ක්‍රීඩා

බොබ් ට හමු නොවූ බොබ්: දිවංගත ක්‍රිකට් ශූරී බොබ් විලිස් ගේ අරමුදලේ පේට්‍රන්වරයකු වීමට සුපිරි තරු බොබ් ඩිලන් ඉදිරිපත් වෙයි!

බොබ් ඩිලන් නම් වූ සුපිරි කන්ට්‍රි ගීත ගායකයා බොබ් විලිස් ගේ වීරයා විය. එහෙත් බොබ් ඩිලන් මුණ ගැසීමට බොබ් විලිස් අද ජීවතුන් අතර නැත.

බොබ් විලිස් නම් වූ ඒ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයා එංගලන්තයේ ක්‍රිකට් ලෝලීන් අතර වීරයෙකි. ක්‍රිකට් තරුවක නොවූවද බොබ් විලිස් ගේ වීරයා වූයේ ගීත ගයන බොබ් ඩිලන් ය.


ඇමරිකානු සුපිරි කන්ට්‍රි ගීත ගායක බොබ් ඩිලන්; ඡායාරූප – ස්කයි ස්පෝර්ට්ස්

බොබ් ඩිලන් අදටත් ජීවතුන් අතර සිටී. ඔහු 79 වන වියේ පසුවෙයි. සුපිරි ගායක බොබ් ඩිලන් ට තම අනුගාමික බොබ් විලිස් හමුවීමට නොහැකි වූව ද ඔහුගේ මතකය වෙනුවෙන් යම් පුන්‍යකර්මයක් සිදුකිරීමට අවස්ථාව උදා වී තිබේ.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්ත්වයන් පිළිබඳව අවධානය යොමුකරවීම සඳහා දිවංගත බොබ් විලිස් ගේ නමින් පිහිටවූ අරමුදලක පේට්‍රන්වරයකු වීමට බොබ් ඩිලන් ට අවස්ථාව හිමිවන්නේ මෙලෙසිනි.

ස්කයි පුවත්පතේ ක්‍රීඩා අතිරේකය වාර්තා කරන පරිදි බොබ් විලිස් අරමුදල පිහිටුවා තිබෙන්නේ ඔහුගේ බිරිඳ ලොරේන් ක්ලාර්ක් සහ සොයුරු ඩේවිඩ් විලිස් විසිනි. බොබ් විලිස් ස්කයි පුවත්පතේ ස්කයි ස්පෝර්ට් ක්‍රීඩා අතිරේකයේ කතුවරයකු වශයෙන්ද කටයුතු කර තිබේ.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්ත්ව මත බ්‍රිතාන්‍යයේ සෑම මිනිත්තු 45 කට එක් පුද්ගලයකු මරණයට පත්වන බවට වාර්තා වේ.

බොබ් විලිස් බොබ් ඩිලන් කෙරේ දැක්වූ ප්‍රේමය අද ඊයෙක හටගත්තක් නොවේ. වයස අවුරුදු 16 දී බොබ් ඩිලන් ගේ ගීත අසා අමන්දානන්දයට පත්වූ බොබ් විලිස් තමාගේ මැදනම ඩිලන් යයි වෙනස් කර ගන්නේ ද මෙම ප්‍රේමයේ සංකේතයක් වශයෙනි. බොබ් විලිස් පළමු වරට බොබ් ඩිලන් ගේ සජීවී සංගීත සංදර්ශණයකට සහභාගී වී තිබෙන්නේ 1965 වර්ෂයේදී යි.

බොබ් විලිස් ගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා අරමුදලට දායක වන්නේ බොබ් ඩිලන් පමණක් ම නොවේ. ක්‍රිකට් ලෝලියකු වූ බ්‍රිතාන්‍ය සුපිරි ගීත රචක ශ්‍රීමත් ටිම් රයිස් යනු බොබ් විලිස් ගේ සදාතනික රසිකයෙකි. ටිම් රයිස් ද බොබ් විලිස් අරමුදලේ පේට්‍රන්වරයකු ලෙස කටයුතු කරයි. එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ශ්‍රීමත් ජෝන් මේජර්, ශ්‍රීමත් ඉයන් බොතම්, මයිකල් ඇතටන්, ඩේවිඩ් ලොයිඩ් සහ මයිකල් හෝල්ඩිං වැනි ජනප්‍රිය චරිත රැසක් බොබ් විලිස් අරමුදලේ තානාපතිවරුන් ලෙස කටයුතු කරයි.

බොබ් වෙනුවෙන් ට්‍රෙන්ඩ් එකක්! බ්ලූ ෆෝ බොබ් (#BlueforBob)

එළඹෙන එංගලන්ත – පකිස්තාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය මෙම වසරේ ජූලි මස 13 වන දින එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ය. එහිදී බොබ් විලිස් නම් වූ ඒ අද්විතීය ක්‍රිකට් ක්‍රීඩකයාගේ මතකය සිහිපත් කිරීමට නව හෑෂ්ටැගයක් හඳුන්වා දීමට රසිකයන් කටයුතු කර තිබේ.

එය බ්ලූ ෆෝ බොබ් (#BlueforBob) යනුවෙන් හැඳින්වේ. ඒ නයින් බොබ් ව සිහිපත් කිරීමට එංගන්ත ක්‍රිකට් කණ්ඩායමට නිල් වර්ණයෙන් සැරසෙන මෙන්ද බොබ් ගේ රසිකයින් ඉල්ලා සිටී.

මෙම බ්ලූ ෆෝ බොබ් ව්‍යාපාරය හරහා බ්‍රිතාන්‍යයේ පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්ත්වයන් පිළිබඳව සිදුකරනු ලබන පර්යේෂණයක් සඳහා අරමුදල් එක්රැස් කිරීම රසිකයින්ගේ අපේක්ෂාව වී තිබේ.

පුරස්ථි ග්‍රන්ථි පිළිකා යනු පිරිමින් අතර වඩාත්ම සුලභ පිළිකා තත්ත්වය ලෙසට හැඳින්වේ.

මෙම පර්යේෂණ දියත් කරන කණ්ඩායම බොබ් විලිස් ගේ අරමුදල සමඟ කටයුතු කිරීමට ද එකඟතාවය පළකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම එළඹෙන ජූලි මස 13 වන දින (එංගලන්ත – පකිස්තාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන දින) බ්ලූ ෆෝ බොබ් දිනය යනුවෙන් ද නම් කර තිබේ. මේ හරහා එදිනට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියට සමගාමීව බොබ් විලිස් ගේ මතකය සිහිපත් කරමින් පුරස්ථි ග්‍රන්ථි පිළිකා මර්දනය කිරීමට අරමුදල් එක් රැස් කිරීමට සැලසුම් කර තිබේ.

මුදල් පරිත්‍යාග කිරීමට කැමති පිරිස් හට BobWillisFund.org වෙබ් අඩවියට එම බැරකිරීම සිදුකළ හැකිය.


රූත් ස්ට්‍රෝස් වෙනුවෙන් ක්‍රිකට් පිටියේ #RedforRuth ව්‍යාපාරය දියත් කළ මොහොත; ඡායාරූප – ගෙටී ඉමේජස්

මීට සමානවම 2019 වර්ෂයේදී එඩ්ග්බැස්ටන් ක්‍රීඩාංගනය රෙඩ් ෆෝ රූත් (#RedforRuth) නම් හෑෂ්ටැගය සහිතව රතු පැහැයෙන් දිදුලුනු දිනයක් පැවතිනි. ඒ එංගලන්ත හිටපු ක්‍රිකට් නායක ඇන්ඩෘෘ ස්ට්‍රෝස් ගේ බිරිඳ වන රූත් ස්ට්‍රෝස් 2018 වර්ෂයේදී පෙනහළු පිළිකාවකින් මිය යාමට සමගාමීව රූත් ස්ට්‍රොස් පදනම නමින් පෙනහළු පිළිකා පිළිබඳ අරමුදලක් වෙනුවෙනි.

Share

Recent Posts

Baby Reindeer හි මාර්තා චරිතයෙහි සැබෑ කතා නායිකාව පිළිබඳ ආන්දෝලනයක්!

සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…

2 mins ago

tortilla chip අභියෝගයකට මුහුණ දුන් 14 හැවිරිදි දරුවකු හෘදයාබාධයකින් මරුට

වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.

3 hours ago

ප්‍රංශයේ නව කැලිඩෝනියාහි කෝලහාල තත්වයක්; හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…

4 hours ago

කිසිවක් නොකර සිටීමට හොඳම කවුදැයි බැලීමට දකුණු කොරියානුවන් අතර තරඟයක්

මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…

6 hours ago

එක්සත් රාජධානිය ඉන්දිය කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කරයි

ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.

1 day ago

චීන ජනාධිපතිවරයා පුටින්ව හරසරින් පිළිගනියි

මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.

1 day ago

ROBERT FICO ගේ තත්ත්වය නරක අතට!

එරට  ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද  ඔහුගේ  තත්වය බරපතල…

1 day ago

ට්‍රම්ප් හා බයිඩන් ප්‍රසිද්ධ විවාදයකට සුදානමින්

එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.

1 day ago

ස්ලෝවැක් අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වේ

වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2 days ago

බයිඩන් චීනයේ විදුලි වාහන සඳහා 100%ක තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…

2 days ago

රුසියානු ජනාධිපතිවරයා බීජිංහිදී , ෂී ජින්පින් හමුවීමට නියමිතයි

චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.

3 days ago

කාශ්මීරයේ පිටි සහ විදුලි මිල ඉහළ යාමට එරෙහිව විරෝධතා; තිදෙනෙකු මාරුට

මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…

3 days ago

මුම්බායි හි දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 14දෙනෙකු මරුට

ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…

3 days ago

ලෝක මාධ්‍ය නිදහසේ අංක එකේ රට නෝර්වේ!

ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…

3 days ago