කාලීන

ලෝ ප්‍රකට ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) පුවත් සේවයේ මුල් පුටුවට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඩේසි වීරසිංහම්

මෙම පත්වීම, 2022 ජනවාරි 01 දා පටන් ක්‍රියාත්මක වේ.

ඩේසි වීරසිංහම්, මේ වන විට AP හි විධායක උප සභාපතිනිය සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ලෙස කටයුතු කරයි.

ඇසෝෂියේටඩ් පුවත් සේවයේ වසර 175 ක කීර්තිමත් ඉතිහාසය තුළ එහි ඉහළම තනතුර සඳහා කාන්තාවක පත් වන පළමු අවස්ථාව මෙයයි. තවද එම තනතුරට පත් වන පළමු සුදු ජාතික නොවන කාන්තාව මෙන්ම පළමු අන්තර්ජාතික පුරවැසියා වන්නේ ද ඇයයි.

51 හැවිරිදි ඩේසි වීරසිංහම්, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වුවද, ඇගේ සම්භවය ශ්‍රී ලංකාවේ ය. ඇගේ දෙමාපියන් ශ්‍රී ලංකාවෙන් 1970 දශකයට පෙර බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ දමිල ජාතිකයන් වේ.

නීති උපාධියක් සහිත අලෙවි විශේෂඥවරියක්

පුරා වසර 17 ක් ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් ආයතනය සමග කටයුතු කර ඇති අතර, පුවත් සේවය ඩිජිටල්කරණයට ලක් කරමින් සජීවී වීඩියෝ විකාශ යනාදිය සමග එය නව තාක්ෂණය වෙත කැඳවාගෙන යන්නට සමත් වූවාය. එමගින් පුවත් සේවයේ ග්‍රාහකයන්ගේ විවිධාංගීකරණය ඉහළ ගියේය. ප්‍රධාන ආදායම් නිලධාරිනිය වශයෙන් ද ඇය විශාල වැඩ කොටසක් සිදුකර තිබේ. මාධ්‍ය වේදයේ නව ව්‍යාපාර ආකෘති හඳුන්වා දීම ද ඇගේ විෂයන් අතර වේ. 2004 වසෙර්දී ඩේසි වීරසිංහම් ඇසෝෂියේටඩ් පුවත් සේවය සමග එක් වන්නේ අලෙවි අධ්‍යක්ෂවරිය ලෙස ය. AP Global Media Services සහ වීඩියෝ අන්තර්ගතයන් සම්බන්ධයෙන් යුරෝපය, මැද පෙරදිග, අප්‍රිකාව, ආසියාව සහ ඔස්ට්‍රේලියාව යන කලාපවල ට සපයන අන්තර්ගනයන්ගේ වරලත් බව ලබාදීම (licensing) ඇයට පැවරී තිබිණි. එහිදී ඇය ඉහළ සාර්ථකත්වයක් පෙන්වා තිබේ. නීති උපාධියක් සහිත ඩේසි, මීට පෙර ෆයිනෑන්ෂියල් ටයිම්ස් වැනි මාධ්‍ය ආයතනවල ද සේවය කර ඇත.

අසෝෂියේටඩ් ප්‍රෙස් මාධ්‍යවේදීන්, මාධ්‍යකරණය සඳහා පිදෙන ඉහළම අන්තර්ජාතික සම්මානය සේ සැලකෙන පුලිට්සර් සම්මාන 6 ක් දිනා ඇති අතර, ලෝකයේ මහජන සේවා මාධ්‍යකරණය සඳහා පිදෙන පළමු රන් පදක්කම දිනා ගත්තේ ද ඔවුන් විසිනි.

‘‘මේ තනතුරට ඩේසි තරම් සුදුසු වෙන අයෙකු නැති බව මගේ හැඟීමයි. ඇගේ අත්දැකීම්, විනිශ්චයන් සහ අගනාකම් විසින් ඇසෝෂියේටඩ් ප්‍රෙස් වෙතට අනර්ඝ නායකත්වයක් සපයනු ඇති.‘‘ එසේ ඇයට සුබ පතන්නේ මාධ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සභාපති ස්ටීවන් ආර්. ස්වාට්ස් විසිනි.

‘‘ඩේසි වීරසිංහම්, තමන් නායිකාවක බව සනාථ කළ අයෙක්. අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් ඇය සතුයි..‘‘ යනුවෙන් AP පුවත් සේවය, සිය මාධ්‍ය ආයතනයේ සුක්කානම භාර ගැනීමට නියමිත ඉතිහාසයේ පළමු කාන්තාව පිළිබඳ කියා තිබේ.

ලොවෙන් අඩක් AP ග්‍රාහකයන් ය.

ලෝකයෙන් භාගයක් පමණ ඇසෝෂියේටඩ් ප්‍රෙස් ග්‍රාහකයන් බවට දිනපතා පත් වන බව මේ අතර වාර්තා වේ. මේ අනුව ඇය ප්‍රධාන තනතුරට පත් වන්නේ ලෝකයෙන් භාගයක්ම ඇසුරු කරන මාධ්‍යයක ය. වසර 15කට පසු ප්‍රථම වතාවට, ඇසෝෂියේටඩ් ප්‍රෙස්හි ආදායමෙන් 40%ක් ලැබෙන්නේ ඇමරිකාවෙන් පිටත ලබාදෙන පුවත් සේවාවන්ගෙනි.

ඇසෝෂියේටඩ් ප්‍රෙස් පුවත් සේවය ප්‍රවෘත්ති 2,000 ක්, ඡායාරූප 3,000 ක් සහ වීඩියෝ 200 ක් ලබාදෙයි. අපක්ෂපාතී බව සහ කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම ඔවුන්ගේ වසර 175 ක සාර්ථකත්වයේ රහසයි.

 

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

17 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

18 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

18 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

19 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago