අරුම පුදුම

මිනිස් ලොවේ තවත් ලෝකයක් – දිලීර රජදහන ගැන අප්‍රකට තතු

Fungi – දිලීර නැත්නම් පුස් …ගැන අපිට නිතරම තියෙන්නේ විවේචන… මේ දිලීර නිසා ජීවිතයේ එක අවස්ථාවක හෝ අපහසුතාවට පත් අයෙක් නොමැති තරම්. අපගේ එදිනෙදා ජීවිතයේදී අප අවට … පසෙහි, අවට පරිසරයෙහි කොටින්ම කිවහොත් අපගේ ශරීරයේ වාතාශ්‍රය සමග එක්වී ඒ සෑම තැනකම අපට පෙනන හා නෙපෙනෙන සේ අප සමගම ජීවත් වන්නන්..මේ ජීවීන් කොට්ඨාසය සැබවින්ම අපූර්වත්වයෙන් යුක්තයි.

පුස් නැත්නම් දිලීර සමහර විට අපට ආහාරයක් මෙන්ම ඖෂධයක් වන අවස්ථාද ඇතත් අපගේ ජීවත භයානක තත්ත්වයන්ට ඇද දමන්නටද පුළුවන් ප්‍රබලයන් පිරිසක් බව අප දන්නා කරුණක්.

ROYAL BOTANIC GARDENS, KEW

දිලීර ලෝකය ගැන කරන ලද ප්‍රථම මෙන්ම විශාලතම සමීක්ෂණය state of the world’s fungi දිලීර රාජ්‍ය යේ අලකාරය. පෘථිවිය මත දිලීර රාජධානිය .. නම් වාර්ථාව දිලීර ලෝකය ගැන ප්‍රදුමාකාර මෙන්ම රසවත් තොරතුරු හෙළි කරන ලදී.

මේ වන විට ලෝකයේ ඇතැයි විශ්වාස කරන දිලීර වර්ග මිලියන 3.8න් 90%ක්ම විද්‍යාව මඟින් තහවරු කර නොගත් ඒවා බව සමහර විට මට වගේම ඔබටත් පුදුමයක් විය හැකියි.

ROYAL BOTANIC GARDENS, KEW

දිලීර ගැන සමහර තොරතුරු සැබවින්ම සුන්දර මෙන්ම රසවත් වන අතර ඒවායේ ජෛව ක්‍රියාවලියද රසවත් තෙරතුරු පිරුණ එකකි. නමුත් සැබෑ වටම ඒ ගැන අප දන්නේ ඉතා ස්වල්ප තරමකි.

ඔවුන් ඇත්තෙන්ම විශ්මය දනවන ජීවන චක්‍රයක් ඇති අරුම පුදුම ප්‍රාණීන් පිරිසක් ..මිහිපිට පරිසර පද්ධතිය තුළ ඔවුන්ගේ කාර්යභාරය ගැන ඔබ තේරුම් ගත් විට පෘථිවිය මත ඔවුන් කෙතරම් වැදගත් කාර්යයක් ඉටු කරනු ඇත්දැයි ඔබ වටහා ගනීවි.

එසේ පවසන්නේ බ්‍රිතාන්‍යයේ රජකීය උද්භීත උද්‍යානයේ අධ්‍යක්ෂක කැතී විලීස් ය. මිනිස් ජීවිතය ට දිලීර වල වැදගත් කම ගැන සිතන විට ‍,

අප බෙහෝ විට දන්නේ කෑමට ගන්නා බිම්මල් ගැන පමණි. නමුත් දිලීර කාර්ය භාරය අතිමහත්ය. පුංචි ශාක පොළොවෙන් ජලයද පෝෂණයද උරා ගන්නට වගේම රුධිරයේ කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු කරන්නටත් .පටක බද්ධයටත් එකසේ උදවු වේ.

විවිධ වර්ගයේ ජෛව ඉන්ධන උත්පාදනයට මෙන්ම ප්ලාස්ටික විභේදනයේද හැකියාවක් ඇති දිලීර වල අඳුරු අත්දැකීම්ද ලෝකය හමුවේ නැතිවා නොවේ. සමහර ශාක වලට දුෂ්කර කාල උදාකරන්නටත් ඒවාට අනිගතය අහිමි කරන්නට මෙන්ම සමහර උභයජීවීන් මිහිපිටින් අතුගා දමන්නටද මේ දිලීර වලට නොහැකි නොවේ.

දිලීර ලෝකයේ විකාශය සහ විවිධත්වය පිළිබඳව ගවේෂණය කරනු ලබන ආචාර්ය එස්තර් ගායා පවසන්නේ,
”ඔවුන්ට එකම වෙලාවක හො ඳ වෙන්න වගේම නරක වෙන්නත් පුළුවන්. එකම දිලීර වර්ගය නරක අඳුරු දෙයක් වනවා මෙන්ම ඒ ලෙසටම බෙහෝ ගැටළු වලට විසඳම් සොයන්නටද හැකි වන බවයි.”

ආහාර විෂ වීම නිසා මරණය උරුම කරගත් ලෝකයේ බෙහෝ පුද්ගලයන්ගේ මරණයට හේතු වී ඇත්තේ මේ කුමන හෝ වර්ගයක දිලීරයි. දිලීර රාජධානියේ බෙහෝ විෂ සහිත සෙබළුන් සිටිය හැකිය.

අප බෙහෝ විට උත්සහා කරන්නේ දිලීර වලින් බේරී සිටින්නටයි. නමුත් අන් කවරදාටත් වඩා මේ දිලීර ගැන අවධානය යොමු කරන්නට හා සැළකිලිමත් වන්නට හෝඳම කාලය දැන් එළඹ ඇත. දේශ ගුණික විපර්යාස නිසා අර්බුධ රැසක් මත සිටින සමස්ත ලෝකය තුළ දිලීර වලටද කාර්ය භාරයක් ඇති බව පැහැදිලිය.

දිලීර ජීවත් වන්නේ ඔවුන්ගේම රජදහනක වුවත් ඒවා ශාක වලට වඩා සතුන් ට වඩා සමීපය.
පොකිරිස්සන් හා ඉස්සන් ගේ අඩංගු දිලීර සෛල බිත්ති තුළ රසායනික අඩංගු වේ .

ප්ලාස්ටික් දිරා පත්කිරීමට වසර ගණනාවක් දිලීර වලට ගත වන බව සොයාගෙන තිබුණද සතියක් තුළ වුවද ඔවුන්ට වඩා වේගයෙන් එය කළ හැකි බව නවතම සොයා ගැනීමයි.

අප එදිනෙදා ජීවිතයේදී හොඳින් දන්නා යීස්ට් ද දිලීර වර්ගයකි. යීස්ට් වලින් මධ්‍යසාර නිපදවිය හැකි බව ලෝකය සොයා ගෙන ඇත්තේ මීට වසර 900කටත් පෙර යන්නට සාක්ෂි හමු වී තිබේ.

හතුද ඇතුළුව අඩුම තරමේ දිලීර වර්ග 350කට වැඩි ප්‍රමාණයක් අප ආහාර ලෙස ගනිමු. මාමායිට, චීස්ද ඇතුළු අති විශාල මුදලකට අලෙවි කළ හැකි ආහාර වර්ගද ඒ අතර වෙයි.

කාර් ර‍ත වල සමහර ප්ලාස්ටික් කොටස් එමෙන්ම කෘතිම රබර් අදිය නිපදවනු ලබන්නේ දිලීර වර්ගයකින් පැවත එන itaconic නමු අමුද්‍රව්‍යයයෙනි.

දිලීර වර්ග 216ක් පමණ ඉන්ද්‍රජාලිකයන් යැයි සිතන්නට මිනිසුන් පෙළඹූ ඒවාය.

ගොවි බිම් වල අපද්‍රව්‍ය ජීව වායු බවට පත් කිරීමට යොදා ගන්නේ දිලීර වර්ගයි.

දිලීර ආශ්‍රයෙන් නිපදවන සමහර නිෂ්පාදන වර්ග ලෙදර් මෙන්ම සමහර ගොඩනැගිලි ද්‍රව්‍ය වෙනුවට භාවිතා කළ හැකිය‍්‍

”අඳුරු තක්සෝන” එනම් අප නොදන්නා අපට මඳුනා ගත නොහැකි සමහර දිලීර කුඩා පස් සාම්පලයක් තුළ දහස් ගණනක විවිධ වර්ග දැකිය හැකි බව ඩී එන් ඒ පරීක්ෂණ මඟින් තහවුරු වී ඇත.

 State of the World’s Fungi,   දිලීර ලෝකයේ අලංකාරය. පර්යේෂණ වාර්ථාව සකස් කිරීම සඳහා සහභාගී වූ විද්‍යාඥයින් ගණන 100කට අධිකය ඒ රටවල් 18ක පිරිසයි.

 සෑම වසරකම 2000කට අධික අලුත් දිලීර වර්ග සොයා ගනී . මිනිස් නිය ද ඒවාට නිවහන වන මූලාශ්‍රයකි.

සිය ගණනක් දිලීර වර්ග ආහාර ලෙස ගන්නා අතර ලෝක වෙළඳපළ තුළ ආහාරයට ගත හැකි හතු වල වටිනාකම වාර්ශිකව පවුම් බිලියන 32.5කි.

IUCN Red List හෙවත් ලෝකයේ වඳ වෙමින් යන ජීවීන් සහ අනෙකුත් දෑ අතර දිලීර වර්ගද 56ක් නම්කර ඇත. මෙම ලයිස්තුවේ සත්වයන් වර්ග 68000ක් හා පැළෑටි 25000ක් වේ.

දිලීර වලට උතුම්කොට සළකන්නට අපි මිනිසුන්ට කියා දියා යුතුයි. එසේ පවසන්නේ The Lost and Found Fungi Project හී ආචාර්ය බ්‍රයන් ඩග්ලස් ය.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

4 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

5 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

5 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

19 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

22 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

23 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

24 hours ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

24 hours ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago