ලොව යන අත

අනුන්ගේ මළගෙවල්වල කුළියට අඬන ඝානාවේ ගැහැණු

ආර්ථික දරිද්‍රතාවය විසින් මිනිසුන්ව විවිධාකාර මුදල් සෙවීමේ මාර්ග වලට යොමු කර ඇත.

ඝානාවේ ගැහැණුන් සමහරක් දෙනා මුදල් උපයන්නේ අනුන්ගේ මළ ගෙවල් වල හැඬීමෙන් හා වැළපීමෙනි. තම සමීපතමයන් මිය ගිය විට ඒ වෙනුවෙන් හරියාකාරව හඬන්නට නෙහැකි වනු ඇතැයි යන ඝානාවේ බෙහෝ පිරිස් මෙම කාන්තාවන් සඳහා ඇරයුම් කරනු ලබන්නේය.
මළ ගෙදරට එන ඔවුන් කරන්නේ අවසන් මෙහොත තෙක්ම කෑ ගසා හැඬීමය.

ඝානාවේ කුළියට අඬන ගැහැණුන් විසින් පිහිටුවා ගත් සංගමයක් (Professional Mourners)  ඇති අතර එහි සාමාජිකත්වය ලබා ගන්නා ගැහැනුන් හට වෘත්තියක් ලෙස මෙම රැකියාව සිදුකළ හැකිවේ.

මේ පිළිබඳව BBC  ආයතනය විසින් කරන ලද පර්යේෂණාත්මක වාර්තාමය වැඩසටහනකදී තමන් මෙවැනි රැකියාවක් කිරීම පිළිබඳව ඔවුන්ගේ අදහස් පළ විය.

ඔවුන් පවසන පරිදි තමන් මෙලෙස අනුන්ගේ මළ ගෙවල්වල හැඬීමේ මූලික අරමුණ මුදල් ඉපයීමයි. නමුත් ඔවුන් බොහොමයකගේ ස්වාමි පුරුෂයන් මිය ගිය පසු එය සිය ජීවන වෘත්තිය බවට පත් කර ගැනීමට ඔවුන් තීරණය කර ඇත.

මේ වන විට කුළියට අඬන්නන්ගේ සංගමය ඝානාවේ විවිධ ප්‍රදේශ පුරා ව්‍යාප්ත වී ඇති අතර ඒ ඒ පළාත් වැන්දඹු කාන්තාවන් ඒ ප්‍රදේශෙවල ශාඛාවන් පිහිටුවා ගනිමින් සිටී.

අලුතින් බැඳෙන සාමාජිකාවන් සඳහා මළ ගෙවල් වල ඇඬීමට පුහුණු කිරීමෙන් පසු ඔවුන්ව වෘත්තිය සඳහා යොමු කරනු ලබයි.

ඔවුන්ගේ හැඬීමේ අංගයන් කිහිපයක් වෙයි. එනම් ඉතා ගැඹූරින් ශෝකාකූලව අඳෝනා නගමින් වැළපීම,බිම පෙරළෙමින් විලාප නැගීම,හඬමින් අවමගුල් ගෙදර පුරා ඇවිදිම, සාමාන්‍ය හැඬීම,වමනය කරමින් හැඬීම, ‘දඬු ලේනා හැඬීම‘ හෙවත් දඬුලේනකුගේ ශබදය නගමින් ඒ ආකාරයෙන් හැඬීමයි.

සිය සමීපතමයෙක් මිය ගිය පසු අවමංගල්‍යයේදී  මි මේ ඕනෑම ආකාරයකින් හඬවා ගැනීමට කාන්තාවන් කුළියට ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිවේ. තමන්ට ඕනෑ ඇඬිලි වර්ගය ඔවුන් විසින් තෝරා ගත යුතු වෙයි.

BBC Africa වෙත සිය අදහස් පළ කළ මෙම කුළියට අඬන්නන්ගේ සංගමයේ ප්‍රධානී ඇමී ඩොක්ලි පවසන්නේ ” සමහර මිනිසුන් දන්නේ නැහැ අඩන්නේ කෙහොමද කියලා .. ඉතින් ඒ අය අපිව මිලට ගන්නවා.. සමහර මළ ගෙවල් ඉතා ඉහළින් පවත් වනවා.. විවිධ නර්තන අංගත් සමඟින් .. සමහර මළ ගෙවල් සාමාන්‍ය ඒවා.. ඒ කුමකට අපට ආරාධනා කළත් අප අපේ සේවය සිදු කරනවා..”

ඔවුන් විශ්වාස කරන්නේ මිය ගිය පසු තමන් වෙනුවෙන් අනෙක් අය හඬනු දැකීමෙන් මිය ගිය තැනැත්තා ප්‍රීතියට පත්වන බවයි. කළු පැහැ ඇඳුම් වලින් සැරසෙන ඔවුන් සිය ඉල්ලුම් කරුට අවශ්‍ය ප්‍රමාණයෙන් සහභාගී වී ඔවුන්ගේ අවශ්‍යතාව ඉටු කරනු ලබයි.

තමන් නොදන්න මිනිසුන් වෙනුවෙන් කඳුළු හෙළීම නැත්නම් බොරුවට හැඬීම, මුදල් වෙනුවෙන් හැඬීම අප සිතන තරම් පහසු කාර්යයක් නොවන්නේය. තමන් විසින් හෙළන කඳුළු සඳහා ඔවුන්ගේ මිල ගණන් විවිධාකාර ය… විශාල ලෙස පැවැත්වෙන මළගෙවල්වල දී ඔවුහු සිය කඳුළු සඳහා වැඩි මිලක් අය කරති.

ඝානාවේ මිනිසුන් බොහොමයක් මංගල උත්සවයකට මෙන්ම අවමංගල්‍ය කටයුත්තද ඉතා ඉහළින් සැමරීමට උත්සුක වෙති. සාමාන්‍යයෙන් ඔවුන් අවමංගල්‍යයක් සඳහා වියදම් කරන මුදල ඩොලර් 15000ත් 20000ත් අතර වෙයි. විශාල දැන්වීම් පුවරු මෙන්ම විවිධ අංග මෙම අවමංගල්‍ය උත්සව වල ඇතුළත් වෙයි.

ඔවුන් මළ මිනිසුන් තැබීම සඳහා යොදා ගන්නා මිනී පෙට්ටිද සිත් ගන්නා සූළු මෙන්ම අලංකාර විවිධ හැඩයෙන් නිර්මානය කළ ඒවාය.බෙහෝ විට මිය යන්නට පෙර තමන්ට අවශ්‍ය කුමන අයුරේ මිනී පෙට්ටියක්දැයි තීරණය කිරීමේ ප්‍රවණතාවක් ඝානාවේ දැකිය හැකිය.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

4 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

5 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

6 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

6 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

20 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

23 hours ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

24 hours ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago