භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය විශ්වයේ ‘අඳුරුතම රහස්‘ හෙළිකළ විද්‍යාඥයන් ත්‍රිත්වයකට

රොජර් පෙන්රෝස් (Roger Penrose), රෙයින්හාඩ් ගෙන්සෙල් (Reinhard Genzel) ඇන්ඩ්‍රියා ගේස් (Andrea Ghez) යන තිදෙනාට මෙම සම්මානය පිරිනමා තිබෙන්නේ කළුකුහර ආශ්‍රිතව සිදුකළ වැදගත් සොයාගැනීම් සඳහා යි.

ස්ටීවන් හෝකින්ස්ගේ ගෝලයා – රොජර් පෙන්රෝස්

රොජර් පෙන්රෝස්, එංගලන්ත ජාතිකයෙක්. ඔහු නූතන භෞතික විද්‍යාවේ නියමුවෙකු වන ස්ටීවන් හෝකින්ස් සමග එකට වැඩ කළ අයෙක්. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය පිළිබඳ සිද්ධාන්තය සහ ක්වොන්ටම් සිද්ධාන්තය එකට සම්මිශ්‍රණය කරන්නට ඔහු ස්ටීවන් හෝකින්ස් සමග වැඩ කළා. මේ සිද්ධාන්ත දෙකේ එකතුව මගින් යෝජනා කරන්නේ කාලය සහ අවකාශය මහා පිපුරුම සමග ආරම්භ වන බව සහ, කළු කුහරවලින් අවසාන වන බවයි.

මේ අනුව, 2020 භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයටත් ස්ටීවන් හෝකින්ස් මහාචාර්යවරයාගේ නොමද දායකත්වයක් තිබෙනවා.

අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මගින් කළු කුහර තිබෙන බව යෝජනා කළත්, අයින්ස්ටයින් කළු කුහර තිබෙන බව සැබවින්ම පුරෝකථනය කරන්නට මැලි වුණා. ඔහු එය විශ්වාස කළේ නැහැ. කළු කුහරවල පැවැත්ම ගණිතමය ලෙස මුලින්ම තහවුරු කළේ පෙන්රෝස් විසින් 1965 වර්ෂයේදීයි.

මේ අතර විද්‍යාඥ ගෙන්සෙල් ජර්මානු ජාතිකයෙක්. ඔහු ජර්මනියේ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ ප්‍රධානියායි. ඒ වගේම ඔහු බර්කෙලි හි කැලිෆෝනියා සරසවියේ මහාචාර්යවරයෙක්.

අදෘෂ්‍යමාන – අධිබර වස්තුව අති දැවැන්ත කළු කුහරයක්

ගෙන්සෙල්, ගේස් සමග එක්ව ඇසට නොපෙනෙන, අතිශයින්ම බරැති වස්තුවක් සොයාගත්තා.

එය සූර්යයන් මිලියන 4 ක් තරම් බරැති දෙයක්. අපේ මන්දාකිණියේ (ක්ෂීරපථයේ) තාරුකාවල කක්ෂයන් පාලනය කරන්නේ මෙය බවත් සොයාගැනුණා. මේ අධිබර- අදෘෂ්‍යමාන වස්තුව අන් කිසිවක් නොව, අති දැවැන්ත කළු කුහරයක් (A supermassive black hole). එය මේ මොහොතේ ප්‍රසාරණය වෙමින් තිබෙනවා.

පසුගිය වසරේත් නොබෙල් ත්‍යාගය කොස්මොලොජි සඳහා

පසුගිය වසරේත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය වෙන් වුණේ තාරුකා විද්‍යාව සහ අභ්‍යවකාශ විද්‍යාව (කොස්මොලොජි) වෙනුවෙන්. ඒ අනුව විද්‍යාව පිළිබඳ රාජකීය ස්වීඩන් ඇකඩමියේ සාමාජිකයෙකු සහ ස්වීඩන් ජාතික තාරකා විද්‍යාඥයෙකු වන බෙන්ග්ට් ගුස්ටාෆ්සන් (Bengt Gustafsson) හට එම ත්‍යාගය පිරිනැමුණා.

විශ්වයේ අසිරිය සහ ඒ සම්බන්ධ වැදගත් සොයාගැනීම් කළ විද්‍යාඥයන් වෙත නොබෙල් කමිටුවේ අවධානය මේ අන්දමින් දිගින් දිගටම යොමු වීම පුදුමයට කාරණයක් නෙවෙයි.

නොබෙල් දිනාගත් සිව්වැනි කාන්තාව

නොබෙල් ත්‍යාග ඉතිහාසයේ සිව්වැනි වතාවට නොබෙල් ත්‍යාගය දිනාගත් කාන්තාව බවට ද ඇන්ඩ්‍රියා ගේස් පත්ව සිටිනවා.

ඇය, කැලිෆෝනියා සරසවියේ මහාචාර්යවරියක්.

සූර්යයන් මිලියන 4 ක් තරම් බරැති අදෘෂ්‍යමාන අති දැවැන්ත කළු කුහරය සොයාගන්නට ඇය දායකත්වය ලබා දුන්නා.

ඒ අනුව ස්වීඩිෂ් ක්‍රෝන මිලියන 10 ක (ඇ.ඩො. මිලියන 1.1) ක ත්‍යාගය ඔවුන් තිදෙනා අතර සමසේ බෙදී යනු ඇති.

මීට පෙර ලේසර් භෞතික විද්‍යාව පිළිබඳ සිදුකළ වැදගත් සොයාගැනීම් සඳහා ඩෝනා ස්ට්‍රික්ලන්ඩ් (Donna Strickland) 2018 වසරේදී දිනාගත්තේ වසර 55කට පසුවයි.

නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත් එකම කාන්තාව – මාරි කියුරි

RETUSCHERAD

1903 සහ 1911 වසරවලදී පෝලන්ත ජාතික විද්‍යාඥවරිය මාරි කියුරි නොබෙල් ත්‍යාගය දෙවරක් දිනාගත්තා. ඒ නොබෙල් ත්‍යාගයන් දෙකෙන් එකක් රසායනික විද්‍යාව සඳහා වූ අතර, අනෙක භෞතික විද්‍යාව සඳහා වීම සුවිශේෂී කාරණයක්.

1903 දී මුල් වරට මාරි කියුරි නොබෙල් ත්‍යාගය දිනාගත්තේ භෞතික විද්‍යාව වෙනුවෙන්. 1911 දී රසායන විද්‍යාව වෙනුවෙන්.

මේ අතර, 1963 වසරේදී මරියා ගෝපට් මේයර් (Maria Goeppert Mayer) ඉතිහාසයේ නොබෙල් ත්‍යාගයක් දිනාගත් දෙවන කාන්තාව බවට පත් වුණේත් භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනාගනිමින්. ඒ, න්‍යෂ්ටික සෛල ව්‍යූහය සම්බන්ධ සොයාගැනීම් වෙනුවෙන්.

නොබෙල් සාම ත්‍යාගය මේ වසරේ හිමිවන්නේ කාටදැයි මේ සිකුරාදා දිනයේ නිවේදනය කිරීමට නියමිතයි.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

8 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

10 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

10 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

11 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

11 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago