කාලීන

මීළඟ ගල්ෆ් යුද්ධයට අත වනමින් මරා දැමුණු ‘රොක්ස්ටාර් ජනරාල්‘ – ක්වාසම් සොලෙයිමනී

ලෙබනනයේ හෝ සිරියාවේ සිට ඉරාකය බලා පැමිණ සිටි ඔහු ගමන් ගත් මෝටර් රථයට තිතටම මිසයිල ප්‍රහාරය එල්ල කෙරුණේ ඉරාකයේ බැග්ඩෑඩ් අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ය.

‘රොක් ස්ටාර් ජනරාල්

දැන් ඉරානය පළි ගන්නා බව දිවුරමින් කියයි. ජනවාරි මාසයේ දෝහා කටාර් හි සිදුකිරීමට නියමිත ව තිබූ ඇමරිකානු පාපන්දු පුහුණු සැසි ද අද (4) දින අවලංගු කරනු ලැබුවේ මේ පසුබිම තුළ ය.

General Qasem Soleimani – ජනරාල් ක්වාසම් සොලෙයිමනී ඉරානයේ වඩාත්ම බලවත්ව සිටි හමුදා කොමාන්ඩෝවරයාය.

ඔහු ඉරානය තුළ කොතරම් ජනප්‍රිය චරිතයක්දැයි කියන්නේ නම්, ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රබලත්වය දෙවැනි වූයේ ඉරාන නායක අයතුල්ලා කොමේනි (Supreme Leader Ayatollah Ali Khamenei) හට පමණි.

බීබීසී පුවත් සේවය අද දින පළ කළ වාර්තාවකට අනුව ක්වාසම් සොලෙයිමනී ඉරානය තුළ ‘රොක් ස්ටාර් ජනරාල්‘ ය.

Quds Force ප්‍රභූ හමුදාවේ මැදපෙරදිග ක්‍රියාන්විතවල ප්‍රධානියා ව සිටි ක්වාසම් සොලෙයිමනී, සිය වසර 62 ක ජීවිතයෙන් වැඩි කොටස ගත කළේ ඉරාන අණසක මැද පෙරදිග තහවුරු කිරීම සඳහා ය.

ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ඉරානයේ විප්ලවීය ආරක්ෂක බලකාය යන නමිනි. මෙම හමුදවේ ප්‍රභූ අංශයක් ලෙසට Quds Force ක්‍රියාත්මක වේ. ඉරාන හමුදාව සෘජුව වාර්තා කළ යුතු වන්නේ අයතොල්ලා අලි කමේනි සහ ක්වාසම් සොලෙයිමනී වෙත පමණි. ක්වාඩ්ස් බලකායට සොලෙයිමනී වසර 21 ක් නායකත්වය සපයා තිබේ. ඉරානය, ලෙබනනයෙන් හෙස්බුල්ලා සහ අනෙකුත් ඉරාන හමුදා කණ්ඩායම් පළවා හැරියේ මේ බලකාය යොදා ගනිමිනි. ඉරාකය සහ සිරියාව දක්වා ඉරානය සිය හමුදා මෙහෙයුම් ව්‍යාප්ත කළේ ද සොලෙයිමනීගේ තිරයෙන් පසුපස තිබූ බුද්ධි අංශ සහ හමුදාමය හැකියාවෙනි.

නායක අයතුල්ලා ඔහුගේ හිස සිඹිමින්

තවද සිරියාව තුළ පවතින සිවිල් යුද්ධයට සිරියානු හමුදාවට ආයුධ සැපයීමේ සිට තවත් බොහෝ කටයුතු ද සිදුවූයේ මේ ඉරාන හමුදා ප්‍රධානියා හරහා ය.

ගුප්ත- මිටි මිනිසා

වරක් ඉරාකයේ හමුදා නිලධාරියෙක් සොලෙයිමනීගේ සැඟවුණු ජනකාන්ත බව විස්තර කර ඇත්තේ මේ ආකාරයට ය. ‘‘ඔහු බොහොම මිටි අයෙක්. මිනිස්සු 10 දෙනෙක් සිටින කාමරයකට ඔහු පැමිණියොත් කවදාවත් ඔහු ඒ අය අසල වාඩි වෙන්නෙ නෑ. ඔහු වාඩි වෙන්නෙ මිනිස්සු අඩුම, කාමරයේ කොණක. බොහොම සන්සුන් විදිහට. ඔහු කතා කරන්නෙ නෑ. අදහස් පළ කරන්නෙ නෑ. වාඩිවෙලා සවන් දෙනවා පමණයි…‘‘

ඇමරිකාවේ සතුරා – ගොවියෙකුගේ පුතා

Soufan හි පළවුණු ලිපියකට අනුව ඇමරිකාව සහ බටහිර බලවතුන් බියපත් කළ මේ ජනරාල්වරයා, ඇෆ්ගනිස්ථාන් පාකිස්ථාන් දේශසීමාවේ පිහිටා ඇති ගිණිකොණදිග ඉරානයේ කඳුකරබද ගම්මානයක උපත ලැබුවෙකි. ඔහුගේ පියා ගොවියෙකි. ඉරානයේ ෂා රජ සමයේ දියත් කළ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා ඔහු ඉරාන රජයට බෙහෙවින් ණය වී සිටි බව ද සඳහන් ය.

මැදපෙරදිග හමුදා මහමොළය – සොලෙයිමනී

මැදපෙරදිග හමුදා බලය තුළ ප්‍රබලම ජනරාල්වරයා ලෙස සැලකුණේ ද ක්වාසම් සොලෙයිමනී ය. ඔහුගේ සුවිශේෂී හැකියාව වූයේ මිලීෂියා (සන්නද්ධ) කණ්ඩායම් සහ රාජ්‍ය හමුදාව එකට එකතු කිරීමේ උපක්‍රමයයි. ලෙබනනයේ සහ සිරියාවේ සිට ඉරාකය සහ යේමනය දක්වා ඉරානයේ බලය පැතිරවූ ‘මාස්ටර් මයින්ඩ්‘ එක ඔහු විය.

සල්මාන් කුමරුත් ගේම් එකේ කොටසක්ද?

මේ වන විට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඉරානයේ ක්වඩ්ස් බලකායේ තර්ජනාත්මක බව මේ තරම් ඉක්මනින් අවසන් කර ගැනීමට හැකියාව ලැබීම ගැන සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් (සල්මාන් කුමරු) හට ස්තූති කර තිබේ. එහි අරුත, ඉරානයේ හතුරෙකු වන සල්මාන් කුමරු, ජමාල් ඛෂෝගිගේ ඝාතන සුලමුල යට ගැසීම සඳහා ඇමරිකාවේ සහ ජාත්‍යන්තරයේ හොඳ හිත දිනාගැනීම ද විය හැකිය.

ලෝක තෙල් මිල ඉහළට

මේ අතර, ටෙහෙරාන් අගනුවර ඇතුළු ඉරාන නගර ගණනාවක දහස් සංඛ්‍යාත වැසියෝ සිය රොක්ස්ටාර් ජනරාල්ගේ ඝාතනයට අප්‍රසාදය සහ කෝපය පළ කරමින් සිටිති.

මේ ඉරාන ජාතිකයන් සැරසී සිටින්නේ ද ක්වාසම් සුලෙයිමනීගේ රුව පින්තාරු කළ ටී ෂර්ටවලිනි. සමහරු ඔහුගේ ඡායාරූප අත තබාගෙන කෝපයෙන් ගෑ ගසති.

මේ ප්‍රහාරයත් සමග ලෝක තෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව ද දැකගත හැකිය.

ඇත්තටම මොකද වුණේ?

ඇමරිකාව, ඇමරිකාවේ මැදපෙරදිග මිතුරන් සහ ඊශ්‍රායලය වසර ගණනක් මුළුල්ලේ ක්වාසම් සුලෙයිමනී පසුපස ලුහු බැන්දේය.

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ඉරාන හමුදා නායකයාව මරා දැමීමට නියෝග කරන්නේ කොංග්‍රසයෙන් පවා විමසීමක් නොකරමිනි. ඔහු මිය ගිය විට ඇමරිකානු ධජය සහිතව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ‘මේක අපිට කලින් කරන්න තිබුණු දෙයක්‘ යැයි ද වහසි බස් දොඩවයි.

ජාත්‍යන්තර විශ්ලේෂකයන්ට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී කරන්නේ සිය වාසනාව උරගා බැලීමකි. තවද දැලි පිහියෙන් කිරි කෑමකි. මේ මොහොත, ඉරානය ජාත්‍යන්තර සම්බාධකවලින් හෙම්බත් වී තනි වී සිටින රටකි. ට්‍රම්ප්ගේ ඉලක්කය වැරදී ගියා නම් එයින් ට්‍රම්ප්ට අවාසියක් නොවන්නේ, මීට පෙර ද අවස්ථා ගණනාවක එය සිදුව ඇති නිසා ය. නමුත් ඉලක්කය හරියාම නිසාම ට්‍රම්ප් දැන් සිටින්නේ අතිශය අවදානම් තත්වයක ය. ඉරාන හමුදා නායකයා මරා දැමීම ඇමරිකානු ජනාධිපතිවරණය ජය ගැනීමට උත්තේජයක් සපයනු ඇත. නමුත් ඊයේ දිනයේදීම ඉරානය ද එකටෙ‘ක කිරීම ආරම්භ කළේය. ඇමරිකානු නාවික හමුදා කඳවුරකට ඉරාන රැන්සන්වෙයා සයිබර් ප්‍රහාරයක් එල්ල වන්නේ ඒ අනුව ය.

කිහිප වතාවක් මළ මිනිසෙක්

ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවලට අනුව ක්වාසම් සුලෙයිමනී මීට පෙර අවස්ථා ගණනාවකදීම මරා දමා ඇතැයි දූෂමාන ආරංචි පැතිරී තිබේ. වරක් ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය 2006 වසරේදී වාර්තා කළේ නිලධාරීන් කිහිප දෙනෙකු සමග ඔහු ගුවන් යානා අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බවයි. 2002 වසරේ දමස්කස් බෝම්බයට ඔහු හසුවූ බව පැවසුණු අතර, 2015 වසරේදී ද ඔහු ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට වාර්තා පළ වී තිබිණි.

තවත් ගල්ෆ් යුද්ධයක් අත ළඟද?

ඉරානය තුළ සොලෙයිමනී සුවිශාල චරිතය (colossal figure) කි. ඔහු ඉතා හොඳ උපක්‍රමශීලියෙකු බව හමුදා නිපුණයන් අතර පිළිගැනීමයි.

ඉරාන හමුදා නායකයාගේ ඝාතනය හේතුවෙන් රුසියාව ද කුපිත වී සිටියි.

‘‘මේක මිනීමැරුමක්‘ යැයි රුසියාව කියා ඇත.

ලෙබනනයේ සිටින, ඉරාන සහාය ලබන හෙස්බුල්ලා කණ්ඩායම් කියන්නේ සොලෙයිමනීගේ මරණයට පළිගත යුතුම බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශකයෙකු මෙසේ කියයි. ‘‘මේ ලෝකයට තවත් ගල්ෆ් යුද්ධයක් දරාගත නොහැකියි.‘‘

පෙර ලිපි

සොලෙයිමනී මරා දැමූ වරදට ඇමරිකාවෙන් පළි ගන්නා බවට ඉරානය දිවුරයි!

ඉරාන හමුදා නායකයා මරා දැමුවේ දහස් ගණනක් ඇමරිකානු ජීවිත බේරාගන්නයි -පොම්පියෝ

ඔව්, මැරුවා තමයි – යුද්ධෙ නවත්තන්න!

එක්සත් ජනපද හමුදා කඳවුරකට රැන්සම්වෙයා වෛරස් ප්‍රහාරයක්

ඇමරිකාව, ඉරාන ප්‍රභූ ආරක්ෂක ප්‍රධානී සොලෙයිමනී මරා දමයි

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

5 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

6 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

7 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

8 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

8 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

22 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago