන ඉරණම පිළිබඳ බියෙන් පසුවන බවයි.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

3 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

4 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

4 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

5 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

20 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago