ලොව යන අත

සමරිසියන්ගේ යාඥාව ඇසීමට කතෝලික පල්ලියේ දොර ඇරෙන ලකුණු!

පාප් වහන්සේගේ අයර්ලන්ත සංචාරයට සමගාමීව මෙම මස 21 වැනිදා සිට 26 වැනිදා දක්වා පවත්වනු ලබන ලෝක පවුල් සංසදයේදී  ජේම්ස් මාටින් පියතුමා විසින් විවිධ ලිංගික අනන්‍යතා සහිතවූවන් පවුල තුළ ආරක්ෂා කරන්නේ කෙසේද, ඔවුන් පවුලෙන් නෙරපා හැරීම නොව, පවුලේ සාමාජිකයින්ගේ ආදරය හා කැපවීම ඔවුන් වෙනුවෙන් ලබාදෙන්නේ කෙසේද යන මැයෙන් දේශනයක් පවත්වනු ඇත. මේ පිළිබඳ අදහස් දක්වන ජේම්ස් මාර්ටින් පියතුමා පවසන්නේ මෙවර ලෝක කතෝලික පවුල් සංසදයට අදාළ න්‍යාය පත්‍රයට සමරිසි, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් සම්බන්ධ සාකච්ඡාවක්ද සිදුවිය යුතු බව වතිකානුව විසින්ම යෝජනා කළ බවයි.

මාර්ටින් පියතුමාගේ  දේශනය හරහා සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් හා ඔවුන්ගේ පවුල්වලට කතෝලික පල්ලියේ දෙර ඇර ඇති බව නිවේදනය කරනු ඇත. අති උත්තම පාප් වහන්සේ අයර්ලන්තයට පැමිණීමට නියමිතව ඇත්තේ 25 වනදා වන අතර, බොහෝ විට මෙම දේශනය උන්වහන්සේගේ පැමිණීමට පෙර දිනයේදී පවත්වනු ඇත.

මෙම දේශනය වතිකානුව විසින්ම යෝජනා කිරීම කතෝලික සමරිසි ප්‍රජාව පුදුමයට පත් කර ඇති අතර, සාමාන්‍යයෙන් කතෝලික පල්ලිය සැලකෙන්නේ සමරිසියන්ට වෛර කරන හා ඔවුන් වෙනුවෙන් දෙවියන් වහන්සේගේ ස්වර්ණමය දොරටුවට ඉඩ හසර ලබා නොදෙන ස්ථානයක් ලෙසයි.  එමෙන්ම මාර්ටින් පියතුමාට අනුව වතිකානුව විසින් ගත් මෙම තීරණය මගින් ලොව පුරා විසිරී තිබෙන කතෝලික පල්ලිවලට ද ආරාධනාවක් සිදු කෙරෙනු ඇත. ඒ ‘ එල්.ජී.බී.ටී මිනිසුන් ඇතුළු ඔවුන්ගේ පවුල් කතෝලික පල්ලියට පිළිගන්නා ලෙස හා ඔවුන්ට අවශ්‍ය ගෞරවය නොමඳව ලබාදෙන ලෙසයි. එමෙන්ම මෙම දේශනය මගින් ලෝකවාසී කතෝලික ආගම අදහන  සමරිසි ප්‍රජාවට සාමයේ හා බලාපොරොත්තුවේ පණිවිඩයක්ද ලබාදෙයි. ඒ ‘ මේ ඔබගේ ද පල්ලියයි’ යන්නයි.

අයර්ලන්තයේ පැවැත්වෙන ලෝක කතෝලික පවුල් සංසදය විසින් ‘සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වූවන් කතෝලික පල්ලියට වද්දා ගත යුත්තේ ඇයි’ යන මැයෙන් පවත්වන දේශනය අවලංගු කරන ලෙස ඉල්ලා සමරිසි භීතිකාවෙන් පෙළෙන දස දහස් ගණනක් මිනිසුන් මේ වන විටත් පෙත්සම් ගසමින් සිටී.  මෙම පෙත්සම මගින් ඔවුන් පවසා සිටින්නේ සමරිසියන් කතෝලික පල්ලියට වද්දා ගැනීම හා සමරිසි පවුල් පිළිගැනීම මගින් සාම්ප්‍රදායික පවුලේ ගෞරවයට හා අභිමානයට හානිවන බවයි. අයර්ලන්තයේ අගමැති වරයා වන වැරැද්කාර් සමරිසි පුද්ගලයෙකු වන අතර, ඔහු පසුගිය වසරේදී අගමැතිවරයා බවට පත්වූයේ තමන් සමරිසියෙකු බව ඡන්ද ව්‍යාපාරය ආරම්භ කිරීමේදී ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එමෙන්ම පසුගියදා අයර්ලන්තය තුළ ගබ්සාව සම්බන්ධ අයිතිය පෞද්ගලිකත්වයට ඇති අයිතියක් ලෙස සලකමින් අධිකරණය මගින් ගබ්සාව සම්බන්ධව පැවති නීති ලිහිල් කළ අතර, වසර ගණනාවක් තිස්සේ අයර්ලන්තයේ කතෝලික පල්ලිය විසින් සමරිසිභාවයට හා ගබ්සාවට එරෙහිව දැඩි මතවාදීමය අරගලයක් සිදුකරනු ලැබීය.මාර්ටින් පියතුමා විසින් ලෝක පවුල් සංසදයේදී සමරිසියන්ගේ අභිමානය හා ඔවුන්ගේ පවුල් කතෝලික පල්ලිය විසින් පිළිගත යුතු බව පවසන්නේ මෙවැනි පසුබිමක් තුළය.

 ලෝක පවුල් සංසදය යනු රෝමානු කතෝලික භක්තිකයන්ගේ දින දර්ශනයේ විශේෂ සැසියක් වන අතර, කතෝලික පල්ලිය නියෝජනය කරන ලෝකයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයින් එයට සහභාගී වේ.  මෙම සංසදය මගින් අවධානය යොමුකරන්නේ විවාහය හා පවුල් ජීවිතයේ ඇති වැදගත්කම, අවබෝධය හා ගෞරවණීයභාවය පිළිබඳවයි. අයර්ලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, එංගලන්තය, කැනඩාව වැනි රටවල් විශාල ප්‍රමාණයක් මේවන විට ඔවුන්ගේ රට තුළ සමරිසි සම්බන්ධතා පිළිගෙන ඇති අතර, සමරිසි පුද්ගලයින්ට විවාහ වීමේ අවස්ථාව පවා ලබාදී තිබේ. එමෙන්ම සමරිසි විවාහ අනුමත කරන බොහෝ රටවල් වල සමරිසි යුවළකට දරුවෙකු සාදාගැනීමට ද අවස්ථාව ලබාදී ඇති අතර, ඔවුන් විෂම ලිංගික පවුලක් හා සමානවම පිළිගැනීමට ලක් කර ඇත. එහෙත් සමරිසි පුද්ගලයින්ගේ විවාහයට අදාළ දේව මෙහෙයන් සිදුකිරීම බොහෝ කතෝලික පල්ලි මගින් ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවලට සහ සමරිසි පවුල්වල දරුවන් භෞතීෂ්ම කිරීම පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරන අවස්ථා බහුල ලෙස පසුගිය කාලයේදී අසන්නට ලැබුණි.

පෙත්සම හා උද්ඝෝෂණය පිළිබඳ අදහස් දක්වන මාර්ටින් පියතුමා පවසා සිටියේ සමරිසි භීතිකාවෙන් පෙළෙන පුද්ගලයින් විසින් සිදුකරන උද්ඝෝෂණ පිළිබඳව ඔහු තැකීමක් නොකරන බවයි.  සමරිසියන්ට වෛර කිරීමට හා ඔවුන් සම්බන්ධයෙන් පවතින භීතිකාවට හේතු ලෙස ඔහු දකින්නේ මිනිසුන් සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බියයි.

“ එල්.ජී.බී.ටී පුද්ගලයින් වෙනත්  අය ලෙස සලකමින් පෙන්වනු ලබන බිය, කතෝලික පල්ලිය විසින් ඔවුන්ගේ හඞට කන් දුන හොත් කුමක් සිදුවේවිද යනුවෙන් ඇති බිය, හා තමන්ගේ ලිංගිකත්වය සම්බන්ධයෙන් තමන් තුළම ඇති බිය මෙවැනි උද්ඝෝෂණ තුළින් පෙන්නුම් කරනවා” යනුවෙන් මාර්ටින් පියතුමා පින්ක් නිවුස් වෙත අදහස් දක්වමින් පවසා ඇත.

ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලිය ද පසුගිය කාලය පුරාම සමරිසියන් ඇතුළු විවිධ ලිංගික අනන්‍යතා සහිත වුවන් සම්බන්ධව වෛරී සහගත ප්‍රකාශ නිකුත් කළ අතර, 2017 වර්ෂයේදී සමරිසියන්ට එරෙහිව පවතින නීති වෙනස් කිරීමට දරූ උත්සාහයේදී දැඩි විරෝධය පාමින් පුවත්පත් සාකච්ඡා පවා සිදුකළේය. එහිදී කතෝලික පල්ලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා පැවසූයේ සමරිසි අයිතිවාසිකම් ලබාදීම යනු දෙවියන් වහන්සේගේ කැමැත්ත හා උන්වහන්සේගේ නියමයන් ඉක්මවා යන සම්බන්ධතාවලට අවසර ලබාදීමක් වන බැවින් කතෝලික පල්ලිය එවැනි ක්‍රියාවන්ට ඉඩ ලබා නොදෙන බවයි. එමෙන්ම කතෝලික පල්ලිය නියෝජනය කරන විවිධ දියෝකීසයන් විසින් සමරිසියන් පවුකාරයින්ය, දෙවියන් වහන්සේගේ උදහසට ලක්විය යුතු පිරිසක්ය යන මතය ප්‍රචාරය කරන ලදී.  ලෝක කතෝලික පවුල් සංසදය විසින් සමරිසි පුද්ගලයින් හා විවිධ ලිංගික අනනතාවන්ගෙන් යුක්ත වූවන්ගේ පවුල්වල අයිතීන් පිළිබඳ සාකච්ඡා කරන්නේ මෙවැනි පසුබිමක් යටතේය.  ඉතින් නොබෝ දිනකදීම දෙවියන්ගේ අල්තාරය අබියසින් සමරිසියන්ගේ යාඥාව ඇසෙනු ඇත.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

5 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

11 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

13 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

14 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

15 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

15 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago