පරිසර

බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාවට ළඟා වේ; ගංවතුර අවදානම් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙරිල් සුළි කුණාටුව පසුගිය දින කිහිපය පුරා කුඩා කැරිබියන් දූපත්වල විශාල විනාශයක් සිදු කිරීමෙන් අනතුරුව මේ වන විට ජැමෙයිකාව දෙසට ගමන් කරන බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය(NHC) නිවේදනය කර තිබේ.

හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස හඳුනා ගෙන ඇති බේරිල් කුණාටුව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 10 දෙනෙකු මියගොස් නිවාස 8,000කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය වාර්තා කළේ, කුණාටු අක්ෂි බිත්තිය ජැමෙයිකාවේ දකුණු වෙරළ තීරයට පහර දෙන බවත්, පැයට සැතපුම් 140 (පැයට කිලෝමීටර 225) පමණ සුළං තත්වයන් හා අධිල වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජැමෙයිකාවේ ආපදා සුදානම් සහ හදිසි කළමනාකරණ කාර්යාලය විසින් අවදානමට ලක්විය හැකි පදිංචිකරුවන් මෙන්ම ගංවතුර අවදානම් ප්‍රදේශවල සිටින අයට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති අතර මධ්‍යස්ථානයට අනුව Grand Cayman, Little Cayman සහ Cayman Brac සඳහා සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ. හයිටියේ දකුණු වෙරළ තීරය සහ යුකැටන්හි නැගෙනහිර වෙරළ තීරය සඳහා සුළි කුණාටුවක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ වන විට සුළි කුණාටුවෙන් ජිවිත බේරා ගැනීමේ පරමාර්ථ ඇතිව ජැමෙයිකානු අග්‍රාමාත්‍ය ඇන්ඩෘ හොල්නස් රට පුරා හදිසි ඇඳිරි නීති තත්වයක් නිකුත් කිරීමෙන් පසු දිවයිනේ ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමා ඇති අතර වීදි බොහෝ දුරට හිස්ව පවතියි.

බෙරිල් යනු 2024 අත්ලාන්තික් වාරයේ පළමු සුළි කුණාටුව වන අතර Saffir-Simpson අදියර පහක පරිමාණයෙන් ඉහළම කාණ්ඩයට ළඟා වූ වාර්තාගත මුල්ම කුණාටුවයි. එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කර ඇත.

Share

Recent Posts

ටයිටැනික් හා ඇවටාර් සිනමා නිෂ්පාදක ජෝන් ලැන්ඩෝ මිය යයි

විශිෂ්ට නිෂ්පාදකයෙකු සහ විශිෂ්ට මිනිසෙක් අප හැර ගොස් ඇත. - ඩේවිඩ් කැමරන්

4 hours ago

බ්‍රිතානයේ නව අගමැති සරණාගතයන් රුවන්ඩාවට පිටුවහල් මතභේදාත්මක සැලැස්ම නවතා දමයි

ස්ටාමා, ටෝනි බ්ලෙයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍ය ඉතිහාසයේ විශාලතම පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගනිමින් බලවත්ම බ්‍රිතාන්‍ය නායකයා…

5 hours ago

ජෝන් සීනා WWE වේදිකාවෙන් විශ්‍රාම ගනියි

සීනා විශිෂ්ටතම වෘත්තීය මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස සලකනු ලබන අතර 2001 හි WWE හා සම්බන්ධ වීමෙන්…

6 hours ago

වසර 09කට පසු මෝදි රුසියාවට!

න්දීය අග්‍රාමාත්‍යවරයා අවසන් වරට රුසියාවේ සංචාරයක නිරතවී ඇත්තේ 2015 වසරේදී බව සඳහන් වේ.

7 hours ago

Keir Starmerගේ අලුත්ම තීරණය!

වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි…

9 hours ago

බටහිර යුක්‍රේනයේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙක් ජීවිතක්ෂයට!

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියැදුරන් දෙදෙනා බවයි.

10 hours ago

යුරෝපා සංගමේ විරෝධය නොසලකා හංගේරියාවේ ඕර්බන් රුසියාවේදී පුටින් හමුවෙයි

පුටින්ගේ සමීපතම යුරෝපීය නායකයා ලෙස සැලකෙන ඕර්බන්, යුක්රේනය සඳහා මූල්‍ය සහ මිලිටරි ආධාර සහ රුසියාවට…

1 day ago

සුඩානයේ සිවිල් යුද්ධයේදී RSF අපරාධ සම්බන්ධයෙන් බොහෝ රටවල් නිහඬව සිටින බව සුඩානයේ හමුදා ප්‍රධානියා පවසයි

ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (IPC) ප්‍රකාශ කළේ යුද්ධය නිසා සුඩාන ජාතිකයන් 755,000ක් පමණ ව්‍යසනයට…

1 day ago

පෙසෙෂ්කියන් ජන්ද මිලියන 16.3,ක් ලබා ගනිමින් ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වේ

ඒ අනුව, ජාත්‍යන්තර හුදකලාව, අභ්‍යන්තර අතෘප්තිය, ආර්ථික උද්දමනය මෙන්ම ඊශ්‍රායලය සමඟ සෘජු ගැටුමක අපේක්ෂාවකට මුහුණ…

2 days ago

ස්ටාමා සිය නව කැබිනට් මණ්ඩලය නම් කරයි

ස්ටාමා අද පෙරවරුවේ නව කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිත වේ.

2 days ago

බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් කම්කරු පක්ෂයට අමතක නොවෙන ජයක්!

සටහන - පුන්සරා ලියනගේ ජූලි 05,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):ශ්‍රීමත් කීර් ස්ටාර්මර් මහ මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයග්‍රහණය…

2 days ago

පරාජය වේදනාවක්,රිෂී සුනක් පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලයි!

කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්.

2 days ago

යුරෝපය බලා ගිය සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යාමෙන් පුද්ගලයන් 89 දෙනෙකු ජීවිතක්ෂයට

යුරෝපයට යන ගමනේ දිග නිසා අත්ලාන්තික් සාගරය හරහා ගමන් කිරීම ඇදහිය නොහැකි තරම් භයානක වේ.

3 days ago

ටොරිවරු අන්ත පරාජයකට මුහුණ දේ; ස්ටාමා අගමැති වීමට නියමිතයි

ඒ අනුව, ශ්‍රීමත් කියර් ස්ටාමා කම්කරු මන්ත්‍රීවරුන් 410ක් සමඟ අගමැති වනු ඇත.

3 days ago