කාලීන

සිංගප්පූරුවේ ”ඩෙංගු හදිසි තත්වය” ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ පෙර නිමිති පහල වීමකි..

අග්නිදිග ආසියානු නගර රජ්‍යන්හි දැනටමත් රෝගීන් 11,000 සීමාව ඉක්මවා ඇත. මීට පෙර එහි වැඩිම සංඛ්‍යාව වාර්තා වූයේ 2021 වසරේ 5258 වශයෙනි. මේ වන විට ඩෙංගු රෝගයේ උච්චතම අවස්ථාවට තමන් පත්ව ඇති බව සිංගප්පූරුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

සිංගප්පූරුව මේ වන විට නිවර්තන දේශගුණික වෛරසය රැගෙන යන ඊඩිස් මදුරුවන් සඳහා ස්වාභාවික බෝවන භූමියක් බවට පතුව ඇත. මෙම තත්වය ඉදිරි වසර වලදී දේශගුණික විපර්යාසයන් වෙනස් වීමට සාපේක්ෂව සිංගප්පූරුවට පමණක් නොව ලෝකයේ අනිකුත් රටවලටද භයානක තත්වයක් ඇත්කළ හැකි බව මේ පිළිබඳ ප්‍රවීනයන් අනතුරු අඟවා තිබේ.

සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩෙස්මන්ඩ් ටැන් පවසන්නේ ” මේ වන විට ඩෙංගු හදිසි තත්වයක් බවට පත්ව ඇති අතර අපට ඒ සමඟ ගනු දෙනු කිරීමට සිදුවන බවයි. ”

අධික උණ, දරුණු හිසරදය සහ ඇඟපත වේදනාව වැනි රෝග ලක්ෂණ ඩෙංගු වැළඳුන පුද්ගලයෙකුගේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන අතර එය රක්තපාත තත්වයට පත් වූ විට අභ්‍යන්තරික ලේ ගැලීම් , හුස්ම ගැනීමේ අපහසුතාවන් මෙන්ම මරණය පවා ඇති විය හැකිය.

මේ වන විට සිංග්පූරුවේ පවතින දේශගුණික තත්වය හේතුවෙන් මෙය වඩාත් නරක අතර පත්ව ඇති අතර විශේෂඥයින් පවසන පරිදි, තවත් රටවල් දිගු උණුසුම් කාලගුණයක් සහ ගිගුරුම් සහිත වැසි අත්විඳින අතර එය මදුරුවන් සහ වෛරසය යන දෙකම පැතිරීමට උපකාරී වන බැවින් එහි ගැටලුව වෙනත් තැන්වලට පැමිණීමට පෙර නිමිති දක්නට ලැබෙන බවත්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය 2022 වසරේ ජනවාරි මස නිකුත් කරන ලද ගෝලීය ඩෙංගු වාර්තාවට අනුව ”මෙම රෝගය මේ වන විට ලෝකයේ රටවල් 100කට පමණ ආවේණික වී ඇත. එමෙන් ම පසුගිය වසර 50 ක කාලය තුළ රෝගීන් 30 ගුණයකින් වර්ධනයව ඇති බව” ඔහුන් වාර්තා කර තිබේ.

මේ වන විට සිංගප්පූරුවෙන් එක් ඩෙංගු මරණයක් පමණක් වාර්තා වුවද , රෝගීන් වාර්තා වීම දිනෙන් දින ඉහළ අගයක් ගනු ලැබේ.

” 2022 මැයි මස 28 වන විට මෙම වසර තුළ ඩෙංගු රෝගීන් 11,670 පමණ වාර්තා වී ඇති බවත් , ඉන් රෝගීන් 10% පමණ රෝහල්ගත කිරීම අවශ්‍ය බව ” සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යංශය CNN වෙත ප්‍රකාශ කර තිබේ.

සිංගප්පූරුවේ මෑත කාලීනව පවතින උණුසුම් කාලගුණයත් , නව වෛරස් ප්‍රභේද ප්‍රධාන වශයෙන් බිහි වීමත් , හේතුවෙන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාත්මකව ඉහළ යමින් ඇත. දේශගුණික විපර්යාසයන් හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඩෙංගු මදුරුවන් වර්ධනය වන ප්‍රදේශ මෙන්ම රෝගය සම්ප්‍රේෂණය වීම , වඩාත් ප්‍රසාරණය කරණු ඇති බව ” Duke-NUS වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥවරියක වන රුක්ලන්ති ද අල්විස් ප්‍රකාශ කර තිබේ.

මේ වන විට සිංගප්පූරුව ලෝකයේ සෙසු රටවලට වඩා දෙගුණයක් වේගයෙන් උණුසුම් වන බවත් , කාබන් විමෝචනය තවදුරටත් ඉහළ යන්නේ නම් 2100 පමණ වන විට දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දක්වා ළඟා විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. ඒ අනුව මැයි මස වන විට පවතින අධික ආර්ද්‍රතා මට්ටම මධ්‍යයේද වාර්තාගත වූ උෂ්ණත්වය 36.7 කි.

” පසුගිය දශකය බොහෝ උණුසුම් විය. අප දැන් වසර 50කට පෙර තවත් උණුසුම් දින 12ක් හා උණුසුම් රාත්‍රින් 12ක් අත්විඳිමින් සිටින්නෙමු. අග්නිදිග ආසියාවට දේශගුණික විපර්යාස ගැන සැලකිලිමත් විය යුතු බොහෝ දේ ඇත. දැනට දේශගුණික විපර්යාස සමඟ පවතින අධික වැසි අතර සම්බන්ධය විද්‍යාත්මකව පහදා ගැනීමට නොහැකි බව සිංගප්පූරු සමාජ විද්‍යා විශ්ව විද්‍යාලයේ කාලගුණ හා දේශගුණ විද්‍යාඥ Koh Tieh Yong ප්‍රකාශ කර තිබේ.

මෙම පවතින තත්වය , දිගුකාලීනව වේදනාත්මක සටනකට සිංගප්පූරුව ඇද දමා ඇත.

CNN ලිපියක් ඇසුරිණි.
සශිකලා මධුෂාණී

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

19 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

20 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

20 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

21 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

3 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago