ලොව යන අත

ක්‍රිස්ටීන් ලී: චීනය විසින් ප්ලාන්ට් කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඔත්තුකාරිය ද?

MI5 අනතුරු ඇඟවීමෙන් පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කතානායක ශ්‍රීමත් ලින්ඩ්සේ හොයිල් විසින් මෙයට අදාළව ලිපියක් ද මන්ත්‍රීවරුන් වෙත නිකුත් කර තිබේ.

කෙසේ නමුත් MI5 කියා සිටින්නේ, චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එක්සත් රාජධානියේ දේශපාලන ක්‍රියාකාරකම් සිදුකරමින් බ්‍රිතාන්‍ය දේශපාලනයට බලපෑම් කිරීම සඳහා ඇයව ‘ප්ලාන්ට් කර ඇති බව’ ය.

ක්‍රිස්ටීන් ලී නමින් MI5 විසින් හඳුන්වන මෙම කාන්තාව, බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂ මන්ත්‍රීවරයෙකු වන බැරී ගාඩිනර් සමග සම්බන්ධ වී සිටින සොලිසිටර්වරියකි. ඇය, චීනයේ UFWD නමැති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කටයුතු කරන බව කියැවේ. චීනය තුළත් විදේශ රටවල් තුළත් චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශයන් ව්‍යාප්ත කිරීමත්, විවේචන නිහඬ කිරීමත් භාරව තිබෙන්නේ මෙම අංශයට බව කියැවේ.

මේ අතර, තමන් ක්‍රිස්ටීන් ලීගෙන් ලේබර් පක්ෂය වෙනුවෙන් අරමුදල් ප්‍රදානයන් භාරගත් බව බැරී ගාඩ්නර් මන්ත්‍රීවරයා පිළිගෙන තිබේ. තවද මෙම කාන්තාවගේ පුත්‍රයා මේ වන විට ඔහු සමග වැඩ කරමින් සිටි බව ද ඔහු පිළිගෙන ඇත.

බැරී ගාඩ්නර් සහ ක්‍රිස්ටීන් ලී

ක්‍රිස්ටීන් ලී පිළිබඳ දැන් කලෙක පටන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වෙමින් තිබේ. ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණක් ද පැවැත්වෙමින් තිබේ. නමුත් බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය නිල වශයෙන් මෙසේ ඇය පිළිබඳ ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන්නේ ප්‍රථම වතාවට ය. මේ අනතුරු ඇඟවීමත් සමග බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ඇති ව තිබෙන්නේ ව්‍යාකූල තත්වයකි.

සොලිසිටර් කබායට මුවා වූ ඔත්තුකාරියක් ද?

ඔත්තුකාරයෝ/ ඔත්තුකාරියෝ විවිධ වේශයන්ගෙන් ජීවත් වෙති. උදාහරණයක් ලෙස ක්‍රිස්ටීන් ලී ගන්න. ඇය, චීනයේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල රාජකාරියක් කරන කළු කබායක් හැඳි තැනැත්තියක නොවේ. එසේ විණි නම් ඇයට එංගලන්තය තුළ මෙතරම් පහසුවෙන් දිවි ගෙවීමට නොහැකි වනු ඇත. 2020 වසරේදී එක්සත් රාජධානියෙන් පිටුවහල් කළ චීන රහස් ඔත්තුකරුවන් තිදෙනාගේ සිද්ධිය ඔබට මතක නම්, ඔවුන් බ්‍රිතාන්‍යය තුළ ජීවත් වී තිබුණේ මාධ්‍යවේදීන් ලෙස ය.

බ්‍රිතාන්‍ය ස්වදේශීය කටයුතු ලේකම්වරයා විසින් දැනටමත්, ක්‍රිස්ටීන් ලී ගේ කටයුතු ‘සාපරාධී’ ගණයට අයත් වන බව කියා අවසන් ය.

නමුත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හෝ MI5, මෙම අනතුරු ඇඟවීමෙන් ඔබ්බට යමක් කිරීමට සමත් වනු ඇත්ද?

දැනටමත් කියැවෙන්නේ ඇගේ කටයුතු සොයාබැලීමට තරම් තාක්ෂණික ශක්‍යතාවයක් ඔවුන් සතුව නොමැති බව ය. ඒ තත්වයම, මෙම ආන්දෝලනය තවත් උග්‍ර කිරීමට හේතු වී තිබේ.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

6 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

7 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

8 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

9 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

9 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

23 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago