කාලීන

පිරිමි එළියෙ නම් – ගෑණු ඇතුළෙ! – Gender-based lockdowns ඇතුළු ලොව පුරා ලොක්ඩවුන් ක්‍රමවේද

ඩෙන්මාර්කය – මීටර 2 ක පරතරය

Denmark’s Prime Minister Mette Frederiksen, right, speaks to pupils during the reopening of Lykkebo School in Copenhagen, Wednesday, April 15, 2020.  (Philip Davali/Ritzau Scanpix via AP)

උදාහරණයක් වශයෙන් ඩෙන්මාර්කය වැනි දියුණු රටවල් පංති කාමරවල දරුවන් අතර මීටර 2 ක දුරක් පවත්වාගන්නා අතර, ඔවුන්ගේ සෙල්ලම් පිටි පවා, ටේප් පටිවලින් බෙදා වෙන් කර තිබේ.

තුර්කිය – සති අන්තවල ඇඳිරි නීතිය

තුර්කිය ඇඳිරි නීතිය පනවන්නේ සති අන්තවල පමණි. පැය 48 ක නොනවතින ඇඳිරි නීතියෙන් පසුව පුරා දින 5 ක් ඔවුන්ට සාමාන්‍ය පරිදි ජීවත් විය හැකිය.

එංගලන්තය – ඉමියුනිටි සහතික

මේ අතර එක්සත් රාජධානියේ කොවිඩ් වසංගතය සඳහා ප්‍රතිදේහ ශක්තිය ඇති බවට හඳුනාගෙන ඇති අයට පාස්පෝට් එකකට සමාන ‘ප්‍රතිශක්ති සහතිකයක්‘ – “immunity certificate,” නිකුත් කිරීමේ සාකච්ඡාවක් තිබේ. ඔවුන් සැරසෙන්නේ මේ සහතිකය ඇති අයට නිදහසේ යාම් ඊම් කළ හැකි තත්වයක් රට තුළ ඇති කරන්නට ය.

ස්වීඩනය – වයස 70 ට අඩු නම් නිදහසේ

(AP Photo/Andres Kudacki)

දියුණු ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය, වයස 70ට වැඩි අයට පමණක් නිවෙස් තුළ සිටින ලෙස නියම කරයි. සෙසු අයට සෑහෙන පමණින් සිය සමාජයීය ජීවිතය අත්විඳිය හැකිය.

කොළොම්බියාව – හැඳුනුම් පත් අංකයෙන් කුසපත් අදියි!

මේ අතර කොළොම්බියාවේ සමහර කොටස් (කාලි සහ මෙඩෙලින් වැනි නගර)වල බලධාරීන් සිය පුරවැසියන්ට නිවෙස්වලින් පිටතට යාමට ඉඩ ලබාදෙන්නේ කුසපත් ඇදීමේ ක්‍රමයට ය. මෙහිදී ඔවුන්ගේ හැඳුනුම්පත් අංකය අනුව පිටතට යාමට වරම් ලබන අය තෝරාගනු ලබයි.

ඔස්ට්‍රේලියාව – කිවිසන අය සොයන ‘බත්කූරන්‘

ඉතාලියේ ජාතික සිවිල් ගුවන් ගමන් අධිකාරිය මාර්තු මාසයේ අග පටන් අනවසරයෙන් වීදියේ සිටිනවුන් සොයාගන්නේ ඩ්‍රෝන තාක්ෂණයෙනි.

නමුත් පුද්ගල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සංවේදී එක්සත් රාජධානිය මේ දෙයම කරන්නට ගොස් විශාල විවේචනයකට ලක් වුණේ ය.

ඔස්ට්‍රේලියාවේ ‘ඩ්‍රැගන්ෆ්ලයි‘ නමැති ඩ්‍රෝන යානා සමාගමකි. මේ සමාගම මේ මාසයේදී එරට ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ යුනිවසිටි ඔෆ් සවුත් ඔස්ට්‍රේලියා සමග ගිවිසුමකට එළඹුණේය. ඔවුහු මේ ඩ්‍රෝන යානා යොදාගෙන පුරවැසියන්ගේ උෂ්ණත්වය, හෘද ස්ඵන්දන වේගය, ශ්වසන වේගය පවා සොයයි. පිරිසක් අතර සිටින විටදී මීට අමතරව කිවිසුම් යවන්නේ කවුද සහ කැස්ස තිබෙන්නේ කාටද යන්න පවා එ්වා මගින් නිරීක්ෂණය කරයි.

මෙම ඩ්‍රෝන යානා හඳුන්වන්නේ ‘පැන්ඩමික් ඩ්‍රෝන්ස්‘ (“pandemic drones”) හෙවත් වසංගත ඩ්‍රෝන යානා යනුවෙනි.

චීනය සහ කුවේට් යන රටවල නම් ‘කතා කරන ඩ්‍රෝන යානා යොදාගන්නේ වියපත් අයට සුරක්ෂිතව සිය නිවෙස්වලට යන පාර කියන්නට ය.

පෙරු, පැනමාව, කොලොම්බියාව – ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ලොක්ඩවුන් කිරීම

(AP Photo/Arnulfo Franco)

මේ සියලු ලොක්ඩවුන් උපාය මාර්ගයන් අතරින් වඩාත්ම අවුල් සහගත සහ විකාරරූපී ක්‍රමවේදය අනුගමනය කරන්නේ පැනමාව, පෙරු සහ කොලොම්බියාවයි.

පෙරුවියානු ජනාධිපති මාටින් විස්කාරා අප්‍රේල් 2 වැනිදා නිවේදනය කළේ පාරේ සිටිය යුත්තේ කවුද නිවසේ සිටිය යුත්තේ කවුද යන්න තීරණය කිරීමට ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත පදනම් වූ ලොක්ඩවුන් ක්‍රමවේයක් (ජෙන්ඩර් බේස්ඩ් ලොක්ඩවුන් ස්ට්‍රැටර්ජි) අනුගමනය කරන බවයි. ඒ අනුව සඳුදා, බදාදා සහ සිකුරාදා දවස්වල පමණක් පිරිමින්ට පිටතට යා හැකිය. අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පිටතට යා හැක්කේ ස්ත්‍රීන්ට පමණි. ඉරිදා දිනයට සියලුම දෙනා ගෙදර සිටිය යුතුය.

මේ අතර අප්‍රේල් 1 වැනිදා සිට පැනමාව ද මෙය අත්හදා බලයි. ඔවුන් තර්ක කරන්නේ තමන් ආදරය කරන අය පාරේ නොසිටින විට අනෙක් පාර්ශවය ද පිටතට නොයන බව ය!

බොගෝටා අගනුවර ඇතුළු කොලොම්බියාවේ නගර ගණනාවක් ද මේ ක්‍රමයම අනුගමනය කරයි. එනම්, ගැහැණුන් පිරිමින් පිටතට යා යුත්තේ දෙමාරුවට ය.

Share

Recent Posts

වියට්නාමය නව ජනාධිපතිවරයා ලෙස මහජන ආරක්ෂක ඇමතිවරයා නම් කෙරේ

පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…

9 hours ago

RISHI SUNAK එංගලන්තයේ ධනවතුන්ගේ ලැයිස්තුවට!

මේ වන විට ඔහුගේ වත්කම පවුම් මිලියන 651ක්.

11 hours ago

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්වය හේතුවෙන් ඇෆ්ගනිස්ථානයේ 50 දෙනෙකු මරුට

ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…

11 hours ago

පෝල් මැකාට්නි එක්සත් රාජධානියේ පළමු ප්‍රකෝටිපති සංගීතඥයා බවට පත් වෙයි

ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.

14 hours ago

ඇෆ්ගනිස්ථාන ප්‍රහාරයකින් ස්පාඤ්ඤ සංචාරකයින් තිදෙනෙකු මරුට

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.

21 hours ago

ලෝකයේ අංක එකේ ගොල්ෆ් ක්‍රීඩක ස්කොටී ෂෙෆ්ලර් අත්අඩංගුවට

කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

1 day ago

සමහර අසනීපයන්ට වගකිවයුතු ද්‍රව පරපෝෂිතයා – Cryptosporidium

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…

2 days ago

සංක්‍රාන්ති ලිංගිකයන් ‘මානසික රෝගීන්’ ලෙස පේරු හි නිල වශයෙන් පවසයි!

රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…

2 days ago

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 days ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

2 days ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

2 days ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

2 days ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

3 days ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

3 days ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

3 days ago