කාලීන

සති 2 ක් තුළ සිරියාවේ දෙලක්ෂ තිස්පන්හසක් අවතැන්!

මෙම සංඛ්‍යාව දළ වශයෙන් මිලියන කාලකට සමාන වේ.

මෙයට හේතු වී තිබෙන්නේ ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වීමයි. මේ වන විට සිරියානු හමුදාව, රුසියානු ගුවන් හමුදාව සමග එක්ව ඉඩ්ලිබ් පළාත තුළ දැඩි ප්‍රහාර දියත් කරමින් සිටියි.

ඉඩ්ලිබ් පළාතේ සිරියානුවෝ මිලියන 3 ක් ජීවත් වෙති.

ජගත් සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ කාර්යාලය (UNOCHA) මේ බව හෙළි කරන්නේ සිරියාවේ තත්වය පිළිබඳ සිය නවතම තත්ව වාර්තාවේ ය.

එම සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න..

‘මේක කරන්න එපා!‘- ට්‍රම්ප්

‘‘මේක කරන්න එපා!“ යැයි ට්‍රම්ප් පසුගිය බ්‍රහස්පතින්දා ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වීම හේතුවෙන් පවසා තිබිණි. එහිදී බෂර් අල් අසාද් විසින් මෙහෙයවනු ලබන සිරියානු රෙජීමයට, රුසියාවට මෙන්ම ඉරානයට ද මෙම වාතාවරණය සම්බන්ධයෙන් සිය දෝෂාරෝපණය එල්ල කරයි.

එහිදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ ‘සිරියානු සිවිල් වැසියන් දහස් ගණනක් මරා දමන බව හෝ මරණය වෙත දක්කන බව‘ ය.

‘අපි ටාගට් කරන්නෙ ත්‍රස්තවාදීන්ව‘‘ – සිරියානු ආණ්ඩුව

මේ අතර සිරියානු ආණ්ඩුව පවසන්නේ තමන්ගේ ඉලක්කය සිවිල් වැසියන්ට හානි කිරීම නොව ත්‍රස්තවාදීන් මර්දනය කිරීම බවයි.

ඉඩ්ලිබ් පළාතේ සටන් | Al Jazeera

දැනට පවතින තත්වය අනුව ඉදිරි සති කිහිපය තුළ තවත් සිවිල් වැසියන් දහස් ගණනක් අවතැන් භාවයට පත් වනු ඇතැයි සැක පළ කෙරේ.

අවතැන් වීම නව රැල්ලකින්

ජගත් සංවිධානය පවසන්නේ මෙසේ සිය රට තුළම අභ්‍යන්තර වශයෙන් අවතැන් භාවයට පත් වීම සිරියාව තුළ රැල්ලක් මෙන් සිදුවෙමින් පවතින බවයි.

අවතැන් ජනතාව පල්ලි, ගරාජ සහ විවාහ උත්සව ශාලාවල රැඳී සිටින බව ද ජගත් සංවිධානය ප්‍රකාශ කරයි.

මේ අතර, තවත් දහස් සංඛ්‍යාත සිරියානුවන් පිරිසක් සිය නිවෙස්වලින් බැහැර වීමට ද බිය වී සිටින්නේ ගුවන් ප්‍රහාරවලට ලක් වේ යැයි බියෙනි.

2019 අප්‍රේල් සිට අගෝස්තු අතර කාලය තුළ සිරියානුවන් ලක්ෂ 4 ක් අවතැන් වී ඇති බව වාර්තාවල දැක්වේ.

‘‘ඉඩ්ලිබ් පළාත ක්‍රමයෙන් මළවුන්ගේ නගරයක් බවට පත් වෙමින් තිබෙනවා..‘‘ යැයි මේ අතර ගළවා ගැනීමේ මෙහෙයුම්වල නිරත සුදු හෙල්මට් සංවිධානයේ ( White Helmets) ස්වෙච්ඡා සේවකයෙකු සඳහන් කළේය.

‘‘මිනිසුන් ශීත සෘතුව නිසා භ්‍රාන්ත වී සිටිනවා. දින කිහිපයකින් මෙහි ධ්‍රැවාසන්න ප්‍රදේශ තරම් සීතලක් ඇති වෙනවා. කාන්තාවන් සහ දරුවන් එයට ඔරොත්තු නොදෙනු ඇති…“

Cover Photo: Midleast Eye

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

12 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

12 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

13 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

14 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago