කාලීන

මිනිසුන් විසින් මිනිසුන් විකුණන ”human trafficking” (1 කොටස)

මුදල් සොයන්නට මිනිසුන් නොකරන දෙයක් නැත … ඒ සාමාන්‍ය ව්‍යවහාරයට ද අපි මිනිසුන් අර්ථ දක්වන්නට භාවිත කරන කියමනකි. මිනිසුන් භාණ්ඩ විතුණති, සේවා විකුණති, දේපළ විකුණති, එපමණක් නොව ඔවුන් සතුන් සර්පයින්ද විකුණති, තමන්ගේම ශරීර අවයවද විකුණති… නමුත් මිනිසුන් මිනිසුන් විකිණීම ….?

මිනිසුන් මිනිසුන් විකිණීම, මිනිස් ජාවාරම හෙවත් human trafficking නම් වේ. මිනිසුන් මිනිසුන් විකිණීම අද ඊයේක ආරම්භ වූවක් නොව ඈත අතීතයේ මානව සංහතියේ ආරම්භයත් සමග සිදු වෙමින් පවතින ක්‍රියාවලියකි… නමුත් අද ලෝකයේ වැඩි වශයෙන් වර්ධනය වීමේ ප්‍රවණතාවක් ඇති ව්‍යාපාර අතරේ මිනිස් ජාවාරම ඇත්තේ ඉතාමත් ඉදිරියෙනි….


මිනිස් ජාවාරම (human trafficking) යනු ?

මිනිස් ජාවාරම හෙවත් human trafficking යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අර්ථ ගන්වා ඇත්තේ

”බලහත්කාරයෙන් වහල් සේවය සඳහා ,මිනිස් ශ්‍රමය ලබා ගැනීම සඳහා, ලිංගික වහලුන් ලෙස ලෙස භාවිත කිරීම සඳහා හෝ බලහත්කාරයෙන් ගණිකා සේවයේ යෙදවීම සඳහා කෙනෙක් විසින් තවත් කෙනෙක් වෙත මිනිසුන් වෙළඳාම් කිරීමයි… එපමණක් නොව බලහත් කාරයෙන් කාන්තාවන් විවාහ කර දීම මිනිසු සිරුරේ කොටස් බලහත් කාරයෙන් ලබා ගැනීම කාන්තාවකගේ ගර්භාෂය තවත් ආයක් ගේ දරුවෙක් සෑදීමට බලහත් කාරයෙන් භාවිත කිරීම කාන්තාවන්ගේ ඩිමිබ බලහත්කාරයෙන් ඇයට නැති කිරීමද මිනිස් ජාවාරම ලෙස හඳුන්වයි..”

මිනිසුන් විසින් මිනිසුන් විකිණීම එකම රටක් තුළ මෙන්ම රටකින් තවත් රටකටද සිදු විය හැකිය. ටමය මිනිසුන්ට එරෙහි අපරාධයක් ලෙස ලෝකයම සැළකුවද අද වන විට ලෝකයේ ඇමරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධානිය, මෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධනය වෙමින් පවතින රටවල් හා දිළිඳු රටවලද නිතැතින්ම සිදුවන්නක් වේ. නූතන වහල් සේවය ද මිනිස් ජාවාරමට දිය හැකි තවත් නමකි.

අද තත්ත්වය?

අප ගෙවන සෑප තත්ත්පරයකම ලෝකයේ සෑම අස්සක මුල්ලකම සිදු වන දෙයක් බවය අද මිනිස්ස ජාවාරම පත් වී ඇත. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත වලට අනුව 2017 වසරේදී ලෝකය පුරා මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත්ව ඇති අහිංසකයින් සංඛ්‍යාව මිලියන 24.9කි. සැබවින්ම මෙම ප්‍රමාණය අපට සිතා ගන්නටවත් හැකිදැයි යන්න ගැටළුවකි. ඒ අතරින් මිලියන 16ක් එනම් 64% අයුතු ලෙස යොදවා ගනු ලබන්නේ ශ්‍රම සම්පත සූරා කෑම සඳහාය. මිනිස් ජාවාරම් මඟින් ලිංගික සූරාකෑම් සඳහා අනවසරයෙන් යොදා ගන්නා ප්‍රමාණය මිලියන 4.8කි එය සමස්ත ප්‍රමානයෙන් 22%කි.

ඒ අනුව අද වන විට ලෝකයෙ ඉතා වේගයෙන් වර්ධනය වන අපරාධ රැල්ල වී ඇත්තේ මිනිස් ජාවාරම් හෙවත් නූතන වහල් සේවයයි

නූතන වහල් සේවයේ ඛේදනීයම තත්ත්වය වී ඇත්තේ වර්ථමානයේ වැඩිපුරම මෙහි ගොදුරු බවට පත්ව ඇත්තේ ළමුන් සහ කාන්තාවන් වීමයි.

ලෝක කම්කරු සංවිධානයට අනුව ඩෝලර් මිලියන 150ක ආදායමක් මෙම මිනිස් ජාවාරම් මඟින් නීතිවිරෝධීව වාර්ශිකව ජාවාරම් කරුවෝ උපයති. ඒ අතරින බිලියන 99ක් උපයන්නේ ලිංගික වහල් සේවය මඟිනි.

මෙසේ නීති විරෝධී ලෙස අනවසරයෙන් මිනිසුන් ජාවාරම් කිරීම මිනිසුන් බලහත් කාරයෙන් විවිධ අයුරින් සේවයෙන් යෙදවීම ඉතා සූක්ෂමව මෙන්ම අන්තර්ජාතීක නීතීන්ට හුසු නොවන්නට සිදු වන්නට බොහෝ නීති විරෝධී මිනිස් ජාවාරම් සිදු කරන්නෝ වග බලා ගනිති.

කුමන හෝ හේතුවක් මත බොහෝ විට ආර්ථික ගැටළු මත හෝ කුමන හෝ අර්බුධයක සිර වී සිටන්නන් පෝහෝ විට මෙම මිනිසු ජාවාරමේ ගොදුරු බවට පත් වන්නේය . නමුත් බොහෝ විට කාන්තාවන් සහ ළමුන් ජාවාරම් කරනු ලබන්නේ ඉතා සූක්ෂම ලෙසය. බොහෝ විට නීති විරෝධ ලෙස ඔවුන් රටකින් තවත් රටකට ගෙන ගොස් විවිධ නීති විරෝධ ක්‍රියාවල ඔවුන් යොදවති.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නිකුත් කළ වාර්ථාවකට අනුව වාර්ෂිකවමිනිසුන් 600000ත් 80000 අතර ප්‍රමාණයක් මිනිස් ජාවාරම සඳහා ජාත්‍යන්තර සීමා අතර හුවමාරු වෙයි.

ලිංගික ශ්‍රමය සූරා කෑමේ ජාවාරම

දියුණු නොදියුණු භේද නොතකා වර්ථමනය වන විට ලෝකයේ අස්සක් මුල්ලක් නෑරම සිදුවන අපරාධයක් ලෙස sex traficking ලිංගික ශ්‍රමික ජාවාරම හැදින් විය හැක .  එසේත් නැත්නම් systemic rape for profit ලෙසද අර්ථ ගැන්විය හැකිය. මිනිස් ජාවාරමේම කොටසක් වන මෙහි ආකාර දෙකකි. ඒ ලංගික ශ්‍රමිකයන් සැපයීම සහ ලිංගික ශ්‍රමිකයන් සඳහා පවතින ඉල්ලුම යන කොටස් දෙකයි. විශශේෂයෙන්ම කුණු අප්‍රිකානු සහ දකුණු ආසියාතික රටවල වැඩි වශයෙන් මෙසේ ලිංගික සූරා කෑමට කාන්තාවන් වාශ්ඹාය්ම ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස පැහැර ගනී ලිංගික ශ්‍රමිකයන් ජාවාරම වැඩි වශයෙන් සිදු වන රටවල් දෙකක් ලෙස ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය හැඳින්විය හැකිය.

අන්තර්ජාතික කම්කරු සංවිධානයේ දත්ත වලට අනුව ලෝකයේ මේ මෙහෝත වන විටත් මිලියන 4.5ක් ලිංගික ශ්‍රමික ජාවාරම නිසා පීඩනයට පත් වූවන් සිටිති.

මොවුන්ගෙන් බෙහෝමයක් බලහත්කාරයෙන් පැහැර ගත් හෝ දූෂණය කළ තරුණ කාන්තාවන් සහ ගැහැනු දරුවන්ය ..

ඊිට අමතරව පිරිමි දරුවන් සහ තරුණයන් බලහත් කාරයෙන් ලිංගික ශ්‍රමය සූරාකෑම් සිදු කරයි. බොහෝ විට කණ්ඩායම් වශයෙන් සිදු කරන මෙම ජාවාරමේ මූලිකම අවිය වී ඇත්තේ මත් කුඩු සහ මත් ද්‍රව්‍යයි. ඒවාට සිය ගොදුරු ඇබ්බැහි කරවමින් ඔවුන් ව විකිකීම මොවුන්ගේ ජාවාරමේ ප්‍රධානම අංගයකි.

විශේෂයෙන්ම ලෝකයේ වාර්ගික අර්බුධ සහ දරිද්‍රතාව පවතින රටවලින් ගැහැණු දරුවන් පැහැර ගැනීම හෝ ඔවුන්ගේ කැමැත්තෙන් හෝ බලකිරීමෙන් රට තුළ මෙන්ම රටින් පිටතදීද ලිංගික ශ්‍රමිකයන් ලෙස භාවිත කිරීම ට ජාවාරම් කරුවන් කටයුතු කරයි. විශේෂයෙන්ම අද විට බොහෝමයත් අප්‍රිකානු රටවල දරුවන් අතරෙ එච් අයි වී ආසාධිත දරුවන් අදික වීමට හේතු වී ඇත්තේ ලිංගික ශ්‍රමික ජාවාරමයි.

ගැහැණු දරුවන් පමණක් නොව පිරිිිම දරුවන් මෙන්ම සංක්‍රාන්ති ලිංගකයන්ද අද මිනිස් ජාවාරමේ ගොදුරු බවට පත් වී ඇත‍

අද වන විට ලිංගික ශ්‍රමිකයන් ජාවාරමේ අලුත්ම ප්‍රවණතාවක් දැකිය හැකි වෙනවා .ඒ අන්තර්ජාලය ඔස්සේ සිදු කරන ලිංගික වහල් සේවය online sex trafficking  සහ විවිධ ලිංගික චිත්‍රපට ආදියට බලහත් කාරයෙන් සේවය ලබා ගැනීමයි.

මෙම තත්ත්වය ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර අන්තර්ජාලය ඔස්සේ සේවය අවශ්‍ය පුද්ගලයින් සඳහා සේවය සැපයීමට ලිංගික ශ්‍රමිකයන් බලහත් කාරයෙන් යොදා ගනී මේ සඳහා වෙබ් අඩවි පවත්වාගෙන යන ජාවාරම් කරුවෝ ඒ සඳහා මුදල් අය කළ පිරිස් වෙත සිය ශ්‍රමිකයන් බලහත් කරයෙන් යෙදවමින් වෙබ් කැම් ඔසුසේ සේවය ලබා දීමට කටයුතු කරයි.

බලහත් කාරයෙන් විවාහයද ලිංගික මිනිස් ජාවාරමේ තවත් එක් අංගයකි.

දෙදෙනාම හෝ ඒක් අයෙක් බලහත්කාරයෙන් විවාහපත් කිරීම මඟින් මෙම අපරාධය සිදු වේ. අද වන විට බොහෝ දකුණු ආසසියාතික හා ඉස්ලාම් ආගම අදහන රටවල මෙම තත්ත්වය දැකිය හැකිය‍.ඉන්දියාව, ඇඵ්ගනිස්ථානය පාකිස්ථානය මේ සඳහා හොඳම උදාහරණ වෙයි.

ශාරීරික අවයව විකිණීමේ ජාවාරම

මෙයද මිනිස් ජාවාරමේ තවත් එත් ප්‍රධාන අංගයකි. බෙහෝ විට පුද්ගලයන් පැහැර ගැනීමෙන් ඔවුන් මරණයට පත් කර හෝ ඔවුන් ට තර්ජනය කර ශරීර අවයව පැහැර ගැනීමත් ඒවා විකිණීමත් වර්ථමානයේ සුළභව දැකිය හැකි තත්ත්වයකි.

වකුගඩු, අක්‌මාව, පටක, ඇස්‌ ආéය පමණක්‌ නොව මිනිස්‌ හදවත් පවා බද්ධ කළ හැකි තරමට අද වෛද්‍ය විද්‍යාව දියුණුය. එසේම එවන් අවයව බද්ධ කිරීමකින් තොරව ජීවිතය බේරා ගත නොහැකි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාවද දිනෙන් දිනම වැඩි වෙමින් පවතියි. 2013 වසරේ” ඇමෙරිකාවේ පමණක්‌ මෙසේ මිනිස්‌ අවයව බද්ධයක්‌ බලාපොරොත්තුවෙන් උන් රෝගීන් සංඛ්‍යාව 121,272ක්‌ බව වාර්තා විය. අසාධ්‍ය රෝගීන් තම ජීවිතය බේරා ගැනීමේ උවමනාව නිසාම කොතරම් මුදලක්‌ ගෙවා හෝ තමාට අවශ්‍ය මිනිස්‌ අවයවය මිලදී ගන්නට හෝ පෙළඹෙයි. මේ නිසාම මිනිස්‌ අවයව වලට දිනෙන් දිනම සීග්‍රයෙන් ඉහළ යන ඉල්ලුමක්‌ ඇත.

ඉන්දියාව, පාකිස්‌ථානය, ඇෆ්ගනිස්‌ථානය, ඉරාකය, ඉරානය, නේපාලය වැනි රටවල අන්ත දුප්පත් මිනිසුන් ප්‍රමානය වැඩිය. ඉතා අසීරුවෙන් එදා වේල සරි කරගන්නා මේ දුප්පතුන් හට පවුලේ හදිසි අවශ්‍යතාවකට, ණය මුදලක්‌ පියවා ගැනීමට වැනි දේකට මුදල් අවශ්‍යතාවයක්‌ වුවහොත් ලොකු මුදලක්‌ ලබා ගැනීමේ මාර්ගයක්‌ නැත. එවන් අවශ්‍යතාවයන් උදෙසා මෙසේ තම ශරීර අවයවයන් විකිණීමට ඔවුන්ගෙන් ඇතැමුන් පෙළඹෙයි.

මෙසේ බහුලව විකුණනු ලබන මිනිස්‌ අවයව වනුයේ වකුගඩු, අක්‌මාව, පටක, ආදියයි.

ඒ ඒ රටවල දුප්පත් කමේත්, නූගත් කමේත් ප්‍රමාණයට අනුව මේ මිනිස්‌ අවයව වලට ලැබෙන මිල ගණන් වෙනස්‌ වෙයි. යුක්‌රේනය වැනි රටක” පුද්ගලයෙකුට තම වකුගඩුවක්‌ වෙනුවෙන් ඩොලර් ලක්‌ෂ දෙකක්‌ පමණ ලැබෙයි. චීනය වැනි රටක” නම් එය ඩොලර් විසි දහසක්‌ පමණ වෙයි. ඉන්දියාවේ වකුගඩුවක්‌ මිලදී ගන්නා මිල ඩොලර් එක්‌දාස්‌ පන්සීයක්‌ වැනි අඩු මුදලකි. කෙන්යාව වැනි රටකදී එය ඩොලර් හයසිය පනහක්‌ වැනි මුදලක්‌ දක්‌වා පහත බසී.

එහෙත් යම් රෝගියෙකු වකුගඩුවක්‌ මිගලට ගන්නට නම් සිතා ගත නොහැකි මුදලක් වැය කිරීමට සිදු වේ .මෙහාදී වැඩිපුරම මුදලක් ලාභ උපයන්නේ අතර මැදියාය. වකුගඩුවක්‌ අවශ්‍ය කෙනෙකු එය මිලදී ගතයුතු අවම මුදල ඩොලර් ලක්‌ෂ එකහමාරක්‌වත් වෙයි. ඉතා අඩු මුදලකට දුප්පත් රටක අසරණ දුප්පතෙකුගෙන් මිලදී ගන්නා මිනිස්‌ අවයවයන් අධික මිලට පොහොසත් රටවල රෝගීන්ට විකුණා මිනිස්‌ අවයව ජාවාරමේ අතරමැදියෝ ඩොලර් කෝටි ගණනින් මුදල් උපයති.

ජාවාරම්කරුවන් මිනිස්‌ අවයව වෙළඳාමෙන් අධික මුදලක්‌ ඉපයුවද තම අවයව විකිණූ ඇතැම් දුගී පුද්ගලයන්ට ඒ සඳහා පොරොන්දු වුණු අවම මුදල හෝ ලැබෙන්නේ නැති අවස්‌ථාද වෙයි

මී ළඟ කොටසින්

මත් ද්‍රව්‍ය ජාවාරම දහ අවි ජාවාරමට පසු ලෝකයේ වැඩිම ආදායමක් නිෂ්පාදනය වන්නේ මිනිස් ජාවාරම තුළිනි.

Share

Recent Posts

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

4 hours ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

5 hours ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

6 hours ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

6 hours ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

22 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

1 day ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

1 day ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

1 day ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

1 day ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

1 day ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

2 days ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

2 days ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago