ලොව යන අත

ප්ලාස්ටික් කන පණුවෝ : මිහිතලය බේරාගැනීමේ අලුත්ම අපේක්ෂාව

mealworms යනුවෙන් සාමාන්‍යෙයන් හඳුන්වන්නේ ආහාර මත වැඩෙන, සෙන්ටිමීටර 2 ක් පමණ දිගකින් යුක්ත පණුවන් වර්ගයක්. උන් mealworm beetle කියන කුරුමිණි වර්ගයේ කීට ආකාරයයි.

සමහර වෙලාවට කුණුගොඩවල්වලින් කළු පාට කුරුමිණියන් මතු වෙන ආකාරය ඔබත් දැකල ඇති. ඒ තමයි mealworm beetle. මේ කුරුමිණියන්ගේ කීට අවස්ථාව තමයි, විද්‍යාඥයන් විසින් ප්ලාස්ටික් ජීර්ණය සඳහා යොදාගන්නේ.

ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ පර්යේෂකයන් දැනටමත් මේ ගැන විශාල පර්යේෂනයක නිරත වී සිටිනවා.

ප්ලාස්ටික් බහිස්‍රාවය

ස්ටයිරොෆෝම් (Styrofoam) වලින් නිෂ්පාදනය කළ කෝපි කෝප්පයක් සතියක් ඇතුළත කා දමන්නට මේ වර්ගයේ පණුවන් 3,000 – 4,000 ක් අතර ප්‍රමාණකට සුළු දෙයක්. උන්ගේ බඩවැල්වලදී ප්ලාස්ටික්, ජීර්ණයට ලක් වන බව සොයාගෙන තිබෙනවා.

ස්ටයිරොෆෝම්වල අඩංගු පොලිස්ටයිරීන්වලින් හරි අර්ධයක් මේ ආකාරයෙන් ජීර්ණය කරන විට උන් තමන්ගේ ශරීර තුළදීම ඒවා කාබන්ඩයොක්සයිඩ් බවට පත් කර මුදා හරිනවා. අනෙක් කොටස ‘ක්ෂුද්‍ර ප්ලාස්ටික්‘ (මයික්‍රොප්ලාස්ටික්) විදිහට මුදා හැරෙනවා.

ක්ෂුද්‍ර ප්ලාස්ටික් හෙවත් ප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු, ආහාරදාමවලට ඇතුළත් වීම ලෝකය මුහුණ දෙන විශාල ප්‍රශ්නයක්. මේ නිසා, මීල්වෝම් වර්ගයේ පණුවන් ප්ලාස්ටික් ආහාරයට ගන්නා විට මේ අවදානම ඉහළ යාවිදැයි සොයාබැලිය යුතුයි.

මෙහිදී හෙළි වෙලා තියෙන්නේ, මේ ජීර්ණ ක්‍රියාවලියේදී මීල්වෝම් වර්ගයේ පණුවන්ගේ ශරීර තුළට විෂ රසායනික එක්රැස් නොවන බවයි. ඒ අනුව ආහාරදාමයට මේවා එකතු වෙන්නෙ නැහැ. ඒ කියන්නේ, මීල්වෝම් වර්ගයේ පණුවන් ව ආහාරයට ගන්නා කුකුළන් හෝ ඌරන් වගේ සතුන්ගේ ශරීරවලට ඒවා ඇතුළත් වන්නේ නෑ.

ඒ වගේම මෙම ප්ලාස්ටික් ජීර්ණයට උදව් කරන, මීල්වෝම් පණුවන් තුළ ඇති බැක්ටීරියාව මීට පෙර හඳුනා නොගත් එකක් බවත් පර්යේෂකයන් කියනවා.

පොලිතීන් කන්නට හපන්නු

පොලිස්ටයිරීන් වගේම පොලිතිලීන් කියන බහුඅවයවිකයත් ආහාරයට ගන්නට මේ පණුවන්ට පුළුවන්. පොලිතිලීන් කියන්නේ සාමාන්‍ය පොලිතීන්වලට. මෙය, ලෝකයේ වැඩිපුරම භාවිතා වන ප්ලාස්ටික් වර්ගයයි.

ප්‍රතිචක්‍රීකරණයට නව බලාපොරොත්තුවක්

මේ වන විට පෘථිවිය මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටළුවක් වන්නේ ප්ලාස්ටික් දූෂණය (Plastic pollution) යි.

[embedyt] https://www.youtube.com/watch?v=ju_2NuK5O-E[/embedyt]

අලුත්ම වාර්තාවලට අනුව, වසර 2040 වනවිට සාගරයේ පොලිතීන් ප්‍රමාය දැන් තිබෙන ප්‍රමාණය වගේ තුන් ගුණයකින් ඉහළ යන්නට නියමිතයි. ඒ අනුව වසර 2040 වන විට සාගරයේ තිබෙන පොලිතීන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියන 29 ක් දක්වා වැඩි වෙන්නට නියමිතයි.

ප්‍රතිචක්‍රීකරණය මගින් ඉවත් කරන්නට පුළුවන් කම තිබෙන්නේ එයින් 31%-45% අතර ප්‍රමාණයක් විතරයි. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණ කාර්යය මිනිසුන්ගෙන් පණුවන්ට යම් ප්‍රමාණයකට හෝ භාරකරන්නට කාලය ඇවිත්.

මීල්වෝම් මිනිසුන්ගේත් ආහාරයක්!

තවත් කාරණයක්. මීල් වෝම් වර්ගයේ පණුවන් කුකුළන් සහ ඌරන්ගේ ප්‍රියතම ආහාරයක් බව ඉහතින් කියා තිබෙනවා. නමුත් මෙයට අමතරව මීල්වෝම් පණුවන් ආහාරයට ගන්නා මිනිසුන් ද සිටිනවා.

 

Canned Mealworms

මේ මීල්වෝම් පණුවන් ලෝකයේ සමහර රටවල්වල රසවත් ආහාරයක් විදිහටත් පිළිගැනෙනවා. ඇමරිකානු ඩොලර් 5කට වගේ, කලින් පිසින ලද සහ කෑන්කළ පණුවන්, නැවතත් මීල් එකක් ලෙස ගන්නට අවස්ථාව තිබෙනවා.

කොහොම වුණත්, ඉවතලන ආහාර මත හැදෙන පණුවන්, පෝෂණ ගුණයෙන් ඉහළ නිසා නැවත ඒ පණුවන් ව ආහාරයට ගන්නවා වෙනුවට, උන්ව මිහිතලයේ ප්ලාස්ටික් ප්‍රශ්නය විසඳන්නට යොදා ගැනීම පරාර්ථකාමී – පරිසරහිතකාමී වැඩක්.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

5 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

5 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

6 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

21 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago