සෞඛ්‍ය

පියයුරු පිළිකාව නිට්ටාවට සුවකරගත් ලෝකයේ ප්‍රථම කාන්තාව – ජූඩි පර්කින්ස්

පියයුරු පිළිකාව සහමුලින්ම සුව කර ගැනීමට සමත් වූ ලෝකයේ ප්‍රථම කාන්තාව පිළිබඳමේ වන විට හෙළිදරව් වී තිබේ. ඇය ජූඩි පර්කින්ස් judy perkins නමැති 49 හැවිරිදි කාන්තාවකි.

මුළු ශරීරය පුරාම පැතිරී තිබූ එම පිළිකාව, එනම් advanced තත්වයේ පැවති හෙවත් ශරීරය පුරාම පැතිරී තිබූ එම පිළිකාව ඇය සුවකරගෙන තිබුණේ තමන්ගේම ශරීරයෙන් උපන් ප්‍රතිශක්තිකරණය මගින් වීම මෙහි විශේෂත්වයයි.

මෙය සිදුකර තිබෙන්නේ මේ කාන්තාවගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල, පිළිකා ගැටිති සමග සටන් කර ඒවා පැරදවිය හැකි ලෙස වැඩිදියුණු කිරීම මගිනි. එසේ ඇගේ ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ දැමීම සඳහා විශේෂ වෛද්‍ය ක්‍රමයක් අනුගමනය කර තිබේ.

වෙනත් බොහෝ පිළිකා රෝග මෙන්ම පියයුරු පිළිකාව ද සැලකෙන්නේ සහමුලින්ම සුව කළ නොහැකි, එහෙමත් නැතිනම්, ‘මුලිනුපුටා දැමිය නොහැකි‘ රෝගී තත්වයක් ලෙස ය. ඒ සඳහා භාවිතා කරන සම්ප්‍රදායික පිළිකා නිවාරණ ක්‍රමවේදයන් වන කීමෝතෙරපි හෙවත් රසායනික චිකිත්සාව වැනි ක්‍රම මගින් නිරෝගී සෛලවලට ද හානි සිදුවන අතර, පිළිකා සෛල සියයට සියයක් මර්දනය වන අවස්ථා ද පවතිනුයේ ඉතා අඩුවෙනි. ජූඩි පර්කින්සන් තමන්ගේම ශරීරයේ ප්‍රතිශක්තිකරණ බලයෙන් එම සියලු ප්‍රතිකාර ක්‍රම පදරවා පිළිකාව නිට්ටාවටම සුව කර ගැනීම, වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්වන්නේ එනිසා ය.

ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේ ජීවත් වන ඉංජිනේරුවරියක් වන ජූඩි, මෙම රැඩිකල් නව ප්‍රතිකාර ක්‍රමවේදය තෝරාගත්තේ සාමාන්‍ය කීමෝතෙරපි ප්‍රතිකාර වට කිහිපයකින් පසුව සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවූ තැන ය. ඇගේ දකුණු පියොවුරේ පිළිකා ගැටිත්තක් හටගෙන තිබූ අතර, එය ඇගේ අක්මාව සහ සෙසු වැදගත් ඉන්ද්‍රියන් ඇතුළුව ශරීරයේ සෑම තැනකටම පාහේ ව්‍යාප්ත ව තිබිණි. ඇයට ජීවත් වීමට ඉඩ තිබෙන්නේ තව වසර 3 ක් පමණක් බව වෛද්‍යවරු පැවසූහ.

ඇමරිකාවේ මේරිලන්ඩ් හි පිහිටා තිබෙන ජාතික පිළිකා ආයතනයේදී අවසන් අත්හදා බැලීම ද කිරීමට ඇය තීරණය කළේ, ජීවිතය පිළිබඳ බලාපොරොත්තු ඒ වන විටත් අත්හැර ගත යුතුව තිබූ නිසා ය. ‘‘මගේ සෞඛ්‍ය තත්වය ඉතාම වේගයෙන් පිරිහෙමින් තිබුණා. පිළිකා ගැටිත්ත ස්නායුවකට තෙරපීම නිසා මා සිටියේ දරාගත නොහැකි වේදනාවකින්. මගේ අත දිගේ දිවෙන කැක්කුම පාලනය කර ගැනීමට නම් මා නොසෙල්වී සිටිය යුතු වුණා. මම පිළිකාව සමග සටන් කිරීම අත්හැර දමා තිබුණා..“ යැයි ඇය සිය අතීත අත්දැකීම් සිහියට නගා ගනිමින් පැවසුවාය.

නමුත් මේ වන විට ඇගේ පිළිකා ගැටිතිවලින් අති බහුතරය දිය වී ගොස් ඇති අතර, දිනකට සැතපුම් 40 ක් දුර කඳු නැගීමේ යෙදීමට පවා ඇයට පුළුවන.

සාමාන්‍යෙයන් ප්‍රතිකාර හරහා නිට්ටාවට සුවකිරීමට අපහසු සේ සැලකෙන, අවසන් අදියරේ පවතින පියයුරු පිළිකා, ඩිම්භකෝෂ පිළිකා සහ පුරස්ථ ග්‍රන්ථි පිළිකා යන රෝගවලට ජූඩි පර්කින්ස් සම්බන්ධයෙන් අත්හදා බැලූ ක්‍රමය ඉතා සාර්ථක වනු ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ මත පළ කරති. මේ වන විට ඔවුන් සූදානම් වන්නේ මෙම සොයාගැනීම ආශ්‍රයෙන් විශාල පරිමාණයේ සායනික පර්යේෂණ සිදුකිරීමට ය.

එහිදී, රෝගියාගේ පිළිකා ගැටිත්තේ බයොප්සි පරීක්ෂාවක් සිදුකිරීම මගින් Tumour Infiltrating Lymphocytes හෙවත් TIL ප්‍රතිශක්තිකරණ සෛල වෙන් කරගෙන, ඒවා අතරින් පිළිකා සෛල සමග සටන් කිරීමට වැඩි හැකියාවක් ඇති සෛල වෙන් කර ගනියි. එසේ වෙන්කර හඳුනාගැනීම සිදුකරන්නේ ඒවායේ අඩංගු ප්‍රෝටීනවල සංයුතිය මගිනි. ඉන්පසු එම සෛල බිලියන ගණනක නියැදියක් රෝගියාට එන්නත් කරනු ලබයි. ඒ සමගම පිළිකාවට පහර දීමට යොදාගන්නා සම්මත ඔසුවක් වන Pembrolizumab ද රෝගියා හට ලබාදෙයි. පර්කින්ස් සම්බන්ධයෙන් නම් සති 42 ක කාලයකදී ඇය ඉතාම සුබවාදී ප්‍රතිඵල පෙන්වීමට සමත් වූවාය.

‘‘මම රැකියාවෙන් ඉවත් වී මරණයට සූදානම් වෙමින් සිටියා.. වසර 2 ක් තිස්සේ පිළිකාව සමග කළ සටනින් පසු මා ජීවිතය ගැන සියලු බලාපොරොත්තු අත්හැරගෙන සිටියා..“ ජූඩි පර්කින්ස් සිහිපත් කරයි. ‘‘මේක හාස්කමක් වගේ දෙයක්.. සිදුවුණු දේ මටවත් සිතාගන්නට බැහැ..“ යැයි ද ඇය තවදුරටත් පවසන්නීය.

 

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

6 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

8 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

8 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

9 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

9 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

23 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago