කාලීන

සෙල්ෆි ඡායාරූප නිසා වැළ‍ඳෙන selfie dysmorphia

සෙල්ෆි ඡායාරූප අද වන විට මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම මිනිස් ආකල්පද පමණක් නොව ජීවිතයේ අවධානම් කෙරෙහිද ඇති කර ඇති බලපෑම අති විශාලය.
මේ කියන්නට යන්නේ වෙනමම ආකාරයකි.

සෙල්ෆි නිසා සමාජ මාධ්‍ය තුළ ඉස්මතු වී ඇති චරිත මේ වන විට දහස් ගණනක් සුප්‍රසිද්ධ චරිත බවට පත්ව තිබේ.

සෙල්ෆි ගැනීමට භාවිත කරන ඇතැම් ඇප්ස් මගින් සිය මුහුණේ ස්වභාවික පෙනුම පෙන්ම සැබෑ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සමාජ මාධ්‍ය ජාලයන්ට ඡායාරූප මුදා හැරීම නිසා අද ප්ලාස්ටික් සැත්කම් ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ට විශාල අභියෝග එල්ල වී ඇති බව පැවසේ.

Mandatory Credit: Photo by Tyler Boye/WWD/REX/Shutterstock (5600260sh) Oscar statuette Vanity Fair Oscar Party, Los Angeles, America – 28 Feb 2016

එය දෙයාකාරයකිනි සෙල්ෆි ඡායාරූප නිසා සමාජ මාධ්‍ය ජාලා තුළ සුප්‍රසිද්ධ චරිත මෙන් මුහුණ වෙනස් කර ගැනීමට පැමිණෙනන කාන්තාවන් සහ ඡායාරූප ගැනීමට භාවිත කරන ඇප් භාවිතයෙන් සකසන ලද සිය මුහුණ සේ සැබෑ මුහුණ වෙනස් කර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ය.

මෙහිදී බෙහෝ සමාජ මාධ්‍ය වල සුප්‍රසිද්ධ චරිත වලට පැන නැගී ඇති ගැටළුව වන්නේ තමන් විසින් පල කරන ඡායාරූප වලට වඩා තමන් ගේ මුහුණ හාත් පසින්ම වෙනස් වීමය. ප්‍රසිද්ධ වීමත් සමග පෝදු සමාජයට යන්නට මේ චරිත වලට සිදු වේ. තම සැබෑ මුහුණට හා පෙනුමට ඔවුන් වෛර කරන්නේ එතැන් සිටය.

Selfie dysmorphia තත්ත්වය නමින් වෛද්‍ය වරු මෙවැනි තත්ත්වයන් හදුන් වයි.
පසුගියදා පල කළ US medical journal හී පළ වූ වාර්ථාවක සදහන් වූයේ ඡායාරූප ගැනීමේ ඇප්ස් ඔස්සේ සංස්කරණය කරන ලද පුද්ගල මුහුණු වෙනස් කර ගැනීම මානසික රෝග තත්ත්වයක් වන body dysmorphic disorder (BDD) තත්ත්වය ඇති කරවන බවයි. එහිදී පුද්ගලයන් තම සැබෑ මුහුණුවරේ අඩුපාඩු පිළිබද පසුතැවෙන්නට පටන් ගනී.

මිනිසුන් මෙතරම් සෙල්ෆි ඡායාරූප ගන්නේ ඇයි යන්න පිළිදව 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණයකින් පැහැදිලි වූයේ අපමණ ලෙස සෙල්ෆි ගැනීමේ වුවමනාව “selfitis” තත්ත්වය නමින් හදුන්වන බවයි. ඇතැම් අය සිය සංස්කරණය කළ ඡායාරූප පොදුවේ බෙදා ගැනීමට කැමැත්තක් ඇති අතර තවත් අය සිය ඡායාරූප කිසිවකු වෙත නොපෙන්වා තමන්ම තම රූපය විවිධ අයුරින් රස විදීම යන තත්ත්වයන දෙක මෙහිදී නිර්මාණය වෙයි.අද වන විට සමාජ මාධ්‍ය විසින් සැබෑ ලෝකයේ නොමැති තත්ත්වයන් ඉස්මතු කරමින් සිටින අතර පුද්ගලයින් සම්බන්ධවද සැබෑ පුද්ගලයා යටපත් කර ඇති බව මෙම අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි. සාමාන්‍ය තත්ත්වයන් තුළින් යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ඇතිවීම ලෙසද මෙම තත්ත්වය පෙන්වා දෙයි. එනම් සැබෑ ලෝකයේ නැති දෙයක් අපේක්ෂා කිරීමට මිනිසුන් පෙළඹවීමය.
American Academy of Facial Plastic and Reconstructive Surgery ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයකින් පෙන්වාදෙන්නේ සෙල්ෆි ඡායාරූප මෙන් සිය මුහුණු වල සැත්කම් සිදු කර ගැනීම සදහා සිය ආයතනය වෙත පැමිණි පුද්ගලයන්ගෙන් 58% ක්ම සිය මුහුණ වෙනස් කර ගැනීමේ හේතුව ලෙස දකින්නේ සෙල්ෆි ඡායාරූප වල සිය මුහුණ සැබෑ මුහුණට වඩා ලස්සන යැයි සිතීමයි.
එමෙන්ම අද වන විට මිනිස් මුහුණේ නැති ඇතැම් ඇප්ස් මගින් නිර්මාණය කරන ලද ඇතැම් කොටස් සිය මුහුණේ තිබුණානම් යැයි සිතන පිරිසක්ද අද වන විට බිහි වී ඇතැයි සමීක්ෂන පෙන්වා දෙයි.

Share

Recent Posts

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

4 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

5 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

6 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

7 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

7 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

21 hours ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

1 day ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

1 day ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

1 day ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

1 day ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

1 day ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

1 day ago

G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් දැඩි තීරණයක!

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…

2 days ago