මේ අනුව සෞදි රාජ්‍යය තුළ විවාහ වීමේ අවම වයස අවුරුදු 18 බවට පත් වේ.
සෞදි අධිකරණ ඇමති සහ සුප්‍රීම් අධිකරණ කවුන්සිලයේ සභාපති ෂ්‍යෙික් වාලිඩ් අල්-සමානි මෙයට අදාළව සියලු අධිකරණවලට නව නියෝගයක් ද චක්‍ර ලේඛයක් හරහා නිකුත් කර තිබේ.
මේ අනුව වයස 18 ට අඩු විවාහ ඉල්ලීම් සලකා බැලීම විශේෂ අධිකරණයක් මගින් අනුමත කළ යුතුය.
2019 ජනවාරි මාසයේ වයස අවුරුදු 15 ට අඩු අය, එනම් දරුවන් විවාහ කිරීම තහනම් කරමින් රෙගුලාසි නිකුත් කළේය. එම යෝජනාව තුනෙන් දෙකක බලයකින් ෂුරා කවුන්සිලය හෙවත් අධීක්ෂණ කමිටුව මගින් ද අනුමත කෙරිණි.
ලෝකයේ වයස අවුරුදු 18 ට අඩු ගැහැණු දරුවන්ගේ විවාහ 7 න් 1 ක්ම වාර්තා වූයේ සෞදි අරාබියෙනි. නමුත් දැඩි මුස්ලිම් මතධාරී රටක් වන සෞදි අරාබිය, රටේ ළමා ආරක්ෂණ නීතිය (Child Protection Law) අනුව යමින් සිය රටේ නීති ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.
ලංකාවේ ද මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සම්බන්ධයෙන් පවතින්නේ දැඩි මතභේදකාරී තත්වයකි. 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව ලංකාවේදී මුස්ලිම් දැරියක් වයස අවුරුදු 12 සම්පූර්ණ වීමෙන් පසු විවාහ කරගත හැක. මෙම තත්වය වෙනස් කළ යුතු බවට ක්‍රියාකාරීන් විසින් දශක 3 ක් තිස්සේ යෝජනා කරමින් සිටින අතර, මේ දක්වා කමිටු 5 ක් මේ වයස සංශෝධනය කිරීම ඇතුළු වෙනත් ඉල්ලීම් සලකා බැලීම සඳහා පත් කර තිබිණි. අවසාන වශයෙන් 2019 ජූලි මස විනිසුරු ෂලීම් මසූර්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව ද නිර්දේශ කරන්නේ විවාහ වීමේ අවම වයස ලංකාවේ ද අවුරුදු 18 දක්වා ඉහළ දැමිය යුතු බවට ය. නමුත් නොවැළැක්විය හැකි අවස්ථාවල පිරිමි කාතිවරුන්ගේ අධීක්ෂණයට යටත්ව වයස අවුරුදු 16 දක්වා ද මෙම අවම වයස පහළ දැමිය හැකිය. මෙය, සෞදි අරාබියේ ‘විශේෂ අධිකරණ අනුමැතිය‘ ට සමාන තත්වයකි. කෙසේ නමුත් මේ නව යෝජනා පවා තවමත් නිර්දේශ පමණක් වන අතර, ලංකාව තුළ නීතියක් බවට පත්ව නැත.
මේ අනුව ලංකාවේ මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් විවාහ වීමේ අවම වයස අවුරුදු 12 සීමාවේම පවතින හෙයින්, ලංකාවේ දැන් තත්වය සෞදි අරාබියටත් වඩා අන්ත ය. නිර්දේශ නීතියක් බවට පත්වුවහොත්, එවිටත් ලංකාවේ තත්වය සෞදි අරාබිය ට සමාන වනු ඇත!
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.