කාලීන

‘‘මම තවත් පරම්පරාවක් යුද්දෙට යවන්නෙ නෑ‘‘ : ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්වීම පිළිබඳ ජෝ බයිඩන්ගේ ඓතිහාසික කතාව

ඔහු එහිදී අවධාරණය කළේ අගෝස්තු 31 වන විට ඇමරිකානු හමුදාව සම්පූර්ණයෙන්ම ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් වන බවයි. කෙසේ නමුත් මේ වන විටත් ඔවුන් 90%ක්ම ඉවත් වී හමාර ය. ඔවුන්ගේ ඉවත්වීම පෙර නොදන්වා කළ දෙයක් වීම විසින් ද පසුගිය සතියේ පුවත් මවා තිබිණි.

බයිඩන් ජනාධිපතිවරයා පවසන්නේ සිය හමුදාවේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙසේ එකවරම ඉවත් වූ බව යි. ‘‘මේ සන්දර්භය තුළ ආරක්ෂාව කියන්නේ වේගයයි. අපි වේගයෙන් ඉවත් වුණා. කිසිම සාමාජිකයෙකුට ජීවිත හානියක් සිදු නොවී..‘‘ යැයි ද ඔහු කීය.

ඇෆ්ගනිස්ථානය දිනා ගත්තේද?

‘අනාගතයේ ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධයක් අනිවාර්යයි‘‘ – ‘ස්පයිඩර්‘ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන විශ්‍රාමික මේජර් ජනරාල් ජෙන් ජේම්ස් සීඑන්එන් පුවත් සේවය සමග කියා තිබේ. මේ වන විටත් තලෙයිබාන් හමුදාව ඇෆග්නිස්ථානයේ විශාල කොටසක බලය අල්ලා ගනිමින් සිටින අතර, එය තවදුරටත් ‘ත්‍රස්තවාදයට සෙවණ සදන භූමියක්‘ ලෙස ම පවතිනු ඇතැයි ඔහු එහිදී පෙන්වා දුන්නේය. දිනෙන් දින ලැබෙන විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම ප්‍රකාශය අතිශයින්ම සත්‍යයක් වන බවයි.

මේ සන්දර්භය තුළ ඇමරිකාව ‘ලෝක පොලිස්කාරයා‘ගේ භූමිකාවෙන් ඉවත් වීමක් නිරූපණය වන්නේද?

* * *
2003 වසරේදී එවකට ජනපති ජෝර්ජ් එෆ්.ඩබ්. බුෂ් කුප්‍රකට ‘mission accomplished’ දේශනයක් කළේය. ඔහු මේ කතාව පැවැත්වූයේ ද ඇමරිකානු ගුවන් හමුදා යානාවක ඩෙක් තට්ටුවට නැගීගෙන ය. ‘‘ඉරාකයේ ප්‍රධාන හමුදා මෙහෙයුම් අවසානයි‘‘ යැයි ඔහු එදා කීවේය. ඒ ප්‍රකාශයේ ව්‍යාජත්වය, අවුරුදු 18 ක් ගිය තැන ද ඇමරිකානුවෝ තවමත් මතක් කරති. එදා ජෝර්ජ් බුෂ් එසේ කියන්නේ ඉරාකය 177,000කට අධික ඇමරිකානු භට පිරිසක් ඉරාකය වෙත යවා මාස කිහිපයකට පසුව ය. අනතුරුව ඉරාකය ලෙයින් පෙඟී ගියේය. 2003 අප්‍රේල් 9 වැනිදා සිදුවූ සදාම් හුසේන් ඝාතනය ද ඉරාකයේ නොසන්සුන්කාරී බවේ ආරම්භයක් පමණක් විය.

ජනපතිවරයාගේ කතාවට පෙර ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජෝන් සාකි මෙසේ කියා ඇත.

‘‘අපි මේ සම්බන්ධයෙන් මෙහෙයුම සාර්ථකයි ‘mission accomplished’ මොහොතක් නෙවෙයි මේ ගත කරන්නේ. මේක හමුදාමය වශයෙන් දිනාගත නොහැකි වූ අවුරුදු 20 ක යුද්ධයක්..‘‘ ඔහු එයින් පවසන්නේ මීට පෙර ඇමරිකානු ජනාධිපතිවරුන් විදෙස් රටවල මිනිසුන්ගේ ජීවිත සමග කළ සෙල්ලම මෙවර ඇෆ්ගනිස්ථානයේදී නතර වී ඇති බව ද?

ගතවූ වසර 20 තුළ ඇමරිකානු සොල්දාදුවන් 2,448 දෙනෙක් ඇෆ්ගනිස්ථාන් පස මතදී යුද්ධයෙන් මිය ගොස් තිබේ. 20,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ජෝ බයිඩන් සිය කතාවේදී මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් මෙසේ ද කියයි.

‘‘මම තවත් පරම්පරාවක් ඇෆ්ගනිස්ථානයේ යුද්ධයට යවන්නෙ නැහැ. වෙනස් විදිහෙ ප්‍රතිඵලයක් අපේක්ෂාවෙන් මිසක්..‘‘

‘‘අපි ඇෆ්ගනිස්ථානයට ගියේ ජාතිය ගොඩනංවන්න නෙවෙයි.‘‘

අනතුරුව බයිඩන් කී දෑ ඓතිහාසික ය.

‘‘දැන්, අවුරුදු 20 කට පස්සෙ…. තමන්ගෙ අනාගතය තීරණය කරන එකත්, රට පාලනය කොහොමද කියන එක තීරණය කිරීමත් ඇෆ්ගන් ජනතාවගේ අයිතිවාසිකම සහ වගකීම..‘‘

“And it’s the right and the responsibility of the Afghan people alone to decide their future and how they want to run their country.”

මෙම ප්‍රකාශයත් සමග ජෝ බයිඩන් මීට පෙර සිටි බොහෝ ඇමරිකානු ජනපතිවරුන්ගෙන් වෙනස් වේ. ඔහු තමන් හුදු දේශපාලකයෙක් නොවන බවත්, ඉහළ ගණයේ රාජ්‍ය තාන්ත්‍රකියෙකු බවත් මෙහිදී ප්‍රකට කරයි. ඇමරිකාවේ දීර්ඝතම යුද්ධය නිමා කරමින් බයිඩන් පවසන්නේ ඇෆ්ගන් ජනතාවගේ නිදහසේ තීරකයා ඔවුන් මිස වෙනත් කෙනෙක් නොවන බව යි. එය, ඇෆ්ගන් ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය ඇමරිකාව විසින් පිළිගැනීමකි.

ඇෆ්ගන් යුද්ධයට ගිය ඇමරිකානුවන් ආරක්ෂිතද?

මෙම කාරණය ද බයිඩන් ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වේ. බොහෝ ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි, සිය රට තුළදී ඔවුන්ට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ඇමරිකාවට සිදු වේ. ඒ, තලෙයිබානය කිසිදු ආකාරයකින් මුලිනුපුටා දැමීමට ගතවූ විසි වසර තුළ ඇමරිකාව අසමත් වූ නිසා ය. තලෙයිබාන්, අල්කයිඩා සහ අයිසිස් ඉලක්ක බවට ඇමරිකානුවන් පත් නොකිරීමේ වගකීම තවදුරටත් ඔහු සතු ය.

හයිටියේ ආරක්ෂාව සඳහා ඇමරිකාවේ උදව් ඉල්ලීම සම්බන්ධයෙන් ද බයිඩන් මෙවර අනුගමනය කරන්නේ වෙනස් ප්‍රතිපත්තියක් වීමට ඉඩ තිබේ. ඇමරිකාව නිල වශයෙන් තවමත් එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැත.

මේ අතර, අගෝස්තු 31 දා වන තෙක්ම ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට සිදුවූ අල්පයක් ඇමරිකානුවන් අතර, ඇෆ්ගන් භාෂා පරිවර්තනයන් විශේෂ ය. ඇෆ්ගනිස්ථානය ඉතා වේගයෙන් තලෙයිබානයට නතු වෙමින් තිබේ. කන්දහාර් ඇතුළු පළාත් ගණනාවක් දැනටමත් ඔවුන් විසින් අල්ලාගෙන හමාර ය. ඇෆ්ගනිස්ථානයේ අනාගතය ඇෆ්ගනිස්ථානයට ම තීරණය කරන්නට ඇමරිකාව මෙයට අවුරුදු 20කට පෙර කල්පනා කළා නම්, මේ ප්‍රශ්නය වෙනත් අන්දමකින් විසඳීමට ඉඩ තිබුණා වන්නටත් පුළුවන.

ශුද්ධ වූ බයිබලයේ මතෙව් 22:1-46 හි මෙබඳු වැකියක් අන්තර්ගත ය.

“එසේනම් සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න‘‘!!

පෙර ලිපි

Share

Recent Posts

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

8 hours ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

14 hours ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

16 hours ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

16 hours ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

17 hours ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

18 hours ago

ට්‍රම්ප්ට ඇ. ඩොලර් 9,000 ක දඩයක්!

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…

1 day ago

මයික්‍රොසොෆ්ට් ඉන්දුනීසියාවේ ඩොලර් බිලියන 1.7 ක් ආයෝජනය කරයි

මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…

1 day ago

දකුණු චීනයේ මාර්ගයක් කඩා වැටීමෙන් 19දෙනෙකු මිය යයි

ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.

1 day ago

කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා වෙත රුසියානු මිසයිල ප්‍රහාරයක්!

යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.

2 days ago

CLARA CHIZOBA තැබූ ගිනස් වාර්තාව!

වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…

2 days ago

සිරකරුවන් 118 දෙනකු පැන ගිහින්!

බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…

2 days ago

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනිකන්ද නැවත පුපුරා යයි

ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.

2 days ago

2047 වන විට ඉන්දියාව ලෝකයේ තෙවන විශාලතම ආර්ථික බලවතා බවට පත්වේ

ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.

2 days ago

රෆා ප්‍රහාරය දියත් කරන බවට නෙතන්යාහු සහතික වේ

පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..

2 days ago