කාච ඇස

සතියක මතක – කාච ඇසින්

ලංකාවේ මෙහෙම නොවේ!

 

© Arif Ali/AFP/Getty Images

පාකිස්ථානයේ විරුද්ධ පක්ෂ නායක ෂෙභාස් ෂරීෆ් (Mian Muhammad Shehbaz Sharif) දෙසැම්බර් 6 වැනිදා ලාහෝරයේ අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ ගෙන ආ අන්දම. අධිකරණය ෂෙභාස් ෂරීෆ් ව දූෂණ චෝදනා මත සිරගත කළේය.

අම්බෙත්කාර් සමුගෙන වසර 62 යි.

© Amit Dave/Reuters

ශ්‍රේෂ්ඨ අම්බෙත්කාර්ගේ 62 වැනි අවමංගල්‍ය සංවත්සරය දෙසැම්බර් 6 වැනිදාට යෙදී තිබිණි. ඉන්දියාවේ කුල ක්‍රමයට එරෙහිව සටන් කළ බී.ආර්. අම්බෙත්කාර්, ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන සම්පාදකයාද වෙයි. අම්බෙත්කාර් ගුණ සමරමින් ඉන්දියානුවන් ඔහු‍ගේ රුව ප්‍රතිනිර්මාණය කරමින් පහන් දැල්වූ අයුරු.

චීනය උතුරු කොරියාවට අතට අත දෙයි!

© Fred Dufour/Pool/Reuters

චීන විදේශ අමාත්‍ය වැන්ග් යි, උතුරු කොරියානු විදේශ ඇමති රි යොන්ග් හෝ මහතාව චීනයේ බෙයිජිං නුවර රජයේ තානායමකදී දෙසැම්බර් 7 වැනිදා මුණ ගැසුණේය. මේ හමුවේ ප්‍රතිඵල කවරේදැයි අපට ඉදිරියේදී දැනගත හැකි වනු ඇත.

ෂෆීක්ගේ ශතකය

© Aamir Qureshi/AFP/Getty Images

පාකිස්ථාන සුපිරි පිතිකුරු අසාද් ෂෆීක් නවසීලන්තයට එරෙහිව අබුඩාබි හි ෂෙයික් සයෙද් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මනා දස්කම් දැක්වීය. මේ, දෙසැම්බර් 5 වැනිදා ඔහු විසින් ශතකයක් වාර්තා කළ ඉනිමේ මොහොතක් කාච ඇසට හසු වී තිබූ අන්දමයි.

පිටි කොටපන් පුතුනේ..

© Kazuhiro Nogi/AFP/Getty Images

දෙසැම්බර් 6 වැනිදා පැවති ජපානයේ නව අවුරුදු උත්සවයකදී ළදරු පාසල් සිසුන් පිරිසක් විසින් සම්ප්‍රදායික ලී මිටි යොදාගෙන ස්ටීම් රයිස්, මොෂි රයිස් බවට පත්කරන අන්දම. නව අවුරුද්ද සැමරීමේදී මෙම mochi-tsuki උත්සවය පැවැත්වීම ජපනුන්ගේ සිරිතකි.

එපා නම් එල්ලන්න- ඕනෙ නම් අරන් යන්න!

© Waseem Andrabi/Hindustan Times via Getty Images

‘‘කරුණාවේ තාප්පය‘‘ (“The Wall of Kindness”) මත ඇඳුම් එල්ලෙයි. මේ, දෙසැම්බර් 5 වැනිදා ඉන්දියාවේ ශ්‍රී නගර් හිදී “The Wall of Kindness” නමින් පුණ්‍ය කටයුත්තක නිරත වන සංවිධානයක අපූරු ප්‍රවේශයකි. ඇඳුම් නොමැති ඕනෑම කෙනෙකුට මෙතැනට පැමිණ කැමති ඇඳුමක් තෝරාගෙන නොමිලේ ගෙන යා හැක. ඇඳුම් පරිත්‍යාග කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මේ තාප්පයේ ඇඳුම් තබා යා හැක. ඉරානයෙන් හඳුන්වා දුන් “The Wall of Kindness” සංකල්පය මේ වන විට ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල් කිහිපයකට ව්‍යාප්ත වී තිබේ.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

9 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

16 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

17 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

18 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

19 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

19 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago