කාලීන

දෝනි සමු ගනී – ඉන්දීය ක්‍රිකට් අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගයක් එසේ අවසන් විය !

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සිය ජාත්‍යන්තර ක්‍රිකට් චාරිකාවට තිත තැබීමට තීරණය කර තිබෙනවා. ඔහු අද (15) පස්වරුවේ සිය තීරණය ප්‍රකාශයට පත් කළේය.

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන මහේන්ද්‍ර සිංහ දෝනි 2004 වසරේදී බංග්ලාදේශයට එරෙහිව එක්දින වරම් දිනා ගනිමින් ජාත්‍යන්තර ක්‍රික‍ට් පිටියට අවතීර්ණ වූ අතර 2005 වසරේදී ටෙස්ට් වරම් හිමිකර ගත්තේය.

ඉතා ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස මුල සිටම කැපී පෙ‍නුණු දෝනි ලොවපුරා බොහෝ දෙනාගේ කතාබහට ලක් වූයේ හොඳම තරග අවසන් කරන්නා (බෙස්ට් ෆිනිෂර්) ලෙසයි. ඔහුගේ එම දක්ෂතාවය කෙතරම්දැයි කිවහොත් දෝනි සිය එක්දින තරග චාරිකාවේ පිතිකරණයට පැමිණි ඉනිම 297 කින් ඉනිම 84 ක්ම අවසන් කළේ නොදැවී සිටිමිනි.

ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි තීක්ෂණ බුද්ධියක් සහිත ක්‍රීඩකයෙකු මෙන්ම ශූර කපටියෙකු ලෙස ද සැලකිය හැකිය. ඕනෑම අවස්ථාවක පිටියේ පන්දු රකින්නන් අතරින් පන්දුව යවා ලකුණු ‍සොරා ගැනීමට මෙන්ම පන්දු රකින්නන් අන්ද මන්ද කරමින් නැති ලකුණු කරා දිව යාමටද ඔහු රුසියෙකි.

එසේම පිතිකරුවන් මුළා කරමින් දුවද්දී දවා ගැනීමට මෙන්ම අධිවේගී ස්ටම් කිරීම්වලට හසුකර ගැනීමටද ඔහු තරම් සමතෙකු ක්‍රිකට් පිටියේ බිහි වී නොමැත.

පිතිකරණයෙන්, කඩුලු රැකීමෙන් පමණක් නොව නායකත්වයෙන්ද උපරිමය සිය කණ්ඩායමට ලබාදීමට දෝනි සමත් වූ අතර සියලු අංශයේ සීමිත පන්දු වාර ලෝක කුසලාන (එක්දින, 20/20, චැම්පියන්ස් ත්‍රොපි) ඉන්දියාවට හිමිකර දීමට දෝනි නායකත්වය ලබා දුන්නේය. ඉනුදු නොනැවතී ඔහුගේ නායකත්වය යටතේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය දිනා ගැනීමටද ඉන්දියාවට හැකි විය.

මීට අමතරව ඔහුගේ නායකත්වය යටතේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය තෙවරක් ජයග්‍රණය කළ අතර වසර පහකදී අනුශූරයන් බවට පත්විය. ඉනුදු නොනැවතී චැම්පියන්ස් ලීග් තරගාවලිය දෙවරක් ජයග්‍රහණය කිරීමටද ඔහු චෙන්නායි කණ්ඩායමට නායකත්ය ලබා දුන්නේ.

ඔහුටම ආවේණික හෙලිකොප්ටර් පහර ‍හේතුවෙන් දෝනි තවත් ජනප්‍රිය වූ අතර කවදා කොතැනක කවර ක්‍රීඩකයෙකු එම පහර එල්ල කළද එය නරඹන ඕනෑම ප්‍රේක්ෂකයෙකුට මහේන්ද්‍ර සිං දෝනි නාමය සිහිපත් වනු ඇත.

කෙ‍ාටින්ම කිවහොත් මහේන්ද්‍ර සිං දෝනි යනු ක්‍රිකට් ක්‍රීඩාව මෙළොව පවතිනා තාක් සියලු ක්‍රික‍ට් ප්‍රේක්ෂකයන්ගේ මනසේ රැ‍‍‍ඳෙන පුරාවෘත්තයකි.

UN-LNW

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

15 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

16 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

17 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

17 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago