කාලීන

චීනයට හා ඉතාලියට පසු මීලග කොරෝනා HOT SPOT එක ඉන්දියාවද?

ලොව වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යයන් අතර ඉන්දියාව ද සිටින්නේ ඉදිරියෙනි.ඉන්දියාවේ සමස්ථ ජනගහණව බිලියන 1.3කි.  මේ වන විට කොරෝනා රෝගය ව්‍යාප්ත වූ රාජ්‍යයක් වන ඉන්දීය සෞඛ්‍ය අංශ වාර්ථාවන්ට අනුව 166 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්ථා වන අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

නමුත් වොෂිංටන් පදනම් කරගත් රෝග, ආර්ථික හා ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රාමනන් ලක්ෂ්මනාරායන් පවසන්නේ කොරෝනා වසංගතය මීලගට මරස්ථානනය විය හැක්කේ ඉන්දියාව බවයි.

ඉන්දියාව ජනගහණය අධික විශාල භූමි ප්‍රමාණයක් කරා දිවෙන රටක් වීම , ගොඩ බිමි දේශ සීමා හුවමාරු කර ගැනීම ආදී හේතූන් මත පවතින තත්ත්වය බරපත ලෙස වෙනස් විය හැකිය. එමෙන් අධිකතම ජනගහනයක් සිටින මුත් සම්පූර්ණ වශයෙන් සාර්ථක ලෙස බෙදීගිය සෞඛ්‍ය පහසුකම් නොමැති, විවිද මිත්‍යා විශ්වාසයන්ගෙන් සමන්විත රාජ්‍යය වන්නේද ඉන්දියාවයි.

එක්සත් ජනපදයේ රෝගීන්ගේ සංඛ්‍යාලේඛන සහ ඇස්තමේන්තු උපයෝගී කරගනිමින් ඔහු පවසන්නේ , නරකම අවස්ථාවෙහිදී, ඉන්දීය ජනගහනයෙන් 60% ක් ආසාදනය විය හැකි බවයි – එනම් මිලියන 700 ක් හෝ 800 ක් පමණ ජනතාවකි. කෙසේ වෙතත්, අතිමහත් බහුතරයකට එය සුළු වශයෙන් බලපානු ඇති බව ආචාර්ය ලක්ෂ්මනාරායන් මහතා පවසන අතර . ඉතා සුළු ප්‍රතිශතයක් බරපතල ලෙස රෝගාතුර වන අතර ඊටත් වඩා කුඩා ප්‍රතිශතයකගේ ජීවිත අහිමි වනු ඇති බව ඔහු පෙන්වා දෙයි. ඔශුට අනුව ඉන්දියාව තුළ මෙතෙක් හදුනා ගත් නොගත් රෝගීන් සංඛ්‍යාව 10 000 ට ආසන්න සංඛ්‍යාවක් සිටී.

මේ වන විට ඉන්දීය නිළ වාර්ථා වලට අනුව ඉන්දියාව වසංගතයේ දෙවන ස්ථානයේ සිටින බවත් තුන්වන අවධිය කරා ළගා නොවන බව පැවසුවද ආචාර්ය ලක්ෂ්මිනාරායන් පවසන්නේ ඔහු ඒ හා එකග නොවන බවයි. ඔහුට අනුව මේ වන විට ඉන්දියාව තුන්වන අදියර වෙත ලගා වී ඇත. ලෝකයේ අන් රටවල අත්දැකීම් අනුව එවැනි නිගමනයකට එළැඹිය හැකි බව ඔහු පවසයි. ඔහුට අනුව න්දියාව දිනකට පරීක්ෂා කළ යුතු රෝගීන සංඛ්‍යාව 10 000කි . නමුත් මේ වන විට ඉන්දීය රජය පරිකීෂවට ලක් කර ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 11 500ක් පමණක් බව ඔහු චෝදනා කර සිටියි.

ඇති විය හැකි තත්ත්වය සුළු පටු නොවන බව පවසන ඔහු ඒ සදහා ඉන්දීය රජය සෞඛ්‍ය අංශ දියුණූ කරමින් දැඩි පියවර ගත යුතු බව පවසයි.

වෛද්‍ය විද්‍යාව පිළිබඳ උසස් පර්යේෂණ සඳහා ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ හිටපු ප්‍රධානී වෛද්‍ය ටී. ජේකොබ් ජෝන් පවසන්නේ මේ වන විට මුළු සංඛ්‍යාවේ වර්ධනය මන්දගාමී වී ඇති අතර, අපේ‍්‍රල් 15 වන විට “එම සංඛ්‍යාව 10 ගුණයකින් වැඩි වනු ඇති බවයි.

මේ වන විට ඉන්දියාව තුළ වැඩිම සිද්ධීන ගණනක් වාර්ථා වන්නේ මහාරාෂ්ඨ්‍රයෙනි. රෝගීන් 39ක් දෙනා එහි වාර්ථා වන අතර එය හළ නාගරීකරණයක් ඇති ප්‍රාන්තයක් වීම තුල රෝගයේ ව්‍යාප්තිය ඉහළ යනු ඇති බවද අනුමාන කරයි.

මෙම තොරතුරු සැළකිල්ලට ගනිමින් චීනය සහ ඉතාලියට පසු ලොව මීලගට කොරෝනා රෝගීන් වැඩිම පිරිසක් වාර්ථා වන රට ඉන්දියාව ලෙස අනුමාන කළ හැකි බව බොහෝ විශේෂඥයින්ගේ මතය වී ඇත.

එසේ වුවහොත් ඉන්දියාව සමග දේශ සීමා හුවමාරු කරගන්නා ශ්‍රීලංකාවද ඇතුළු සාක් රාජ්‍යයන් සියල්ලද කොරෝනා  වසංගතයේ අවධානම ගැන මීටත් වඩා  අවධානය යොමු කිරීම අනිවාර්යක් වනු නියතය.

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

9 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

15 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

17 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

17 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

18 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

19 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

2 days ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago