ලොව යන අත

දෙපා අතර තිබෙන අවයවයට නොව හැකියාවට රැකියාව ලබාදෙන්න – බීබීසී ආයතනයෙන් කදිම ආදර්ශයක්

බී.බී.සී ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයෙන් 2% ක ප්‍රමාණයක් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට අයත් බව ඔවුන් විසින් සිදුකළ පර්යේෂණයක් මගින් සොයාගනී.

බී.බී.සී පුවත් සේවයේ විවිධ අනන්‍යතා සහිත වූවන් පිළිබඳ අධ්‍යක්ෂ තුන්ඩේ ඔගන්බේසන් විසින් සමීක්ෂණයේ සංඛ්‍යාන දත්ත එළිදරවු කළ අතර ඔහු පවසන්නේ ලොව පුරා විසිරී ඇති ඔවුන්ගේ කාර්ය මණ්ඩලයෙන් 2% ක් නැතහොත් 417 දෙනෙක් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට අයත්වන බවයි. මෙම දත්ත ඉදිරිපත් කිරීමේදී ඔහු පැවසූයේ තව තවත් සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව හා සමරිසි කාන්තාවන් තම ආයතනයට බඳවාගැනීමට හා ඔවුන්ට ආයතනයේ ප්‍රධාන පුටු ලබාදීමට කටයුතු කරන බවයි.

විවිධ ජනවර්ගයන්, ආගම් නියෝජනයන් හා විවිධ ලිංගික අනන්‍යතා සහිත LGBT ප්‍රජාව තම ආයතනය පුරා විසිරී සිටින ආකාරය තේරුම්ගැනීම වෙනුවෙන් සිදුකරන ලද මෙම සමීක්ෂණය මගින් ඔවුන් බලාපොරොත්තු වූයේ වැඩකරන පරිසරය තුළ කොතරම් ප්‍රමාණයෙන් විවිධත්වය පවතීද, එහි කිසියම් හිඩැසක් පවතීද යන්න සොයාබැලීමයි. මෙලෙස සොයාගනු ලැබූ දත්තවල අනන්‍යතාවය රහසිතගත වන අතර සංඛ්‍යානමය අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කෙරේ. එහිදී විශේෂ අංශවල කොපමණ ප්‍රමාණයක් විවිධ අනන්‍යතා සහිත පිරිස් සිටිනවාද, ඔවුන් විසිරී ඇති ප්‍රමාණය, ඔවුන්ගෙන් කී දෙනෙක් ඉහළ නිලවල සිටිනවාද යනාදී වශයෙන් විවිධත්වය කොපමණ ආකාරයෙන් පවතීද යන්න පිළිබඳ අවධානය යොමුකරමින් අවශ්‍ය වෙනස්කම් සිදුකිරීමට බලාපොරොත්තු වේ.

සමීක්ෂණයේ ප්‍රතිඵල අනාවරණය කරමින් ඔගන්බේසන් මහතා පැවසූවේ ආයතනයක් තුළ විවිධ අනන්‍යතා සහිත පුද්ගලයින් සිටීමේ හා එවැනි අය ආයතනයට ඇතුළත් කරගැනීමේ වැදගත්කම හා වාසි බීබීසි ආයතනය තේරුම්ගෙන ඇති බවයි. අපි සෑමදාම විවිධත්වය යැයි විශ්වාස කළ දේවල්වලටත් වඩා එහා යාමට දැන් සූදානම් විය යුතුයි. “ස්ත්‍රී පුරුෂ සමාජභාවීය වශයෙන් විය යුතු වෙනස්කම් සලකා බලමින් මෙන්ම ජනවර්ග වශයෙන් සලකා බලමින්ද අප විසින් සිදුකළ වෙනස්කම් තව තවත් පුළුල් කළ යුතුය. එහිදී විවිධ ලිංගික දිශානතීන්ට අයත් සමරිසි පුරුෂයින් හා කාන්තාවන් තව තවත් ආයතනයට එකතු කරගැනීම වෙනුවෙන් අප සතුව ඇති ආයතන සංග්‍රහ පවා වෙනස් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

එමගින් සමාජ, ආර්ථිකමය වශයෙන් විවිධත්වය ආමන්ත්‍රණය කිරීමට අපිට හැකිවනු ඇත”. යනුවෙන් හෙතෙම පැවසීය. 2020 වන විට බිබීසී යෙහි වැඩකරන සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය පිරිස ඔවුන්ගේ කාර්ය මණ්ඩලයෙන් 8% ක ප්‍රමාණයක් දක්වා වර්ධනය කිරීම ඔවුන්ගේ අරමුණ වේ.ඔගන්බේසන් මහතා ඉදිරිපත්කළ සමීක්ෂණ දත්තවලට අනුව බීබීසි ය තුළ සිටින සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවේ පිරිස ඉතා ඉහළ අගයක් ගනී. සෑම කාර්ය මණ්ඩල‍ සේවක පනස් දෙනෙකුගෙන් එක් අයෙක් සංක්‍රාන්ති සමාජභාවීය කෙනෙකු වීමම සුවිශේෂිය. ඔවුන්ගේ 21000 ක් පමණ වන කාර්යමණ්ඩලයෙන් 417 දෙනෙක් සංක්‍රාන්ති සමාජභාවීය වීමම වෙනස් තත්ත්වයකි.

එක්සත් රාජධානිය තුළ සමස්ත ජනගහණයෙන් 1 % ක් පමණ සංක්‍රාන්ති සමාජභාවීය අය වන බව ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතා පර්යේෂණ හා අධ්‍යාපන සමාජය (Gender Identity Research & Education Society) පවසයි. තමන් සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් බව කිසිදු බියක් නොමැතිව 417 දෙනෙක් පවසනවා යනුවෙන් අදහස් කරන්නේ ඔවුන් ආයතනය සම්බන්ධව දැඩි විශ්වාසයකින් යුතුව පසුවෙන බවයි. තමන්ගේ අතිශය පෞද්ගලික කාරණාවක් පවා ආයතනය සමග බෙදාගැනීමට තරම් ඔවුන් ආයතනය විශ්වාස කරන බවයි. එමෙන්ම දැනටමත් තමන් සංක්‍රාන්ති පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇති හා ලිංගික අවයව වෙනස්කිරීමේ සැත්කම් සිදුකිරීමේ අවශ්‍යතාවය පවතින හා එම ක්‍රියාවලියේ අතරමැදි අවස්ථාවේ සිටින අය පිළිබඳවද අවධානය යොමු කිරීමට බීබීසී විධායක මණ්ඩලය කැමැත්තෙන් පසුවෙමින් සිටී.

“අපි ආයතනය තුළ රාජකාරීමය ලෙස ඇඳුම් ඇඳීමට බල නොකරන අතර තමන්ට රුචි ආකාරයට හා තමන්ගේ අනන්‍යතාවට ගැලපෙන ආකාරයට ඇඳුම් ඇඳීමට සේවකයින්ට අවස්ථාව ලබාදී ඇත. එමගින් ඔවුන්ව වැරදි ආකාරයෙන් ආමන්ත්‍රණය කිරීම හා ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධව බලකිරීම වැළකෙනු ඇත. එමෙන්ම සංක්‍රාන්ති ක්‍රියාවලියේ සිටින පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට අපි නිරන්තර සූදානමින් සිටින්නෙමු. වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යාමට අවශ්‍ය නම් වැටුප් සහිත නිවාඩු ලබාදීමට මෙන්ම ප්‍රතිකාර හෝ සායනික මට්ටමේදී රාජකාරියට පැමිණිමේ හා සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති නම්‍යශීලි කිරීමට අපි සුදානම්ය” යනුවෙන් ඔගන්බේසන් මහතා පවසයි.

වැඩකරන පරිසරය තුළට විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාවට ද වැඩකිරීමට අවස්ථාව ලබාදීමෙන් සිදුවන්නේ ඔවුන් රැකියා වෙළෙඳපොළට පිළිගැනීම පමණක් නොවේ. මිනිසුන් වශයෙන් එකිනෙකාට ආදරය හා ගෞරවය ලබාදීමේ අවස්ථාවකට සම්මාදන් වීමක්ද එහි පවතී. සමරිසි හෝ සංක්‍රාන්ති හෝ වේවා අවශ්‍ය වන්නේ ඔවුන් සතු දැනුම, හැකියාව හා කුසලතාවය ලෝකයා වෙනුවෙන් මුදාහැරීමට අවස්ථාවක් ලබාදීමකි. එහිදී ඔවුන් හැසිරෙන්නේ කුමන ආකාරයෙන්ද, අඳින්නේ පළඳින්නේ කෙසේද, ආදරය කරන්නේ කාහටද, ලිංගිකව එක්වන්නේ කා සමගද යන්න අදාළ නොවේ.

ඒ සියල්ල ඔවුන්ගේ අතිශය පෞද්ගලික කාරණාය. එහෙත් බොහෝ ව්‍යවසායකයින් හා ආයතන තම වැඩ පරිසරයට විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව ඇතුළත් කර ගන්නේ නැත. එක්කෝ ඔවුන් ඇතුළත් කරගැනීමෙන් අනවශ්‍ය කරදර සිදුවේවි යැයි ඔවුන් විශ්වාස කරන නිසා විය යුතුය. එසේත් නැතිනම් කළමණාකරණය ඇතුළු සේවකයින් තුළ පවතින සමලිංගික හා සංක්‍රාන්ති භීතිකාව නිසා විය යුතුය. එහෙත් එල්.ජී.බී.ටී ප්‍රජාව රැකියා වෙළෙඳපොළෙන් හා ආර්ථික සංස්ථාවෙන් ඉවත් කිරීමෙන් සිදුවන්නේ ශ්‍රම බලකායට අත්‍යවශ්‍යම පිරිසක් අහිමිවීමයි. ඔවුන්ගේ නිපුනතාවය හා හැකියාවන් ලබාගැනීමට රටක් අපොහොසත් වීමයි. ඒ නිසා බීබීසි ආයතනය විසින් පර්යේෂණාත්මක දත්ත මත පිහිටා සිදුකරනු ලබන මෙම කාර්යය ලෝකය පුරා විසිරී සිටින වෙනත් සංවිධාන, ආයතන හා ව්‍යාපාරවලට ආදර්ශයක් ලබාදෙනු ඇත.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

16 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

17 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

18 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

18 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

1 day ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

3 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

3 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

3 days ago