කාලීන

BBC ‘සම වැටුප්‘ නඩුවෙන් සමීරා ට ඓතිහාසික ජයක්- අපි තවම ලත් තැන!

කම්කරු ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අතිශය වැදගත් සහ ඓතිහාසික නඩු තීන්දුවක් (landmark case) වන මෙහිදී හෙළි වූ වැදගත් කරුණු, හාම්පුතුන් විසින් එකම රාජකාරිය කරන කාන්තාවකට සහ පිරිමියෙකුට කොතරම් වෙනස් ලෙස සලකන්නේදැයි මනාව පිළිබිඹු කරයි.

මෙම නඩුව විභාගයට ගනු ලැබුවේ London Central Employment Tribunal හිදී ය. එහිදී ඇය කරුණු කියා පෑවේ සිය වෘත්තීය ජීවිතයේ සිදුවූ අසාධාරණය පිළිබඳව මිස අන් දෙයක් ගැන නොවේ.

සමීරා අහමද් BBC පුවත් සේවය වෙනුවෙන් ඉදිරිපත් කළේ Newswatch වැඩසටහනයි. එහිදී එක් එපිසෝඩයක් වෙනුවෙන් ඇයට ගෙවනු ලැබුවේ පවුම් 440 කි. මේ අතර, BBC පුවත් සේවයේම Points of View වැඩසටහන ඉදිරිපත්කළ ජෙරමි වයින් (Jeremy Vine) හට එක් එපිසෝඩයක් වෙනුවෙන් පවුම් 3,000 ක් ගෙවනු ලැබිණි. එයට හේතුව, ජෙරමි වයින් පිරිමියෙක් වීම සහ තමන් ගැහැණියක වීමද? සමීරා අහමද් අධිකරණයේදී ඇසූ ප්‍රශ්නය, කෙටියෙන් එයයි.

මේ වැඩසටහන් දෙකම එක හා සමාන ගුවන් කාලයකින් යුක්ත, එනම් විනාඩි 15 කින් යුක්ත කෙටි ටෙලිවිෂන් වැඩසටහන් ය. සමීරා කියා සිටියේ මේ වැටුප් වෙනස, ස්ත්‍රීපුරුෂ සමාජභාවය මත වෙනස්කොට සැලකීම්වලට ලක්කිරීම සම්බන්ධයෙන් උදාහරණයක් වන බවයි.

BBC පුවත් සේවය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. මේ ලෝ ප්‍රකට මාධ්‍ය ආයතනය කියා සිටියේ නිව්ස්වොච් වැඩසටහන සඳහා අඩු ප්‍රේක්ෂකාගාරයක් සිටින බවත්, පොයින්ට්ස් ඔෆ් වීව් වැඩසටහන සඳහා වෙනස් ආරක නිවේදකයෙකු අවශ්‍ය කරන බවත් ය. ඒ නිසා ජෙරමිට ඇයට ගෙවන ප්‍රමාණය මෙන් හය ගුණයකටත් වඩා ගෙවීම සාධාරණ බව ය!

පිටු 40කින් යුක්ත නඩු තීන්දුවෙන් අවසානයේ කියැවුණේ BBC ආයතනය මෙම වැඩසටහන් දෙක අතර වෙනස මගින් වැඩසටහන් ඉදිරිපත් කරන්නාට වඩා අඩුවෙන් වැඩසටහන් ඉදිරිපත් කරන්නියට වැටුප් ගෙවීම සාධාරණීකරණය කරන්නට අසමත් වීඇති බව ය.

පහත දැක්වෙන්නේ බීබීසී ආයතනයේ වැඩිම වැටුප් ලබන 10 දෙනා පිළිබඳ විස්තරයයි. ඔවුන් දස දෙනාම පුරුෂයන් ය.

Credit: Guardian

ජනමාධ්‍ය වෘත්තීය සමිතිවල ජයග්‍රහණයක්

සමීරා අහ්මද් මාධ්‍යවේදීන්ගේ ජාතික සංගමය (National Union of Journalists (NUJ)) හි සාමාජිකාවකි. ඇගේ ජයග්‍රහණය පසුපස සිටියේ ඔවුන් ය. ඇය ලබාගත් මෙම ජයග්‍රහණය වෙනුවෙන් මාධ්‍ය වේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාකරන අන්තර්ජාතික මාධ්‍ය වේදීන්ගේ ෆෙඩරේෂනය (IFJ) වැනි අන්තර්ජාතික සංවිධාන ද ඇයට සුබ පතා තිබේ.

එංගලන්තය ලංකාව වගේ නොවේ!

නඩුවෙන් ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව සමීරා මෙසේ කියයි.

“No woman wants to have to take action against their own employer. I love working for the BBC. I’m glad it’s been resolved.

“I’d like to thank my union the NUJ, especially Michelle Stanistreet the general secretary, my legal team Caroline Underhill of Thompsons Solicitors and my barrister Claire Darwin and everyone – all the men and women who’ve supported me and the issue of equal pay. I’m now looking forward to continuing to do my job, to report on stories and not being one.”

‘‘කිසිම කාන්තාවක් තමන්ගේ හාම්පුතාට විරුද්ධව නඩු කියන්න කැමති නෑ. මම BBC සමග ඉතාම ආදරයෙන් වැඩ කළේ. මේ ප්‍රශ්නය විසඳීම ගැන සන්තෝසයි.‘‘

නිවැරදි වීමට කැමති BBC

ඇය අදහස් කරන්නේ තවදුරටත් BBC පුවත් සේවය සමගම රැකියාව කරන්නට ය. ඒ අතින් එංගලන්තය බොහෝ වෙනස් ය. ලංකාවේ නම් සාමාන්‍යයෙන් සේවකයෙකු තමන්ගේ හාම්පුතාට එරෙහිව නඩු මගට බසින්නේ නම්, ඊට පෙර රස්සාවෙන් දොට්ට දැමේ. නැතිනම් සේවකයාට රැකියාව ගැන තිබෙන ආසාව අත්හැර ගන්නට සිදු වේ. නමුත් BBC පුවත් සේවය ඇය ගැන අද පවසන්නේ මෙසේ ය. ‘‘සමීරා අති දක්ෂ මාධ්‍යවේදිනියක් (excellent journalist). මේ සිදුවීම අධිකරණයට යාම ගැන අපි පසුතැවිලි වෙනවා..‘‘ නැවතත්,… එංගලන්තය වෙනස් රටකි. ලංකාව වගේ නොවේ. BBC පුවත්සේවය දැන් ඇයට පවුම් ලක්ෂ 7ක් ගෙවීමට සතුටින් සූදානම් වන්නේ එනිසාය.

මෙම සිදුවීමේදී නිරීක්ෂණය කළ හැකි වූ වැදගත් ලක්ෂණයක් වූයේ සමීරා, තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් යුක්තිය ඉල්ලා අධිකරණයට යන විට ඇයට අති මහත් මහජන සහායක් ලැබීමයි. ප්‍රකට පුද්ගලයෝ ද රැසක් ඇයට සහාය දීමට එක් වූහ. ඒ අතර ගාඩියන් පුවත්පතේ හිටපු කර්තෘ ඇලන් රස්බ්‍රිජර් ද වේ.

මෙම සිදුවීම සමාජ අපවාදයක් බවට පත්වීමෙන් අනතුරුව BBC පුවත් සේවය වැටුප් විෂමතා රැසක් සිය ආයතනය තුළ නිවැරදි කළේය. ‘‘අතීතයේ අපේ වැටුප් රාමුව විනිවිදභාවයෙන් යුක්ත නොවිණි. නමුත් අප විසින් මෑතකදී සුවිශේෂී අන්දමින් මේ ගැටළුව ආමන්ත්‍රණය කර ඇත. දැන්, සමීරාට වැඩි වැටුපක් ගෙවීමට තරම් සෑහෙන සාක්ෂි ලැබී තිබීම ගැන අපි සතුටට පත් වන්නෙමු..‘‘ යැයි ඔවුහු නිවේදනයක් නිකුත් කරමින් පවසති. ‘‘නඩුමගට යාම කිසිවෙකුට ප්‍රසන්න අත්දැකීමක් නොවන බව අපි දනිමු.. අපට සමීරා සමග එක්ව මෙය ධනාත්මක ආකාරයකට විසඳා ගැනීමට අවශ්‍ය ය.‘‘

ලංකාවේ Gender Pay Gap

ස්ත්‍රී පුරුෂ සමාජභාවය (ජෙන්ඩර්)  මත වැටුපේදී වෙනස්කම්වලට ලක්කිරීම හඳුන්වන්නේ Gender Pay Gap යනුවෙනි. මෙවැනි වෙනසක් ලෝකයේ අඩුවෙන්ම දැකගත හැක්කේ නෝර්වේ-ස්වීඩන් වැනි ස්කැන්ඩිනේවියානු රටවල ය. මෙහිදී බොහෝ විට සිදුවන්නේ කාන්තාවට පුරුෂයාට වඩා අඩු වැටුපක් ලබා දීමයි. ලංකාව Gender Pay Gap අතින් සිටින්නේ නරකම තැනක ය. ලෝකයේ රටවල Gender Pay Gap  විමසා බලන දර්ශකවල ලංකාව සිටින්නේ රටවල් 144 ක් අතරින් 109 වැනි තැන ය. එනම්, අග සිට බලන විට නම්, මුල් හතළිස් දෙනා අතර ය!

ලංකාව අයිතිවාසිකම් සම්බන්ධයෙන් කොහොමත් ‘අප්සැට්‘ රටකි. එය කොතරම් ‘අප්සැට්‘දැයි කියන්නේ නම් බොහෝ දේ සිදුවන්නේ රුයිතෙට ය. වෙනකක් තබා, ලංකාවේ වෘත්තීය සමිති පනත යටතේ මුලින්ම ලියාපදිංචි වූයේ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියක් නොව, හාම්පුතුන්ගේ සංගමයයි!

ලංකාවේ සේවාස්ථානවල කාන්තාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ගැන කතා කිරීමට පෙර කම්කරු අයිතිවාසිකම් ගැන කතා කරන වෘත්තීය සමිතිවල කාන්තාවන්ට හිමි තැන ගැන ද කතා කළ යුතුය. එය දීර්ඝ මාතෘකාවක් බැවින් මේ එයට වේලාව නොවේ. නමුත් මේ ලිපියේ ලේඛිකාව, Gender Pay Gap සම්බන්ධයෙන් සිය පුද්ගලික අත්දැකීමකින් මේ ලිපිය නිමාකරන්නට කැමති ය. කලක් එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහන් නිෂ්පාදනයට දායක වෙමින් සිටින විට ඇගේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් නිෂ්පාදකවරයා ඇය සමගම, ඇයට සමාන්තරව සේවයේ පිහිටුවා සිටි, එකම ආකාරයට එකම වැඩසටහනක රාජකාරි කරන කෙනා ගැන කියා තිබුණේ මෙසේ ය. ‘‘ඒකා කොල්ලෙක්නෙ.. ඉක්මනට පඩි වැඩි කරල දෙන්න ඕනෙ..!‘‘

ලංකාව එංගලන්තය වගේ නොවේ.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

8 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

9 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

9 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

10 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago